සියනෑවේ පිහිටි අභිරහස් උමං
සියනෑවේ පිහිටි අභිරහස් උමං
ලංකාවේ අභිරහස් ස්ථාන
සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත් බිම් කඩක් බවටත් ඒ තුළ පිහිටි පුරාණ විහාර හා ඒවායේ පසුබිම් තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශවල පිහිටි අරුම පුදුම ස්ථාන සොයා අපි පියමැන්නෙමු. එහිදී වඩාත් අවධානය යොමු වූයේ ගල් ගුහා හා උමං වැනි ස්වභාවික පිහිටීම් වෙතය. තවද ලෙන් විහාර සැලකිය යුතු ප්‍රමාණයක් ඇති එම ප්‍රදේශය රජ දවස වලගම්බා රජු හා සම්බන්ධ පුරාවෘත හා විස්තර රාශියක් විය. තවද කැලණි ගං මිටියාවත හා සබැඳි ආදි මානවයා විසූ ස්ථාන දෙකක් අතර ද දෝලනය වූ අද සටහන නිතරම අප දකින ස්ථානවල නොදුටු පැත්තක් සොයා කළ සටහනකි.
ක්‍රි.පූ. 103 දී පමණ අනුරාධපුර රාජධානියේ රජවූ වලගම්බා රජු යනු ලාංකේය රාජ වංස කථාවේ සුවිශේෂී සලකුණකි. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු දායාදය නිසාවෙනි. නමුත් වලගම්බා රජු යනු රාජත්වයට පත්ව මාස කිහිපයකින් කැරලි සහ දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ හමුවේ රජකම හැර පලායන්නට වූ නායකයෙකි. නමුත් බුදු දහමට වූ නැඹුරුවත් ජනහිතකාමී බවත් නිසා ඔහු පලාගිය ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාවත් නැවත සේනා සංවිධානය කර සතුරන්ට මුහුණදීමට හැකියාවත් ලැබුණි. එතුමන් විසින් කෑගලු හා ගම්පහ දිස්ත්‍රික්ක මායිම්වල වාසය කළ නැතහොත් සැඟවී සිටි සමයේ ඔහු බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් ඉටු කරන ලදී. ඒ අතර සතුරු ආක්‍රමණවලින් අාරක්ෂා වීමටත් සටන් උපක්‍රම ලෙසත් ගල්ගුහා හා උමං සෑදීම හා ප්‍රයෝජනයට ගැනීම ඔහු අතින් සිදුවූ බව