බ්ලොග් ගල් වෙනුවට, පස් ගල් හදන ප්‍රොජෙක්ට් එකක්නං ලොකුවට තිබුණ ඉස්සර...
ඒ ගල බඳින්නත් ලොකුවට බදාම යන්නෙ නෑ. බිත්ති කපරාදු කරන්න ඕනෙත් නෑ.
මතක විදිහට ගල හදන්න 50:1 වගේ හරිම සුළු ප්‍රමාණයක් තමයි සිමෙන්ති භාවිතා වෙන්නෙ... ඊටත් අඩුද මංද...
පස් කම්ප්‍රෙස් කරල තමයි හදන්නෙ. මතක විදිහට, අඟල් 12, අඟල් 4ට කම්ප්‍රෙස් කරනව....
ඒත් ඒව එච්චර ඉස්සරහට ආවෙ නෑ...
ප්‍රඩක්ශන් පටන්ගන්න කරන්න ඕනෙ මූලික වියදම, සිමෙන්ති ගලට වඩා වැඩි නිසා වෙන්න ඇති.
අනික, ඒ කාලෙ හයිඩ්‍රොලික් මැශින් එක වෙනුවට කකුලෙන් පාගන විකාර මැශින් එකක් එළියට දාල තිබුණ. ඒකෙන් ගලේ කොලිටි එකත් බැස්ස, ප්‍රඩක්ශන් එක ලොකුවට කරන්න තියෙන හැකියාවත් නැතිවුණා...
අඟල් 12 අඟල් 4ට බස්සන්න ගන්න ෆෝස් එක කකුලෙන් පාගල ගන්න පුලුවන්ද... ඒ වගේ ගොං වැඩ වලින්, මිනිස්සුන්ගෙ තිබුණ විශ්වාසය නැතිවෙලා ඒ ප්‍රොජෙක්ට් යට ගියා.....