
මේකේ කියන විදියට රුපියල් 1,275 යි සිමෙන්ති කිලෝ පනහා කොට්ටෙක නව මිල. ඒත් මම දැන් ඉදිකිරීම් වැඩකට සිමෙන්ති ඕනි වෙලා දැන් සති තුනක් තිස්සේ සිමෙන්ති හොයනවා.
හාඩ්වෙයාර් වලින් වැලි කියුබ් එකක් ගත්තොත් සිමෙන්ති කොට්ට 3 ක් දෙනවා රුපියල් 1,300 ගානේ.
ඒ ඇරෙන්න රුපියල් 1,500 ට තියා 1,800 ට වත් ගන්න සිමෙන්ති නැහැ.
ඔය වැඩි කරයි කියපු මිල බොරුවක්. රුපියල් 2,000 ට වත් සිමෙන්ති නැහැ ගන්න.![]()
මට සිමෙන්ති කොට්ට 80 ක් ඕනි. සිමෙන්ති කොට්ට දෙක, තුන වගේ අරගෙන දැන් සති තුනක් තිස්සේ සැහෙන්න අමතර මුදල් වැයකරගෙන ඉදිකිරීම් වැඩේ ඇද ඇද කරනවා. තව කොට්ට 40 ක් වගේ ඕනි. ඒත් අදත් හෙව්වා. නැහැ ගන්න.මාත් සල්ලි ගෙව්ව කොට්ට 50කට තාම නෑ බඩු අාවේ..හාර්ඩ්වෙයාර් වලට ඵන්නෙ කොට්ට 25යි ලු..ගෙවල් ළග හාර්ඩ්වෙයාර් ඵකෙන් 5ක් දෙන්නම් කිව්ව..5කින් මොනා කරන්නද