සියුමැලි ද බලන් මේ ලන්දු....

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සියුමැලි ද බලන් මේ ලන්දු....

    ගැහැණියගේ නුවණ හැඳි මිට දිගේ කිව්වේ එදා. තොටිල්ල පදවන දෑත රට පා‍ලනයටත් සුදුසුයි කිව්වෙ පස්සේ.
    හැබැයි අද වන විට ඒ සියුමැලි දෑත් ඊටත් වඩා රළු වැඩටත් අත ගහලා.
    ඈත ඉතිහාසයක් ඇති චීනය මෑත ඉතිහාසය තුළත් මුළු ලෝකයේම අවධානය දිනා ගන්නට හැකි වූ රටක්.
    වත්මන් චීනය මුහුණ දෙන වේගවත් සංවර්ධනය හමුවේ එරට සෑම කේෂත්‍රයකම දැවැන්ත වෙනස් වීම් දෑස මානයේම දැක ගත හැකියි.
    මේ ඡා‍යාරූප වලින් දැක්වෙන්නේ චීනයේ පළමු කාන්තා පුද්ගලික (බොඩිගාඩ්) ආරක්ෂක භට පිරිස සිය පුහුණු වීම් සිදු කරන ආකාරයයි.
    සාමාජිකාවන් 20 දෙනෙකුගෙන් සැදුම් ලත් මේ පළමු කණ්ඩායමට මාස 10 ක මේ වගේ අතිශ්‍ය දුෂ්කර පුහුණුවකට මුහුණ දීමට සිදුවනවා.
    මීට පෙර කාන්තා ආරක්ෂක භටයන් ඉතා අඩු සංඛාවක් පුහුණු වීම් ලබා ඇතත් සමස්ත කණ්ඩායම ම කාන්තාවන්ගෙන් සැඳුම් ලත්ව මෙම පුහුණුවට සහභාගි වන පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.


    011.jpg


    012.jpg


    013.jpg
     
    • Like
    Reactions: miniya

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    015.jpg


    වේගවත් ආර්ථික වර්ධනය නිසා මේ වන විට චීනයේ අලුත් ධනපති පැලැන්තියක් බිහිවෙමින් තිබෙනවා.

    මෙතෙක් කලක් හැඩි දැඩි පිරිමි විසින් සිදු කල පුද්ගලික ආරක්ෂක කටයුතු සඳහා කාන්තාවන් යොදා ගන්නට දැන් දැන් චීන ව්‍යාපාරිකයින් සහ ධනවතුන් පෙළඹී සිටිනවා.

    ඊට හේතුව මේ කාන්තාවන් හැඩි දැඩි පිරිමි රැකවලුන් මෙන් බැලූ බැල්මට ආරක්ෂක භටයන් ලෙස හඳුනාගත නොහැකි වීමේ වාසියත් පුද්ගලික ලේකම්වරියන් හෝ සහායිකාවන් ලෙස පහසුවෙන් වෙස් වලාගෙන සිය ප්‍රභූවරයා හෝ ප්‍රභූවරිය ආරක්ෂා කිරීමට ඇති හැකියාවත් වැනි කරුණු නිසායි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වාර්තාවන අන්දමට මෙම කාන්තා ආරක්ෂක භටයන්ට ඇති ඉල්ලුම කොතරම් ද කිවහොත් පිරිමි රැකවලුන්ට වඩා ඉතා ඉහළ වැටුපකට ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ඕනෑ තරම් පිරිස් බලා සිටිනවා ලු.

    බලාගෙන යන විදිහට මේ සියුමැලි දෑත් වලට කරන්න බැරි වැඩක් නැති තරම් නේද? 


    016.jpg
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    china air port ekata gihin UK ausi ... wage ewata giyama wenasa terenawa.... un kocchara idiriyen da kiyala .............smdy ...chna wil b top f da wrld...... thory eke di..salli thiyana un igena gan naaa..... duppath eka tika tika katu kaala hadenawa...a wage wenna athi rata wal scene ekath ....air ports dakkama mata nam hitune ehemai : / china hena udin wage ..........................*jst an a idea*