“මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ."
අනන්ත විශ්වය, අනන්ත සක්වල,අනන්ත ලෝකධාතුවල, මනුෂ්‍ය,සතර අපා, සුදදාවාස හැර අනිත් දිව්‍ය තලවල අනන්ත ජීවීන් ඇත...
අපිට විෂය නොවන දේවල් වලට කාලය වැයකරනවට වඩා, නිවනට කාලය වැයකෙරුවොත් මට හිතෙන්නෙ හොඳයි.
Ps,
Never post anything related to Buddhism in EK with good intentions,either u get in to a fight or someone will post some random radical shit with modern twist to the purest Dhamma.