සිදිගිය-එරල්-මුහුද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    img


    ඔය රව්ම් කරපු හරිය මැප් එකේ බලන්න ඕක ඉස්සර දුපතක් ඔතන සෝවියට් biological weapon ටෙස්ට් කරපු තැනක්. තාම නටබුන් තියෙනවා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දැන් ඉතින් land rover බස්සල off road කරන්න විතරයි තියෙන්නේ :D මිනිස්සුන්ගේ වැඩ නිසා ලෝකෙට කෙල වෙන දවස වැඩි ඈතක නෙමෙයි :( +6
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පසුගිය වසර 30 ඇතුලත වතුර සිදී ගිය ඇරල් මුහුදේ විස්තරේ
    aral-sea-211.jpg


    ඔය ගොල්ලෝ දන්නවා ඇති මේ ලෝකේ තියෙන සාගර වල ජල මට්ටම ඉහල යන ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. මේ වගේ සාගර වල ජලමට්ටම ඉහල යන්නේ පරිසරයේ උණුසුම වැඩිවීම යන කාරණය මත අයිස් කදු ආදිය දියවීම කියන එකයි මේකට දෙන්න පුළුවන් හොදම පැහැදිලි කිරීම. හැබැයි මේ වගේ සාගර වල ජල මට්ටම ඉහල යන මේ කාලේ,ඒ දේ සම්පුර්ණයෙන්ම අනික් පැත්තට වෙන මුහුදක් ගැනත් අසන්නට ලැබෙනවා. ඒ තමයි කාලය සමග ජලය හිදී යන මුහුදක් ගැන. මේ මුහුද හදුන්වන්නේ ඇරල් මුහුද කියලා. සමහරු අරල් මුහුද/එරල් මුහුද කියලත් මේකට කියනවා. ඉතිං ඔය කියන ඇරල් මුහුද ගැන කෙටි විස්තරයක් තමයි පහල සරල සිංහලෙන් තියෙන්නේ.

    මේ කියන ඇරල් මුහුද පිහිටලා තියෙන්නේ මධ්‍යම ආසියාවේ කසකස්තානය සහ උස්බෙකිස්ථානය කියන රටවල් වලින් වටවෙලයි. ඇත්තටම කිව්වොත් මේක ගොඩබිමෙන් වටවෙලා තියෙන මුහුදක් කියන එක තමයි වඩා නිවැරදි වන්නේ. මොකද මේක වෙනත් සාගර සමග සම්බන්ධයක් නැති නිසා.

    ඉතිං මේ කියන ඇරල් මුහුද ඇති උනේ මේ ප්‍රද්ශයේ භුමිය මිට අවුරුදු ලක්ෂ 50 කටත් වඩා ඉස්සර කලෙක මුහුද මට්ටම වඩා පහතට ගිලා යාම බවයි දැනගන්නට තියෙන්නේ. මේ වගේ දේවල් වෙන්නේ මහා විශාල කදු පන්ති බිහිවීමේදී බවයි විද්‍යාඤයන් කියා දෙන්නේ. කොහොම හරි මේ වගේ මුහුදු මට්ටමට වඩා පහලින් ඇති උන භූමියට 'අමු' සහ 'සයිර්' කියන ගංගා දෙකෙන් ආපු ජලය එකතු වෙලා තමයි මේ මහා විශාල ගොඩබිමේ මුහුද ඇතිඋනේ.

    මේ ඇරල් මුහුදේ විශාලත්වය ගැන කියනවා නං ඒක වර්ග කිලෝමීටර 68,000 ක් විතර වෙනවා. මේ භුමි ප්‍රමාණය ගැන කියනවා නං මේක අපේ රටේ භුමි ප්‍රමාණයත් වඩා චුට්ටක් විශාලයි. මොකද අපේ රටේ භුමියේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,000 ක් වගේ වෙනවනේ.

    මේ කියන ඇරල් මුහුදේ ගැඹුරුම ස්ථානය මීටර් 68 ක් විතර වෙනවා කියලයි කියන්නේ. එ වගේම මෙහි ජලයේ ලුණු සාන්ද්‍රණය 1% ක් විතර වෙනවා.

    ඉස්සර, කියන්නේ 1800 ගණන් වල මැද භාගේ ඉදලම මේ මුහුදේ නාවික යාත්‍රා එහෙම ගමන් කරන්නත් පටන් ගෙන තිබුනා. එ කාලේ මේක අයිතිවෙලා තිබුනේ රුසියාවට. කොහොම හරි පස්සේ කාලේ, 1950 න් පස්සේ වාගේ මේ මුහුදට මහා නරක කාලයක් උදාවෙනවා. මොකද මේ මුහුද තිබුන ප්‍රදේශයේ අයිතිය රුසියාවට අහිමි වෙලා උස්බෙකිස්ථානයට සහ කසකස්තානයට හිමි වෙන්නේ එ කාලේ.

    උස්බෙකිස්ථානය තමයි ලෝකෙට අවශ්‍ය කපු නිපදවන ප්‍රධාන රට. ඉතිං මේ අය කරන්නේ මේ ඇරල් මුහුදට ජලය සැපයෙන 'අමු' සහ 'සයිර්' කියන ගංගා දෙක හරස් කරලා ඒවායේ ජලය ගොවිතැන් වලට සහ 'කපු' නිෂ්පාදනයට ලබාගන්න එක.

    මේ නිසා මේ ඇරල් මුහුද ඉතාම ඉක්මනින් හිදී යන්න පටන් ගන්නවා. කොටින්ම කිව්වොත් 1960 දී මේ මුහුදේ තිබුන ප්‍රමාණයෙන් 90 % ක්ම දැන් හිදිලා ගිහිල්ලා ඉවරයි. තව අවුරුදු 20 ක් විතර යද්දී මේ ඇරල් මුහුදේ ඉතිරි වෙලා තියෙන ජලය ටිකත් හිදිලා ගිහිල්ලා මෙතන වැලි වලින් පිරුණු කාන්තාරයක් ඉතුරු වෙයි කියලයි විද්‍යාඤයන් කියන්නේ.

    කොහොම උනත් මේ මුහුද සිදී යාම නිසා ඉතිරව ඇති භුමි ප්‍රමණයේ වගා කටයුතු සදහා යොදා ගන්න පුලුවන්ද කියලත් විවිද සංවිධාන හොයා බැලුවා. ඒත් ඒවාත් අසාර්ථක උනේ මේ භුමියේ තියෙන ලුණු ගතිය නිසයි.

    පහලින් තියෙන්නේ මේ ඇරල් මුහුදේ ජායාරුප කිහිපයක්.


    1)
    ඔය පහලින් තියෙන චන්ද්‍රිකා ජයාරුපයෙන් පෙන්නේ පසුගිය වසර 30 ඇතුලත මේකේ ජල මට්ටම හිදී ගොස් තියෙන විදිය තමයි.

    AralSea1989_2014.jpg



    2) ජලය හිදී යෑම නිසා අත්හැර දමා ඇති නැව් සහ බෝට්ටු.

    aral-sea-tours-2.jpg


    Land-Rover-Discovery-at-ARAL-sea.jpg


    6_aral_sea_boat_cemeter_50f.jpg


    image124.png


    hulk_aral_sea.jpg


    KASACHSTAN-CICHOWICZ-7017.jpg


    Ships%20lie%20abandoned%20Aral.jpg


    3) එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කල්පනා කරන්නේ මේ මුහුද රැකගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ බැංකිමූන් මහතා මේක බලන්න ගිය අයුරු.

    article-1263516-0900846D000005DC-347_634x388.jpg


    4) මියගොස් ඇති ජලජ ජීවින්..

    aral-sea-dead-fish_16956_600x4501.jpg


    p957489951-3.jpg


    5) ජලය හිදී යෑම නිසා ඉතිරිව ඇති කාන්තාරය.

    Aral-Sea-Uzbekistan.jpg


    මම ඉන්ටනෙට් එකේ කියවපු ලිපි කිහිපයක සරල සිංහල පරිවර්තනය ඇසුරින් තමයි මේ ලිපිය සකස් කරලා තියෙන්නේ. එකෙන් ඔයාලා නොදන්නා දෙයක් දැන ගත්තා නං ඒක මට සතුටක්.

    -මගේ වෙනත් ලිපි-

    1)
    නිදාගෙන ඉන්න මිනිස්සු වෙතට පැමිණෙන ලේ උරාබොන යක්ෂණියන් සහ පිටසක්වල ජීවින් ගැන ඇත්ත කතාව

    Good post putha...
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ගිලුන නැව් වල බඩු එහෙම නැද්ද දන්නෑ නේ ;);)