සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි….!

obama2

Member
Apr 18, 2012
424
30
0
සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි….!

Rating: 7.0/7 (1 vote cast)

ඔබගේ ප්‍රියතම “Rear Gate” බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී.
එය පොඩි ලියුම් කවරයක දැමීමට නියමිතය. මීටද අමතරව ගරු කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරන සේවය වෙනුවෙන්ද, යුද්ධය පැවති කාලයේ එතුමාගේ කේසර සිංහ නාදයෙන් කොටි හොඳටම බයකිරීමෙන් කල සේවය වෙනුවෙන්ද, තවත් චුට්ටං කවරයක් සූදානං කරන්නේද යන්න පිලිබඳව අප දෙදෙනා අතර සාකච්ඡාවක් තවත් පැය බාගයකින් පැවැත්වේ.
ඇත්ත වශයෙන්ම අපි රටේ නීතියට යටත් විය යුතුය. බොරු හේතු පෙන්වා නීතියෙන් මගහැරයාම ඉතා වැරදි ක්‍රියාවකි. උදාහරණයක් විදිහට W3 Lanka ලියන ‘පැරා’ ඒ ‘වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවට’ මහා බොරුවක් ඊයේ ඇද බා තිබුණි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදිය. බ්ලොග් අඩවි යනුත් එක්තරා වෙබ් අඩවි ජාතියක් බව අප පිලිගත යුතුය. අනික එය ආඩම්බරයටද කරුණකි. ‘පැරා’ කියා තිබූ අනික් බොරුව නම් එය ප්‍රවෘත්ති සපයන අඩවියක් නොවේය යන්නයි. ඒකත් පල් බොරුවකි. ඉතා සංවේදී හදවතක් ඇති මා වෛද්‍ය උපදෙස් මත “දිනමිණ” පුවත්පත නොබලන අතර එහි පළවූ වැදගත් ප්‍රවෘත්ති රැසක් අප දැනගත්තේ W3 Lanka අඩවියෙනි. එය ප්‍රවෘත්ති සැපයිමක් නොවන්නේ කෙසේද? ඕක බ්ලොක් කරන එකමයි හොඳ.
මේ අතර තවත් පානියක් ඇද බා තිබුනේ ත්‍රිමාණ වෙබ් එකය. ඒගොල්ලෝ සල්ලි නැති බවට නාහෙන් අඬා තිබුනි. මේකත් පල් බොරුවකි. සල්ලි නැත්තං පාර්ට් ටයිම් ජොබ් එකක් නොකර අතින් කයිට් කරන් වෙබ් එකක් පටන් ගත්තේ ඇයිද කියා ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ඒගොල්ලෝ වහාම අපට දිය යුතුය. (සොරි. අපට නොවේ. ගරු ඇමතිතුමාටය).
පනතේ හැටියට ලියාපදිංචි කල යුත්තේ ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි පමණක් බැවින් බ්ලොග් අඩවි ලියාපදිංචි කරන්නේ අහවල් මගුලකටදැයි අපේ බ්ලොග් බුද්ධිමතුන් අතර මහත් සංවාදයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව මගේ සහ මා බිරිඳගේ සාමූහික අදහස මෙහි බහාලමි.
ඇත්තෙන්ම අපි ලියන නානාප්‍රකාර දේවල් ලියන්නේද විවිධ ප්‍රවෘත්ති පදනම් කරගෙනය. මා ලියන ගමේ ගොඩේ පොඩි සිද්දියක් වුව ප්‍රවෘත්තියකි. ඇතැමෙක් ලියන විරහ කවියක වුව ඇත්තේ කෙල්ල බූට් එක තැබීම පිළිබඳ ප්‍රවෘත්තියක්ම නොවන්නේද? මී අමතරව කාපු බීපුවා, ආගිය ගමන්, කක්කා කතා, කෑම හදන හැටි යනාදී සියළු දේවල ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත. ඇමතිතුමාගේ නිර්වචනයට අනුව දැනට නැගලා යන රාවණ කතාවලද දිනමිණ පරයන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත.
අපි අපිට අවංක විය යුතුය. රටේ නීතියට අවනත විය යුතුය. අනික ලක්ෂ එකහමාරක් වැනි කාලයේ හැටියට සුළු මුදලක්වත් ගෙවා ගැනීමට නොහැකි හිඟන්නන් සිටීනම්, වහාම තම බ්ලොග් අඩවි නවත්වා හඳුන්කූරු නිෂ්පාදනය හෝ ඉඳිආප්ප සෑදීම වැනි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දෙලොවටම වැඩදායක වනු ඇත. මෙයට පිළියමක් ලෙස අප දෙදෙනා ගරු ඇමතිතුමාට යෝජනා කරන්නේ අන්තර්ජාල ගාස්තු මෙගා බයිට් එකක් රුපියල් අසූ පහක්වත් කරන ලෙසයි. එවිට ඔය හිඟන වෙබ්කාර හැත්ත දූරීභූත වෙලාම යනු ඇත.
ගරු ඇමතිතුමාගේ මේ නව විධිවිධානවල ගාස්තු තීරණය කොට ඇති ආකාරය ගැනද එක එකා අවලම් කතා කියනු මට ඇසුනි. එබැවින් ඒ පිළිබඳවද සත්‍යය හෙළිදරව් කිරීම මගේ යුතුකමකි. ඇත්තටම ඔය රුපියල් ලක්ෂය හිඟන්නන්ට මහා බක්කක් වුවද ගරු ඇමතිතුමාට මහා කජ්ජක් නොවේ. එය එතුමාගේ වරදක් නොවන අතර පූර්ව පින් මහිමය නිසා සිදුවූවකි.
ඔය ලියාපදිංචි ගාස්තුව කීයක් කරමුදැයි ලේකම් තුමා ඇසූ විට ගරු ඇමතිතුමාට එක්වරම සිහිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී එක් බැල්කනි කොටුවකින් තවත් කොටුවකට පනින්නට ගොස් එතුමාට වූ අකරතැබ්බයයි. එතුමාට එක්වරම එම හෝටලයේ දවස් දෙකක බිල කියවී ඇති අතර ලේකම් තුමා එය කෙටුම්පත් කර ඇත. වාර්ෂික ගාස්තුව ගැන ලේකම්තුමා විමසද්දී ඇමතිතුමා සිතමින් සිටියේ නවක නිළියන්ගේ රංගන කුසලතා තවත් පිරිමැද ඔප් නංවන ක්‍රමයක් ගැනය. එහිදී එක්වරම එතුමාට ටෙලිනාට්‍යයක් අටයි තිහේ බෙල්ට් එකට දාගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිෂ්පාදකයෝ බලෙන්ම දෙන තුටුපඬුර සිහිවී ‘පනස්දාහයි’ කියා ඇත. මේ ගාස්තු තීරණය වී ඇත්තේ එලෙසය. ඒවා ගැන අහිතක් සිතා පලක් නැත.
ගරු ඇමතිතුමාට දොස් කියන හිඟන බ්ලොග් කාරයන් සහ වෙබ් කාරයන්ට තවත් හොඳවයින් දෙකක් කීමට හිතේ තිබුනද මේ එයට වෙලාව නොවේ. සල්ලි ගනන්කොට අවසන් වූ වහාම, ඒවා අමාත්‍යාංශයට ගිහින් දෙනවාද? ගෙදරටම ගිහින් දෙනවාද කියා තීරණය කිරීමටද තවත් ඉතිරිව ඇත.

උපුටා ගැනිම-http://reargate.blogspot.com
 
  • Like
Reactions: Anime

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    mokakda me kiyanne pahadili madi

    වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට ඒ සඳහා රුපියල් ලක්ෂයක ( 100,000 /= ) ලියාපදින්චි ගාස්තුවක් එක්ක, අවුරුද්දක් සඳහා රුපියල් 50,000 බද්දක් අය කරගන්නවා කියලා ඇමති තුමෙක් කියලා තියනවා :shocked: ඒකට තමයි ඔය ඇඩ් එකක් දීලා තියෙන්නේ :lol: ඕක ක්‍රියාත්මක කරොත් ලන්කාවේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ප්‍රමාණය 99% විතර අඩුවෙලා යයි . :confused: සල්ලි තියන අයට විතරක් වෙබ් සයිට් තියෙයි මරු අප්පා ..
    :P:eek:
     
    • Like
    Reactions: pfcc

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට ඒ සඳහා රුපියල් ලක්ෂයක ( 100,000 /= ) ලියාපදින්චි ගාස්තුවක් එක්ක, අවුරුද්දක් සඳහා රුපියල් 50,000 බද්දක් අය කරගන්නවා කියලා ඇමති තුමෙක් කියලා තියනවා :shocked: ඒකට තමයි ඔය ඇඩ් එකක් දීලා තියෙන්නේ :lol: ඕක ක්‍රියාත්මක කරොත් ලන්කාවේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ප්‍රමාණය 99% විතර අඩුවෙලා යයි . :confused: සල්ලි තියන අයට විතරක් වෙබ් සයිට් තියෙයි මරු අප්පා ..
    :P:eek:

    lankawe aiyalath ekka oya gon chuun hari yanne na...... balapan thawa tika kaalayak giyama ohoma neethiyak dammada kiyalawath katawath mathaka nathiwei.....
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට ඒ සඳහා රුපියල් ලක්ෂයක ( 100,000 /= ) ලියාපදින්චි ගාස්තුවක් එක්ක, අවුරුද්දක් සඳහා රුපියල් 50,000 බද්දක් අය කරගන්නවා කියලා ඇමති තුමෙක් කියලා තියනවා :shocked: ඒකට තමයි ඔය ඇඩ් එකක් දීලා තියෙන්නේ :lol: ඕක ක්‍රියාත්මක කරොත් ලන්කාවේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ප්‍රමාණය 99% විතර අඩුවෙලා යයි . :confused: සල්ලි තියන අයට විතරක් වෙබ් සයිට් තියෙයි මරු අප්පා ..
    :P:eek:
    :D thanks machan dan niyameta pahadiliy ara lipiya liyapu eka nahaya allanna oluwa wate atha aran yana modayek :cool:
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :D thanks machan dan niyameta pahadiliy ara lipiya liyapu eka nahaya allanna oluwa wate atha aran yana modayek :cool:

    නැහැ මචෝ මම දැන් කියපු ඔය සීන් එක බ්ලොග් එකක නිකන්ම දැම්මොත් ඒක නිකන් නිව්ස් එකක් වගේ වෙන හින්දයි ලියපු පොර වහෙන් ඔරෝ ඇමතියටත් බැනලා සීන් එක දන්න උන්ට තේරෙන්න ඇඩ් එකක් දීලා තියෙන්නේ.. :yes: උඹට සීන් එක පාරට මීටර් උනේ නැත්තේ උඹ ඒ සීන් එක කලින් දැනගෙන නොහිටපු නිසා තමයි :yes::)
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට ඒ සඳහා රුපියල් ලක්ෂයක ( 100,000 /= ) ලියාපදින්චි ගාස්තුවක් එක්ක, අවුරුද්දක් සඳහා රුපියල් 50,000 බද්දක් අය කරගන්නවා කියලා ඇමති තුමෙක් කියලා තියනවා :shocked: ඒකට තමයි ඔය ඇඩ් එකක් දීලා තියෙන්නේ :lol: ඕක ක්‍රියාත්මක කරොත් ලන්කාවේ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ප්‍රමාණය 99% විතර අඩුවෙලා යයි . :confused: සල්ලි තියන අයට විතරක් වෙබ් සයිට් තියෙයි මරු අප්පා .. :P:eek:
     
    :D:cool:
    11.gif