ඒ තාත්තද?
‘ඔන්න මම නං හෙට ඉඳලා ඉස්කෝලෙ යන්නේ නෑ...නෑ... නෑමයි.’ පාසල ඇරී ගෙදර ආ මාපිල් පැටියා බෙරිහන්දි දී හඬන්නට විය.
“ඇයි පුතේ, උඹට කවුරු හරි බැන්නද, ගැහැව්වද එහෙමත් නැත්තං දෂ්ට කළා ද?” මාපිල් මව පුදුමයට පත්ව ඇසුවා ය.
“නෑ... ඒ එකක්වත් නෙමෙයි. විපක්ෂ නායක තුමාගේ කාමරේට රිංගුව මාපිලා උඹලෑ තාත්තා නේද කියල පන්තියේ එවුන් සේරම මට විහිළු කරනවා.” මාපිල් පැටියා හැඬුම් බරව කීවේ ය.
එතකොට මට
“මොකෝ චන්ද්‍රසිරි අද ලොකු සතුටකින් වගෙ...” අරුණ ඇහැව්වේ තම කාර්යාලයට ගොඩ වූ චන්ද්‍රසිරි ගේ මුහුණේ ලොකු සතුටක් ගැබ් වෙලා තිබුණු බවක් පෙනුණු නිසයි.
“ඇයි දැක්කෙ නැද්ද, ඊයෙ පත්තරේක කලා පිටුවේ තිබුණනෙ ‘වරකාගොඩට 60 යි. ඒ වෙනුවෙන් බෝධි පූජාවක් කියල චන්ද්‍රසිරි පිළිතුරු දුන්නෙ ලොකු ප්‍රබෝධයකින්.
“ඉතින් ඒකට ඔය තරං සතුටක් මොකද?” අරුණ විමසුවේ තරමක විමතියෙන්.
“නෑ අරුණ, අවුරුදු 80 ක් සම්පූර්ණ වෙච්චි වරක්ට ඒ නිව්ස් එකේ තිබුණු විදියට 60 ක් නං මට තාම හතළිහයිනෙ චන්ද්‍රසිරි සිනාසෙමින් කිව්වා.
සේවයක් නෙමෙයිද?
මාධ්‍යවේදීන් දෙදෙනකු තම පුවත්පත් කන්තෝරුවේ කොරිඩෝව දිගේ ඇවිද යමින් සිටියෝ ය. ඔවුන්ට මඳක් ඉදිරියෙන් යමින් සිටි තම කාර්යාලයීය සගයකු දුටු අරුණ මෙසේ කීවේ ය.
“පසුගිය කාලෙ හැම ටෙලිනාට්‍යයකම වගෙ ඔය අපේ සේනක පෙනී හිටියනෙ. ඒත් දැන් මිනිහා ඒවයෙ දකින්ඩ නැත්තෙ මොකද?”
“මට හිතෙන්නෙ අලුත් තනතුරේ වගකීම් එක්ක මිනිහට ටෙලිනාට්‍යවල රඟපාන්ඩ වෙලාවක් නැතුව ඇති.”
උපාලි ඉදිරියෙන් ගමන් කරන සේනක දෙස බලා කීවේ ය.
“එහෙමනං මිනිහට ඔය තනතුර දීලා. අපෙ ලොක්කා ටෙලිනාට්‍ය කලාවට මාර සේවයක් නෙ කරලා තියෙන්නෙ” අරුණ සිනාසෙමින් කීවේ ය.
පටලැවිල්ල
දරුවා ලැබීම සඳහා තම දියණිය වාට්ටුවට ඇතුළු කළ නවරත්න, නොඉවසිල්ලෙන් වාට්ටුවේ කොරිඩෝවේ එහෙ මෙහෙ ඇවිදින්නට විය. ටික වේලාවක් යද්දී කුඩා බිලිදෙකු උස් හඬින් හඬනවා වාට්ටුවේ ඇතුළු කාමරයක් දෙසින් ඇසුණේ ය.
ඒ සමඟ ම වාට්ටුවේ සිට කලබලයෙන් එළියට පැමිණි හෙදියක් වෙත වහා දිව ගිය නවරත්න මහත් නොඉවසිල්ලකින් මෙසේ ඇසී ය.
“මිසී දැන් මම සීයා කෙනෙක්ද එහෙම නැත්තං ආච්චි කෙනෙක්ද?”
විදුලි කාන්දුවක් ද?
“අර නාට්‍ය වැඩමුළුවෙන් ඉස්කෝල ළමයින්ට ලොකු සේවයක් වුණා නේද සිරිතුංග.” චන්ද්‍රසිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවූ සිරිතුංග ගෙන් විමසුවේ ය.
“ඔව්... ඔව්... ඒක හොඳ ට ම සාර්ථකයි. හැබැයි අර රංජිත්ගේ සවුන්ඩ්වල නං ලොකු පරහක් තිබුණා. සිරිතුංග බැරෑරුම් ස්වරයකින් කීවේ ය.
“ඇයි එහෙම කිව්වේ? චන්ද්‍රසිරි ඇසුවේ තරමක විමතියකිනි.
“මට නං හිතෙන්නෙ රංජිත්, පෝඩියම් එකට හයි කරලා තිබුණු මයික් එකෙන් කරන්ට් ලීක් එකක් වෙලා තියෙනවා. ඇයි දැක්කෙ නැද්ද අපෙ සඳමාලි මිස් ස්තුති කතාවේදී සට... සට... ගාලා වෙව්ලුවා.” සිරිතුංග කීවේ ය.
මේ අපි වගෙ
‘ගිය ආත්මේ ජන්මාන්තර වෛරක්කාරයන් වෙලා හිටපු අය මේ ආත්මෙදිත් මුණ ගැහෙනවා කියන්නෙ ඇත්තද කරූ?” අමිතා තම සැමියාගෙන් ඇසුවේ කාර්යාලයේදී තම මිතුරියක් කියූ කතාවෙන් සිහිවීමෙනි.
“එහෙම හිටිය අය තමයි ළමයො මේ ආත්මෙදි හුඟාක් වෙලාවට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්නෙ. හරියට මේ අපි දෙන්නා වගෙ” කරූ කීවේ ය.
Source : Silumina Newspaper , Stories by එඩ්වඩ් චන්ද්‍රසිරි