සියුමැලි ද බලන් මේ ලන්දු....
ගැහැණියගේ නුවණ හැඳි මිට දිගේ කිව්වේ එදා. තොටිල්ල පදවන දෑත රට පාලනයටත් සුදුසුයි කිව්වෙ පස්සේ.
හැබැයි අද වන විට ඒ සියුමැලි දෑත් ඊටත් වඩා රළු වැඩටත් අත ගහලා.
ඈත ඉතිහාසයක් ඇති චීනය මෑත ඉතිහාසය තුළත් මුළු ලෝකයේම අවධානය දිනා ගන්නට හැකි වූ රටක්.
වත්මන් චීනය මුහුණ දෙන වේගවත් සංවර්ධනය හමුවේ එරට සෑම කේෂත්‍රයකම දැවැන්ත වෙනස් වීම් දෑස මානයේම දැක ගත හැකියි.
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ චීනයේ පළමු කාන්තා පුද්ගලික (බොඩිගාඩ්) ආරක්ෂක භට පිරිස සිය පුහුණු වීම් සිදු කරන ආකාරයයි.
සාමාජිකාවන් 20 දෙනෙකුගෙන් සැදුම් ලත් මේ පළමු කණ්ඩායමට මාස 10 ක මේ වගේ අතිශ්‍ය දුෂ්කර පුහුණුවකට මුහුණ දීමට සිදුවනවා.
මීට පෙර කාන්තා ආරක්ෂක භටයන් ඉතා අඩු සංඛාවක් පුහුණු වීම් ලබා ඇතත් සමස්ත කණ්ඩායම ම කාන්තාවන්ගෙන් සැඳුම් ලත්ව මෙම පුහුණුවට සහභාගි වන පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.