සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙක අපේ පලමු උපත නොවේ. එහෙත් බුදු වරයෙක් පහල වූ පසු මිනිසුන් අසංක ගනනක් නිවන් දකී. එසේ බුදුන් වහන්සේලා අසංක ගනනක් අතීතයේ පහල වී අති නිසාත්, අන්නගතයේත් එවන් ප්‍රමානයක් ඩිගටම මෙ විශ්වයේ පහල වන බෑවින් මෙ විශ්වයෙ සිටින මුලු සත්වයන් ගනන අඩු විය යුතු නේද? එසේ අඩු නොවන්නේ නම් නවත අලුතෙන් සත්වයන් මෙ විශ්වයට එකතු විය උතුය.


    REPLY
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මේක මටත් තියන ප්‍රශ්නයක්. දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    Thanks for asking this question
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    “මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ."

    අනන්ත විශ්වය, අනන්ත සක්වල,අනන්ත ලෝකධාතුවල, මනුෂ්‍ය,සතර අපා, සුදදාවාස හැර අනිත් දිව්‍ය තලවල අනන්ත ජීවීන් ඇත...
    අපිට විෂය නොවන දේවල් වලට කාලය වැයකරනවට වඩා, නිවනට කාලය වැයකෙරුවොත් මට හිතෙන්නෙ හොඳයි.


    Ps,
    Never post anything related to Buddhism in EK with good intentions,either u get in to a fight or someone will post some random radical shit with modern twist to the purest Dhamma.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය කියපුව උපක්ල්පන නෙමේ. අපෙ බුදු හාමුදුරුවො පාරමිතා පුරන කාලයේ පමනක් පන් ලක්ශයකට වඩා අදික බුදු වරුන් හමුවේ තියෙනවා.බුදු හාමුදුරුවො කියල තියෙනවා අපෙ උපදුනු කල්ප ප්‍රමානය ගනන් කරල ඉවර කරන්න බරි බව. ඉතින් මෙ සන්සර ගමනේ කොච්චර බුදු වරු ඉන්න ඔනිද?

    ලොක විනාශය ගෙන, ලොක විනාශ වෙන හරි, අයෙමත් ලොකය හදෙන හටි බුදු හාමුදුරුවොඅ කියල තියෙනව.( ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සුර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වි තිබේ)
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Humans are just 0.01% of all life on Earth. When you factor in the possibility of life on other planets, even if every single human being achieved nibbana, the impact on total life in the universe is negligible.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    නොදන්නා දෙයක් හින්දා මුකුත් කියන්නේ නෑ. නමුත් කවුරු හරි වැදහත් දෙයක් දායිද කියලා බැලුවේ. [ කෙස් පැලෙන බොරු පොෂ් උත්තර නෙවෙයි. ධර්මයෙන්ම පැහැදිලි කිරීමක් ]
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    It's all illusion.Nobody born nobody goes to nirvana.We are all in nirvana thinking about going to nirvana.In reality no new life comes.No body exit.It's all one big illusion.One who realize this illusion doesn't have an illusion.That's all.
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. ඔතනදි මට මෙහෙම හිතුනා.
    මේ විශ්වය අනන්තයි. විශ්වයේ ඉන්න්න ජීවීන් ප්‍රමානයත් අනන්තයි. හැමෝම කවද හරි නිවන් දකිනවා. ඒත් ඒකට මාරයාගේ බලපෑම මත ඒ දිනය ලං වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. බුද්ධාන්තරකාල දුර්ලභයි ඒත් මාරයා ගේ කාලය සුලභයි ඉතින් ඒ කාලවලදී සංසාරය අනන්තවත් දික් කරගන්නවා සත්වයින්. අලුතෙන් සත්වයින් බිහිවෙනවද කියන එක ගැන උත්තරයක් නම් නෑ මට.
     
    • Like
    Reactions: tha123 and NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමහර class වල අවරුදු 2-3 fail වෙවී ඉන්න උන්ව class teacher නිකන්ම ගොඩ දාලා දෙනවනේ බන්...අන්න එහෙම ටික කාලයක් අල වෙවී හිටියම කිසිම වීර්යයක් නොකර නිකන්ම ගොඩයනවා...ඒ හින්ද වැඩිය ඒ ගැන හිතන්නේ නැතුව කව්රු හරි ගොඩදාලා දෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ.....වීර්ය කරන්න කම්මැලි උනාම මේ වගේ ප්‍රශ්න එනවා .... හරිනේ....ප්‍රශ්නේ ඇහුවේ පංච නීවරණ උඩට ඇවිල්ල උදාසීන කමක් ඇවිල්ලනේ ...පිලිතුර සරලයි ඉතින්....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. ඔතනදි මට මෙහෙම හිතුනා.
    මේ විශ්වය අනන්තයි. විශ්වයේ ඉන්න්න ජීවීන් ප්‍රමානයත් අනන්තයි. හැමෝම කවද හරි නිවන් දකිනවා. ඒත් ඒකට මාරයාගේ බලපෑම මත ඒ දිනය ලං වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. බුද්ධාන්තරකාල දුර්ලභයි ඒත් මාරයා ගේ කාලය සුලභයි ඉතින් ඒ කාලවලදී සංසාරය අනන්තවත් දික් කරගන්නවා සත්වයින්. අලුතෙන් සත්වයින් බිහිවෙනවද කියන එක ගැන උත්තරයක් නම් නෑ මට.
    එහෙම හැමෝම කවදාහරි නිවන් දකිනවා කියල එකක් නැ
    ලෝක විනාශ උනත් ඉන්න සත්වයෝ ගන්දබ්බ අවධියේ වගේ අහසේ සරිසරන්වලු
    අයෙ මේ පොලව ටික ටික හැදෙනවලු
    ඒ අලුත් පස නිකන් වලාකුළු වගේ සෞම්යිලු
    එකට තණ්හා හිතිලා මිනිස්සු ගන්දබ්බයයෝ පොලවට එනවලු
    ආයේ තන්හාව ආසාව නිසා මේ වගේ වෙනවා කියල තමයි කියන්නේ