- හෙට උදෑසනම මහින්ද ගේ අස්වීම පිළිගත් බව ගෝඨා විසින් නිවේදනය කලයුතුය.
- වහාම පාර්ලිමේන්තුව රැස් වී අනුර කුමාර දිසානායක අගමැති වශයෙන් පත් කරගත යුතුය. (පවතින තත්වය පාලනය කරගත හැක්කේ ඔහුට පමණි )
- පාර්ලිමේන්තුවේ දැනට පවතින නියෝජනයට සමානුපාතික වන පරිදි සියළු පක්ෂ වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 110 දෙනෙකු ඉල්ලා අස් විය යුතුය.
- ඒ වෙනුවට අනුර කුමාර හෝ ජාතික ජන බලවේගය නම් කරන සාමාජිකයන් 110 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කල යුතුය. (මෙය හුදෙක් අර්බුධ අවස්ථාවේ ඇති පිළියමක් ලෙස මිස ඉදිරියේදී ආදර්ශයක් කර ගැනීමෙන් වැලකිය යුතුය. මැතිවරණ කොමිසම විසින් මීට එරෙහිව පවතින නීතීමය තත්වය ඉවත් කොට හෝ නොසලකා හැර අනුර කුමාරට 110 දෙනෙකු පාර්ලිමේන්තු ගෙන ඒමට ඉඩ දිය යුතුය. මෙය සතියක් ඇතුලත සිදු විය යුතුය. )
- ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතුය. නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් විය යුතුය. (නැවත වරක් තවත් සාමාජිකයෙකු ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් විය යුතුය. )
- අරගලය නිමාකරමින් සියළු පාර්ශව අනුර කුමාරට සහයෝගය දිය යුතුය.
- 21 වෙනි සංශෝධනය සම්මත කර ගත යුතුය. (මාසයක් ඇතුලත.)
- විධායක ජනාධිපතිධූරය අහෝසී ක්ල යුතුය. (මාස දෙකක් ඇතුලත.)
