සියල්ල දකින ආකාශ ඇස
අභ්‍යාවකාශයේ රදවා තිබෙන චන්ද්‍රිකාවලින් ලබාගත් ඡායාරූප එකතුවක් මෙම ලිපිය ඔස්සේ ගෙන එමි.සිරියානු යුද්ධයේ පටන් ලොව පුරා අවධානය දිනාගත් සිද්ධීන් දක්වා මෙම ඡායාරූපවල ඇතුලත්ය.සමහර රටවල් රහසේ තබාගෙන සිටින සමහරක් ස්ථාන පවා මෙම ආකාශ ඇසට සැඟවීමට නොහැකිව තිබේ.
ඩිජිටල් ග්ලෝබල් හි චන්ද්‍රිකා ඡායාරූපයක් වන මින් පෙන්වා තිබෙන්නේ සිරියාවේ බසෙල් අල් අෂාඩ් ගුවන් කඳවුරේ නවතා තිබෙන රුසියානු එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයකි.
පසුගිය වසරේදී රුසියාව,සිරියාවේ අර්බුදයට සෘජු මැදිහත්වීමක් සිදුකරන ලදි.ඔවුන් සිය ගුවන් හමුදාව යොදවා ජනපති බෂාර් අල් අෂාඩ් හට විපක්ෂ ත්රස්තවාදීන් සහ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.ඒ සඳහා අවශ්‍ය යුද ගුවන් යානා,හෙලිකොප්ටර් යානා,ගුවන් ආරක්ෂක පද්ධති,ඩ්‍රෝන් යානා සහ අනෙකුත් නවීන යුදෝපකරණ සිරියාවට ගෙන එන ලදි.මෙම චන්ද්‍රිකා ඡායාරූපයේ අර්ධ වශයෙන් ආවරණය කල එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා,සුකොයි එස්යූ-30එස් එම් යානා,සුකොයි එස් යූ-24 යානා(අර්ධ වශයෙන් ආවරණය කර තිබේ) සහ Il-76 ප්‍රවාහන ගුවන් යානා සිරියාවේ බසෙල් අල් අෂාඩ් ගුවන් කඳවුරේ නවතා තිබෙන අයුරු දැක්වේ.2015 සැප්තැම්බර් මස 24.
දකුණු චීන මුහුදේ පිහිටි ෆයිරි ක්‍රොස් ගල් පරය විශාල කර චීනය විසින් එහි ගුවන් පථයක් නිර්මාණය කර තිබෙන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.මෙය 2006 වර්ෂයේ ලබා ගත් ඡායාරූපයකි.
මෙම ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ සිරියාවේ බෙල් නම් දෙවොල පෙර පැවති අයුරු සහ එය විනාශ කිරීමෙන් පසුව දිස්වූ අයුරුය.අයි එස් අයි එස් ත්රස්තවාදීන් විසින් සිරියාවේ පැල්මයිරා පුරාණ නගරයේ රෝම අධිරාජ්‍යය සමයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් විනාශ කරන ලදි.සිරියා-රුසියා ඒකාබද්ධ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී පැල්මයිරා නගරය ත්රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලදි.
දකුණු චීන මුහුදේ මිස්චෙෆ් පරය 2015 මාර්තු 16 දා දිස්වු අයුරු සහ 2012 ජනවාරි 24 දා දිස්වූ අයුරු(දකුණුපස පහළින්)දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.චීන නෞකා මගින් කණින වැලි මෙම පරය වෙත ගෙන විත් දැමීමෙන් එහි භූමි ප්‍රමාණය වර්ධනය වී තිබේ.දකුණු චීන මුහුදේ ආරවුලට මුල් වී තිබෙන්නේ චීනය,වියට්නාමය සහ පිලිපීනය යන රටවල් මුහුදු ප්‍රදේශයේ ගල් පර ,අටොලු,දූපත් වලට අයිතිවාසිකම් කියන්නට යෑම සහ දූපත් විශාල කරමින් ඉදිකිරීම් සිදුකිරීමයි.
2015 ජනවාරි:බොකො හරාම් ත්රස්තවාදීන් විසින් නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ බාගා හිදී සිවිල් වැසියන් විශාල පිරිසක් සමූල ඝාතනයට ලක් කිරීමට අදාලව නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපයකි.බොකො හරාම් ඉතිහාසයේ සිදුකල මාරාන්තිකම ප්‍රහාරය ලෙස මෙය හඳුන්වනු ලැබේ.නගරයේ වැඩි කොටසක් පොළොවටම සමතලා කල මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 2000 වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.සමූල ඝාතනයෙන් පසුව ලබාගත් එම ප්‍රදේශයේ ප්‍රථම චන්ද්‍රිකා ඡායාරූපය මෙයයි.ප්‍රහාරයට පෙර(ඉහළ) සහ පසු අවස්ථා
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ කළුතර ප්‍රදේශය 2004 දෙසැම්බර් 26 (පෙ.ව.10.20)දා සුනාමියට හසුවූ පසු දිස්වූ අයුරු.භූමිකම්පාව ඇතිවූයේ මෙරට වේලාවන් පෙ.ව.6.28 පමණය.
2012 ජනවාරි 17:සුඛෝපභෝගී කොස්ටා කොන්ක්රෝඩියා නෞකාව ඉතාලියේ ජීලියෝ වෙරළ ආසන්නයේ පෙරළී ගොස් තිබෙන අයුරු.
2006 ජනවාරි 5 දා ලබාගත් උතුරු කොරියාවේ යොන්බියොන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක සහිත ගොඩනැගිලි සංකීර්ණය.මෙම කුඩා ප්‍රතික්‍රියාකරකය නිපදවූ ප්ලුටෝනියම් 2006 සහ 2009 වර්ෂවල උතුරු කොරියාව අත්හදා බැලූ පරමාණු බෝම්බවලට යොදාගත් කියවේ.2007 වර්ෂයේදී මෙම ප්‍රතික්‍රියාකාරකය වසා දමන ලද්දේ එක්සත් ජනපදය,ජපානය,චීනය සහ රුසියාව යන රටවල් සමග පැවැත්වූ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි.
උතුරු කොරියාවේ උතුරු පියොන්ජියැන් හි චොල්සෑන් ප්‍රදේශයේ සොහෙයි චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය 2012 නොවැම්බර් 23දා දිස්වූ අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.ඩිජිටල්ග්ලෝබල් මගින් නිකුත් කල මෙම ඡායාරූපය විශ්ලේෂණය කිරීමෙන් පසුව විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබුණේ තවත් සති 3ක් ඇතුලත උතුරු කොරියානුවන් මිසයිල දියත් කිරීමකට සූදානම් වන බවයි.
ඩිජිටල්ග්ලෝබල් විසින් නිකුත් කල තවත් චන්ද්‍රිකා ඡායාරූපයක්.තුර්කි-සිරියා දේශසීමාට පැමිණි සිරියාව අතහැර යන සිවිල්වැසියන්ගේ මෝටර් රථ.
ඉරානයේ බිඩ් කෙනේහ් නගරාසන්නයේ තිබූ හමුදා කඳවුරක් 2011 සැප්තැම්බර් 9 දා(වම්පස)සහ 2011 නොවැම්බර් 22දා දිස්වූ අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.2011 නොවැම්බර් මස 12 දා මෙම කඳවුරේ දැවැන්ත පිපිරීමක් සිදුවිය.මෙය අනතුරක් නොව ඊශ්‍රායලය විසින් සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට චෝදනා එල්ල විය.
හෝම්ස් හි බාබා අමර් හි කැරලිකරුවන් සතු ප්‍රදේශ ඔස්සේ එලා තිබෙන තෙල් නල මාර්ගයක් විනාශ කර තිබෙන අයුරු.මෙම නල මාර්ගය ඔස්සේ සිරියාවේ අගනුවර ඇතුලු දකුණු දිග ප්‍රදේශවලට තෙල් සැපයීම සිදුකරන ලදි.
2003 අප්‍රේල්:ඉරාක ජනපති මන්දිරයට(වම්පස ඉහළ) ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අයුරු.ඇමෙරිකානු හමුදා බැග්ඩෑඩ් නගරයට ලං වෙන විට ඔවුන් එල්ල කල ගුවන් ප්‍රහාරවල ප්රබලත්වයද වැඩිවිය.
සිරියාව සතු න්‍යෂ්ඨික බලාගාරයක් යැයි සැක කල ප්‍රදේශයක් 2007 අගෝස්තු 5 දා සහ 2007 ඔක්තෝම්බර් 24 දා දිස්වූ අයුරු.මෙම ප්‍රදේශයට ඊශ්‍රායලය විසින් 2007 සැප්තැම්බර් මස 6දා ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම විනාශ විය(Operation Orchard)
හයිනාන් දූපතෙ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි සන්යා නාවික කඳවුරේ උමං සහිත රහසිගත වරාය.චීනය මෙහි සිය න්‍යෂ්ඨික බැලස්ටික් මිසයිල සබ්මැරීන සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා රදවා තබයි.
යුක්රේන දේශසීමාවේ සිට කි.මී.150 දුරින් වූ රුසියානු ගුවන් කඳවුරක(Buturlinovka) සුකොයි එස්යූ-27/30 , සුකොයි එස්යූ-24 සහ මිග්-31 යානා නවතා තිබෙන අයුරු.
2006 මැයි 24:උතුරු කොරියාව මිසයිල දියත් කරන ස්ථානයක්.
Source:telegraph.co.uk
-HarshaLulzSec-

උතුරු කොරියාවේ පාලක පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ හමුදා පෙළපාලියට පියොංජියෑන් නගරයේ හමුදා රථ සහ භට පිරිස් ස්ථානගත කර තිබූ අයුරු මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් දක්වා තිබේ.මෙය ජෝන්ස් හොප්කින්ස් නම් ආයතනය විසින් නිකුත් කර තිබේ.
ට්‍රක් රථ 700ක් සන්නාහ සන්නද්ධ සහ යුද රථ 200ක් පමණ පියොංජියෑන් නගරයේ නැගෙනහිර කොටසේ කලින් භාවිතා කල ගුවන් කඳවුරක නවතා තිබෙන අයුරු.මේවා හමුදා පෙළපාලියට සහභාගී කරගැනීමේ අරමුණෙන් යුතුව ගෙනැවිත් තිබේ.
ඩිජිටල් ග්ලෝබල් හි චන්ද්‍රිකා ඡායාරූපයක් වන මින් පෙන්වා තිබෙන්නේ සිරියාවේ බසෙල් අල් අෂාඩ් ගුවන් කඳවුරේ නවතා තිබෙන රුසියානු එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයකි.
පසුගිය වසරේදී රුසියාව,සිරියාවේ අර්බුදයට සෘජු මැදිහත්වීමක් සිදුකරන ලදි.ඔවුන් සිය ගුවන් හමුදාව යොදවා ජනපති බෂාර් අල් අෂාඩ් හට විපක්ෂ ත්රස්තවාදීන් සහ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.ඒ සඳහා අවශ්‍ය යුද ගුවන් යානා,හෙලිකොප්ටර් යානා,ගුවන් ආරක්ෂක පද්ධති,ඩ්‍රෝන් යානා සහ අනෙකුත් නවීන යුදෝපකරණ සිරියාවට ගෙන එන ලදි.මෙම චන්ද්‍රිකා ඡායාරූපයේ අර්ධ වශයෙන් ආවරණය කල එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා,සුකොයි එස්යූ-30එස් එම් යානා,සුකොයි එස් යූ-24 යානා(අර්ධ වශයෙන් ආවරණය කර තිබේ) සහ Il-76 ප්‍රවාහන ගුවන් යානා සිරියාවේ බසෙල් අල් අෂාඩ් ගුවන් කඳවුරේ නවතා තිබෙන අයුරු දැක්වේ.2015 සැප්තැම්බර් මස 24.
සිරියාවේ අයිඑස්අයිඑස් ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා රුසියාව සහ ඉරානය සහයෝගයෙන් යුතුව කටයුතු කරයි.සිරියාවේ වෙරළාසන්න නගරයක් වන ලැටිකියා හි බසෙල් අල් අෂාඩ් ගුවන් කඳවුරු භූමියේ ටී-90 යුද් ටැංකි,බීටීආර්-80 පුද්ගල ප්‍රවාහන රථ රඳවා තිබෙන අයුරු.2015 සැප්තැම්බර් 24.
දකුණු චීන මුහුදේ පිහිටි ෆයිරි ක්‍රොස් ගල් පරය විශාල කර චීනය විසින් එහි ගුවන් පථයක් නිර්මාණය කර තිබෙන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.මෙය 2006 වර්ෂයේ ලබා ගත් ඡායාරූපයකි.
මෙම ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ සිරියාවේ බෙල් නම් දෙවොල පෙර පැවති අයුරු සහ එය විනාශ කිරීමෙන් පසුව දිස්වූ අයුරුය.අයි එස් අයි එස් ත්රස්තවාදීන් විසින් සිරියාවේ පැල්මයිරා පුරාණ නගරයේ රෝම අධිරාජ්‍යය සමයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් විනාශ කරන ලදි.සිරියා-රුසියා ඒකාබද්ධ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී පැල්මයිරා නගරය ත්රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලදි.
දකුණු චීන මුහුදේ මිස්චෙෆ් පරය 2015 මාර්තු 16 දා දිස්වු අයුරු සහ 2012 ජනවාරි 24 දා දිස්වූ අයුරු(දකුණුපස පහළින්)දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.චීන නෞකා මගින් කණින වැලි මෙම පරය වෙත ගෙන විත් දැමීමෙන් එහි භූමි ප්‍රමාණය වර්ධනය වී තිබේ.දකුණු චීන මුහුදේ ආරවුලට මුල් වී තිබෙන්නේ චීනය,වියට්නාමය සහ පිලිපීනය යන රටවල් මුහුදු ප්‍රදේශයේ ගල් පර ,අටොලු,දූපත් වලට අයිතිවාසිකම් කියන්නට යෑම සහ දූපත් විශාල කරමින් ඉදිකිරීම් සිදුකිරීමයි.
2015 ජනවාරි:බොකො හරාම් ත්රස්තවාදීන් විසින් නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ බාගා හිදී සිවිල් වැසියන් විශාල පිරිසක් සමූල ඝාතනයට ලක් කිරීමට අදාලව නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපයකි.බොකො හරාම් ඉතිහාසයේ සිදුකල මාරාන්තිකම ප්‍රහාරය ලෙස මෙය හඳුන්වනු ලැබේ.නගරයේ වැඩි කොටසක් පොළොවටම සමතලා කල මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 2000 වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.සමූල ඝාතනයෙන් පසුව ලබාගත් එම ප්‍රදේශයේ ප්‍රථම චන්ද්‍රිකා ඡායාරූපය මෙයයි.ප්‍රහාරයට පෙර(ඉහළ) සහ පසු අවස්ථා
2011 මාර්තු:ෆුකුෂිමා ඩායි-ඉචි න්‍යෂ්ඨික බල ශක්ති උත්පාදනාගාරය දැවැන්ත භූමිකම්පාවකින් සහ සුනාමියකට හසුවීමෙන් පසු දර්ශනය වූ අයුරු.
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ කළුතර ප්‍රදේශය 2004 දෙසැම්බර් 26 (පෙ.ව.10.20)දා සුනාමියට හසුවූ පසු දිස්වූ අයුරු.භූමිකම්පාව ඇතිවූයේ මෙරට වේලාවන් පෙ.ව.6.28 පමණය.
2004 වර්ෂයේ ඉන්දියානු සාගරයට බලපෑ සුනාමියට හසුවූ ඉන්දුනීසියාවේ බණ්ඩා අචේ හි උතුරුදිග වෙරළ ඊට පෙර දිස්වූ අයුරු සහ සුනාමියෙන් සිදුව තිබෙන විනාශය පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප එකතුවක්
2012 ජනවාරි 17:සුඛෝපභෝගී කොස්ටා කොන්ක්රෝඩියා නෞකාව ඉතාලියේ ජීලියෝ වෙරළ ආසන්නයේ පෙරළී ගොස් තිබෙන අයුරු.
2006 ජනවාරි 5 දා ලබාගත් උතුරු කොරියාවේ යොන්බියොන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක සහිත ගොඩනැගිලි සංකීර්ණය.මෙම කුඩා ප්‍රතික්‍රියාකරකය නිපදවූ ප්ලුටෝනියම් 2006 සහ 2009 වර්ෂවල උතුරු කොරියාව අත්හදා බැලූ පරමාණු බෝම්බවලට යොදාගත් කියවේ.2007 වර්ෂයේදී මෙම ප්‍රතික්‍රියාකාරකය වසා දමන ලද්දේ එක්සත් ජනපදය,ජපානය,චීනය සහ රුසියාව යන රටවල් සමග පැවැත්වූ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි.
උතුරු කොරියාවේ උතුරු පියොන්ජියැන් හි චොල්සෑන් ප්‍රදේශයේ සොහෙයි චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය 2012 නොවැම්බර් 23දා දිස්වූ අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.ඩිජිටල්ග්ලෝබල් මගින් නිකුත් කල මෙම ඡායාරූපය විශ්ලේෂණය කිරීමෙන් පසුව විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබුණේ තවත් සති 3ක් ඇතුලත උතුරු කොරියානුවන් මිසයිල දියත් කිරීමකට සූදානම් වන බවයි.
වැරියැග්,චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාව එහි දෙවන අත්හදාබැලීමේ මුහුදු ගමන කහ මුහුදේ සිදුකරන අයුරු.ඩිජිටල්ග්ලෝබල් විසින් 2014 දෙසැම්බර් 14දා මෙම චන්ද්‍රිකා ඡායාරූපය නිකුත් කර තිබේ.
ඩිජිටල්ග්ලෝබල් විසින් නිකුත් කල තවත් චන්ද්‍රිකා ඡායාරූපයක්.තුර්කි-සිරියා දේශසීමාට පැමිණි සිරියාව අතහැර යන සිවිල්වැසියන්ගේ මෝටර් රථ.
හමා හි මෂා අල්-ඇබීන් ප්‍රදේශය 2012 සැප්තැම්බර් 28(වම්පස) සහ 2012 ඔක්තෝම්බර් 13දා දිස්වූ අයුරු.පුපුරණ ද්‍රව්‍ය සහ බුල්ඩෝසර් යොදාගෙන සිරියානු රජය විසින් මෙම ප්‍රදේශයේ තිබූ ගොඩනැගිලි සහ ඉදිකිරීම් දහස් ගණනක් විනාශ කර දමන ලදි.
ඉරානයේ බිඩ් කෙනේහ් නගරාසන්නයේ තිබූ හමුදා කඳවුරක් 2011 සැප්තැම්බර් 9 දා(වම්පස)සහ 2011 නොවැම්බර් 22දා දිස්වූ අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්.2011 නොවැම්බර් මස 12 දා මෙම කඳවුරේ දැවැන්ත පිපිරීමක් සිදුවිය.මෙය අනතුරක් නොව ඊශ්‍රායලය විසින් සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට චෝදනා එල්ල විය.
හෝම්ස් හි බාබා අමර් හි කැරලිකරුවන් සතු ප්‍රදේශ ඔස්සේ එලා තිබෙන තෙල් නල මාර්ගයක් විනාශ කර තිබෙන අයුරු.මෙම නල මාර්ගය ඔස්සේ සිරියාවේ අගනුවර ඇතුලු දකුණු දිග ප්‍රදේශවලට තෙල් සැපයීම සිදුකරන ලදි.
2003 අප්‍රේල්:ඉරාක ජනපති මන්දිරයට(වම්පස ඉහළ) ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අයුරු.ඇමෙරිකානු හමුදා බැග්ඩෑඩ් නගරයට ලං වෙන විට ඔවුන් එල්ල කල ගුවන් ප්‍රහාරවල ප්රබලත්වයද වැඩිවිය.
2009 සැප්තැම්බර්:යුරේනියම් බලගැන්වීමේ පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් යැයි විශ්වාස කල මෙම ඉදිකිරීම් ඉරානයේ කොම් ප්‍රදේශයේ පිහිටා තිබෙන අයුරු තමන් න්‍යෂ්ඨික ඉන්ධන නිපදවන ස්ථානයක් සඟවාගෙන සිටින බව ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් කියා සිටියද එය රහසිගත ප්‍රදේශයක් නොවන බව ඉරානයේ හිටපු ජනපති මොහමුඩ් අහමඩිනෙජාඩ් විසින් වරක් පවසන ලදි
.