හසීනා පාකර් ගැන අප රටේ ඇතැම් දෙනෙක් අසා ඇතිමුත් බොහෝ දෙනකුට එය නුහුරු නුපුරුදු නමක්. බොහෝ දෙනෙක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇති කුමක් හෝ හැකියාවක් හෝ දක්ෂතාවක් හේතුවෙන් වුවත් හසීනා පාකර් ප්‍රසිද්ධ වන්නේ එවන් දෙයක් හේතුවෙන් නම් නොවේ. ඒත් ඈ ගැන ඉන්දියාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය පාතාල කල්ලි නායිකාවක යැයි කීවිට මෙම ලිපිය කියවන ඔබ පුදුම වනු ඇත.
හසීනා පාකර් හා ඩාවුඩ් ඊබ්‍රාහිම්- mumbailive.com
1976 පමණ වන විට ඇයගේ සහෝදරයන් දෙදෙනකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම් හා ශබීර් ඊබ්‍රාහිම් මුම්බායි නගරය කේන්ද්‍ර කරගනිමින් විවිධ නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ ව සිටිය හ. පාකිස්තාන ජාතිකයන් අත තිබූ රත්‍රං ජාවාරම ඔවුන් යටතට පත් කර ගනිමින් බොම්බාය තුළ පාතාල ලෝකය ඉහළට ම පැමිණිමට සහෝදරයන් දෙදෙනා සමත්වූ අතර ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එමගින් උපයා ගන්නට ද ඔවුහු සමත් වූහ.
හසීනා 1980 දී ඉස්මයිල් පාකර් යන කඩවසම් ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූ අතර ඒ හේතුවෙන් ඇයට පුතුන් දෙදෙනකු හා දූවරුන් දෙදෙනකු ලැබිණි. ඇය සිය සැමියා සමඟ සාමාන්‍ය ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළා ය. ඇය සිය සහෝදරයන් ගෙන් කිසිම උපකාරයක් බලාපොරොත්තු නොවූයේ ඇයගේ සැමියා ඒ සම්බන්ධ විරෝධය පෑම හේතුවෙනි.
ඩාවුඩ් ඊබ්‍රාහිම් ඩුබායිහි දී - outlookindia.com
හසීනා පාකර් විසූ ගෝල්ඩන් හෝල් නිවාස සංකීර්ණයේ නාග්පාද නිවස -dnaindia.com
1993 මාර්තු දොළොස් වැනි දින මුම්බායිහි සිදු වූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරීම්වලට ඩාවුඩ් ඊබ්‍රාහිම් සැකකරුවකු ලෙස ඉන්දියානු අපරාධ අංශය සැක කළ අතර ඒ හේතුවෙන් මාසයක් පමණ යන තුරු පොලිසිය හා අපරාධ විමර්ශන අංශය ඉදිරිපිට පෙනී සිටීමට හසීනා පාකර්ට සිදු විය. එසේ සිදු වූයේ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඇයගේ සහෝදරයා වූ බැවිනි. ඒ හේතුවෙන් ඇය පොලිසියේ දී හා සමාජය තුළ අපවාදයට ලක් වූ අතර ජනමාධ්‍ය තුළින් ඇය මුළු ඉන්දියාව තුළ ම හසීනා පාකර්ගේ නම ප්‍රසිද්ධ විය.
එම නිසා ඇය "ආපා"(අක්කා) යන අනුවර්ත නාමයෙන් හැඳින්විණි. ජනතාවගේ මුදල් අයුතු ලෙස අවභාවිත කළ බොහෝ ව්‍යාපාරිකයන් ඇය ගේ මෙම බලය ඉදිරියේ බිය විය. ඇය සිය සහෝදරයාගේ ඉන්දියාවේ පිහිටි ව්‍යාපාරවලට පිවිස එමගින් විශාල අයුතු මුදල් ප්‍රමාණයක් උපයා ගත් බව ද සැළ ය. ඇයගේ සියලු ම ව්‍යාපාර සිය වැඩිමහල් පුතා වන දනේෂ් පාකර් මෙහෙයවී ය.
හසීනා 2007 දී උසාවියේ පෙනී සිටිමින් - gettyimages.com
2006දී මුම්බායි සිට ගෝවහි අධිවේගී මාර්ගයක දී සිදු වූ රිය අනතුරකින් හසීනා පාකර්ට ඇයගේ වැඩිමහල් පුතු වූ දනේෂ් පාකර් අහිමි විය. 2007 වන විට ඇයගේ නමට නඩු අසූ අටක් තිබූ අතර ඇය උසාවියේ පෙනී සිටියේ එක් වරක් පමණි. එම නඩු සඳහා සාක්ෂි නොමැති වූයෙන් ඇය මිය යන තෙක් වැරදිකාරියක නොවූවා ය.
හසීනා පාකර් ගේ අවමංගල්‍ය උත්සවය - mid-day.com
හසීනා පාකර්ගේ සහෝදරයා වූ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඉන්දියානු පොලිසියට පමණක් නොව අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනයට ද අවශ්‍ය අපරාධකරුවෙක් විය. ඔහු කොළොම්බියා හි සිටි ප්‍රබල අපරාධ කල්හි නායකයකු වූ පැබ්ලෝ එස්කොබාර්ට පසු බිහි වූ ප්‍රබල අපරාධ කල්ලි නායකයා බවට සැලකේ. එපමණක් නොව 2010 දෙසැම්බර් මස 26 වන දින ෆෝබ්ස් සඟරාව ලොව ප්‍රබල ම පුද්ගලයන් අතර හතළිස් හත් වන ස්ථානයට ඩාවුඩ් ඊබ්‍රාහිම් නම් කර තිබිණි. ඔහු අදට ද පාකිස්තානයේ කරච්චි නුවර තම අනන්‍යතාව වෙනස් කර ගෙන ජීවත් වන බව පැවසේ.
හසීනා පාකර් චරිතය පාදක වූ සිනමා පටයක් ද ඉන්දීය රිදී තිරය පසු කලක වර්ණවත් කළේ ය. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ශ්‍රද්ධා කපූර්, සිද්දන්ත් කපූර් සහ අන්කුර් භාටියා ය. අපූර්වා ලඛියා අධ්‍යක්ෂණය කළ එම සිනමා පටය නහිඩ් ඛාන් නිෂ්පාදනයක් ලෙස 2017 සැප්තැම්බර් 22 වැනි දා එළි දැක්විණි.
හසීනා පාකර් චරිතය පාදක ව නිම වූ සිනමා පටයේ පෝස්ටරයක් - www.bollywoodlife.com
මූලාශ්‍ර: roar media
උපතේ සිට මුල් ජීවන අවධිය
හසීනා පාකර් 1959 දී මෙලොව එළිය දකින්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ මුන්කා ග්‍රාමයේ සාමාන්‍ය මුස්ලිම් පවුලක ය. ඇය දොළොස් දෙනකුගෙන් යුතු පවුලේ හත් වැනියා වූවා ය. ඇයට සහෝදරියන් තිදෙනකු හා සහෝදරයන් අට දෙනකු විය. ඇයගේ පියා ඉබ්රාහිම් කස්කර් පොලිස් නිලධාරියෙකි. මව අමීනා බායි වූවා ය. පියාගේ රැකියාව හේතුවෙන් ඇයගේ පවුලට බොම්බායට පැමිණීමට සිදු විය. හසීනා පාකර්ට අවුරුදු දාහතක් පමණ වනතෙක් ඇයගේ ජීවිතය ගෙවී ගියේ සාමාන්‍ය ලෙසට ය. ඇගේ පියා 70-80 දසකය තුළ ඔහු සේවය කළ පොලිසිය තුළ හා නගරය තුළ හොඳ නමක් මෙන් ම නිකැළැල් සේවයක් හිමි නිලධාරියකු ද විය.
හසීනා පාකර් හා ඩාවුඩ් ඊබ්‍රාහිම්- mumbailive.com
1976 පමණ වන විට ඇයගේ සහෝදරයන් දෙදෙනකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම් හා ශබීර් ඊබ්‍රාහිම් මුම්බායි නගරය කේන්ද්‍ර කරගනිමින් විවිධ නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ ව සිටිය හ. පාකිස්තාන ජාතිකයන් අත තිබූ රත්‍රං ජාවාරම ඔවුන් යටතට පත් කර ගනිමින් බොම්බාය තුළ පාතාල ලෝකය ඉහළට ම පැමිණිමට සහෝදරයන් දෙදෙනා සමත්වූ අතර ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එමගින් උපයා ගන්නට ද ඔවුහු සමත් වූහ.
හසීනා 1980 දී ඉස්මයිල් පාකර් යන කඩවසම් ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූ අතර ඒ හේතුවෙන් ඇයට පුතුන් දෙදෙනකු හා දූවරුන් දෙදෙනකු ලැබිණි. ඇය සිය සැමියා සමඟ සාමාන්‍ය ව්‍යාපාර ස්ථානයක් පවත්වා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළා ය. ඇය සිය සහෝදරයන් ගෙන් කිසිම උපකාරයක් බලාපොරොත්තු නොවූයේ ඇයගේ සැමියා ඒ සම්බන්ධ විරෝධය පෑම හේතුවෙනි.
ඩාවුඩ් ඊබ්‍රාහිම් ඩුබායිහි දී - outlookindia.com
ඩාවුඩ් ඊබ්‍රාහිම් ඩුබායි වෙත පලා යයි
1981 පෙබරවාරි දොළොස් වන දින සබීර් ඊබ්‍රාහිම්, අමීර්සාදා පතාන් නම් පාතාල නායකයකු තැබූ වෙඩි පහරකින් ඝාතනය විය. ඊට පළිගැනීමක් ලෙස 1983 සැප්තැම්බර් 6 වන දිනඩාවුඩ් ඊබ්‍රාහිම්, කුලී වෙඩික්කරුවකුගේ මාර්ගයෙන් තම සහෝදරයාගේ ඝාතකයා මුම්බායි හි සිවිල් උසාවියක් තුළ දී ඝාතනය කරවී ය. 1984 දී බොම්බේ හි පොලිස් කොමසාරිස් ඩී එස් සොමන් සිදු කළ පාතාල මර්දනයත් සමඟ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඩුබායි වෙත පලා ගියේ ය. එනමුත් තම යහළුවා වූ කලීද්, හසීනා පාකර්ගේ ආරක්ෂාව සඳහා තබා යන්නට ඔහු වග බලා ගත්තේ ය. ඩාවුඩ් තමන් ඉපයූ නීති විරෝධී මුදල්වලින් ඩුබායිහි දී අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අතර එහි සිට ඉන්දියාවේ නීති විරෝධී ව්‍යාපාර ද මෙහෙයවී ය.පාතාල ලෝකයට පැමිණීම
1992 ව්‍යාපාර ප්‍රශ්නයක් හේතුවෙන් හසීනා පාකර්ගේ සැමියා ඉස්මයිල් පාකර්, අරුණ් ගවුලි කල්ලිය මැදිහත් ව වෙඩි තබා ඝාතනය කර තිබිණි. සිය මස්සිනා ගේ මරණයට පළිගැනීමක් ලෙස එහි ප්‍රධාන සැකකරු වූ අරුණ් ගවුලි මුම්බායි JJ රෝහලේ දී ඩාවුඩ් ඊබ්‍රාහිම් අණ මත ඝාතනය කර තිබිණි. ඩාවුඩ් ඊබ්‍රාහිම් එය ඩුබායි සිට මෙහෙය වූ බව පතල විය. හසීනා පාකර් ඇයගේ සැමියාගේ මරණයෙන් පසු දකුණු මුම්බායිහි ගෝල්ඩන් හෝල් නිවාස සංකීර්ණයේ නාග්පාද නිවසෙහි පදිංචියට පැමිණියා ය. ඇය පාතාල ක්‍රියාවලට අත්පොත් තබන්නේ එහි සිට ය.
1993 මාර්තු දොළොස් වැනි දින මුම්බායිහි සිදු වූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරීම්වලට ඩාවුඩ් ඊබ්‍රාහිම් සැකකරුවකු ලෙස ඉන්දියානු අපරාධ අංශය සැක කළ අතර ඒ හේතුවෙන් මාසයක් පමණ යන තුරු පොලිසිය හා අපරාධ විමර්ශන අංශය ඉදිරිපිට පෙනී සිටීමට හසීනා පාකර්ට සිදු විය. එසේ සිදු වූයේ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඇයගේ සහෝදරයා වූ බැවිනි. ඒ හේතුවෙන් ඇය පොලිසියේ දී හා සමාජය තුළ අපවාදයට ලක් වූ අතර ජනමාධ්‍ය තුළින් ඇය මුළු ඉන්දියාව තුළ ම හසීනා පාකර්ගේ නම ප්‍රසිද්ධ විය.
අයුක්තියට එරෙහි වූ කාන්තාවක් වීම
තම සහෝදරයාගේ බලය, ඇය සතු වූ නායකත්ව හැකියාව හා අයුක්තියට එරෙහි වූ කාන්තාවක් වීම නිසා ඇයට යම් පිළිගැනීමක් ඉන්දීය සමාජය තුළ හිමි විය. දිනපතා ඇය හමු වී ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට විශාල පිරිසක් පැමිණිය හ. ඇය පවුල්, ව්‍යාපාර, ඉඩම් ,දේපළ ආදියට සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර දීමට මැදිහත් වූවා ය.එම නිසා ඇය "ආපා"(අක්කා) යන අනුවර්ත නාමයෙන් හැඳින්විණි. ජනතාවගේ මුදල් අයුතු ලෙස අවභාවිත කළ බොහෝ ව්‍යාපාරිකයන් ඇය ගේ මෙම බලය ඉදිරියේ බිය විය. ඇය සිය සහෝදරයාගේ ඉන්දියාවේ පිහිටි ව්‍යාපාරවලට පිවිස එමගින් විශාල අයුතු මුදල් ප්‍රමාණයක් උපයා ගත් බව ද සැළ ය. ඇයගේ සියලු ම ව්‍යාපාර සිය වැඩිමහල් පුතා වන දනේෂ් පාකර් මෙහෙයවී ය.
හසීනා පාකර්ට තිබු බලය
හසීනා පාකර්ට කොතරම් බලයක් තිබීදයත් නිවාස යෝජනා ක්‍රම යටතේ පැල්පත් වාසීන්ගේ ඉඩම් නැවත සංවර්ධනය කිරීමට අවසර ලබා ගැනීමට ඉදිකිරීම්කරුවන් ඇය සම්බන්ධ කර ගත්තේ ය. බොලිවුඩ් චිත්‍රපටවල රුසියාවේ සහ ගල්ෆ් රටවල ප්‍රදර්ශන අයිතිය පිළිබද සාකච්ඡා සඳහා ද ඇය සහභාගී වූවා ය. එකල දකුණු මුම්බායි සිට බන්දා සහ කූර්ලා ප්‍රදේශ වන තෙක් ඇයගේ අවසරයක් නොමැතිව කිසි ම ඉදිකිරීමක් කළ නොහැකි විය.2006දී මුම්බායි සිට ගෝවහි අධිවේගී මාර්ගයක දී සිදු වූ රිය අනතුරකින් හසීනා පාකර්ට ඇයගේ වැඩිමහල් පුතු වූ දනේෂ් පාකර් අහිමි විය. 2007 වන විට ඇයගේ නමට නඩු අසූ අටක් තිබූ අතර ඇය උසාවියේ පෙනී සිටියේ එක් වරක් පමණි. එම නඩු සඳහා සාක්ෂි නොමැති වූයෙන් ඇය මිය යන තෙක් වැරදිකාරියක නොවූවා ය.
හසීනා පාකර් ගේ අවමංගල්‍ය උත්සවය - mid-day.com
ඉන්දීය රුපියල් මිලියන 5000ක අප්‍රකට වත්කමක්
ඇය පනස් පස්වන හැවිරිදි වියට එළැඹුණු 2014 ජූලි 6 වන දින හෘදයාබාධයකින් මිය ගියා ය. ඇයගේ අවමංගල්‍ය උත්සවයට 25,000 ක පමණ පිරිසක් සහභාගී වූ බව එකල ජනමාධ්‍ය තුළ කියැවිණි. මිය යන විට ඇය සතු ව්‍යාපාර කිහිපයක් තිබුණු අතර බෙනාම් properties ඒ අතර ප්‍රධාන විය. එමගින් ඇය ඉන්දීය රුපියල් මිලියන 5000ක පමණ අප්‍රකට වත්කමක් උපයා ගෙන තිබිණි. 2017 දී හසීනා පාකර් ගේ වත්කම්, ත්‍රස්තවාදය හා විදේශ විනිමය හැසිරවීමේ පනත යටතේ රාජසන්තක විය. 2018 දී ඇයගේ සමහර වත්කම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන බව ඉන්දීය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.හසීනා පාකර්ගේ සහෝදරයා වූ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඉන්දියානු පොලිසියට පමණක් නොව අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනයට ද අවශ්‍ය අපරාධකරුවෙක් විය. ඔහු කොළොම්බියා හි සිටි ප්‍රබල අපරාධ කල්හි නායකයකු වූ පැබ්ලෝ එස්කොබාර්ට පසු බිහි වූ ප්‍රබල අපරාධ කල්ලි නායකයා බවට සැලකේ. එපමණක් නොව 2010 දෙසැම්බර් මස 26 වන දින ෆෝබ්ස් සඟරාව ලොව ප්‍රබල ම පුද්ගලයන් අතර හතළිස් හත් වන ස්ථානයට ඩාවුඩ් ඊබ්‍රාහිම් නම් කර තිබිණි. ඔහු අදට ද පාකිස්තානයේ කරච්චි නුවර තම අනන්‍යතාව වෙනස් කර ගෙන ජීවත් වන බව පැවසේ.