සියඹලා ගෙනාවේ නැතෙයි
ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු.
පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක් සියඹලා ටික ගන්නම් කියලා සියඹලා ටික කිරුවලු.
පස්සේ මේ සියඹලාවල පොතු වැඩියි නේ කියලා කිලෝ ගාණක් අඩු කළාලු.
ඊට පස්සේ සියඹලාවල ඇට තියෙනවා නේ කියලා තව කිලෝ ගාණක් අඩු කළාලු.
ඊටත් පස්සේ මේ සියඹලාවල වතුර ගතිය වැඩියි නේ කියලා තවත් කිලෝ ගාණක් අඩු කළාලු.
අන්තිමට බැලින්නම් සියඹලාවලට බරක් නැහැලු.....
)
පස්සේ ගමේ ඉදන් සියඹලා ගෙනාපු මනුස්සයා අහනවාලු
ඊයේ උදේ ඉදන් සියඹලා කඩලා මගේ මායියත් එක්ක ඒවා ඔතලා පාරට කරේ තියගෙන ඇවිත් පස්සේ බස් එකක් නැතුව අමාරුවෙන් මම එතකොට පොළට සියඹලා ගෙනාවේ නැතෙයි ????
ඒකම තමයි මේ දවස්වල කෑ ගහන සමහරුන්ගෙන් මටත් අහන්න තියෙන්නේ එතකොට විජයග්රාහී පෙළපාලියේදී සැරින් සැරේ කියන විදිහට, පත්තරවල, ප්රවෘත්තිවල කියන විදිහට මේ යුද්දෙදී සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???

)පස්සේ ගමේ ඉදන් සියඹලා ගෙනාපු මනුස්සයා අහනවාලු