කවුද මේ අයි.එස්.අයි.එස් III

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
කවුද මේ අයි.එස්.අයි.එස් III


අරාබි වසන්තය

2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා, සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ “අරාබි වසන්තය” ක්‍රියාවලිය ගැන මෙහිදී දීර්ඝ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ….මේ ගැන ලාංකික සයිබරයේ ඕනෑ තරම් සාකච්ඡා වෙලා ඇති…

මේකෙන් හොඳ වගේම නරක දෙකම සිද්ද උනා…වැඩිපුරම උනේ නරක උනත්, තව බොහෝ කළක් පාලනයේ ඉන්න සිතා සිටි ඒකාධිපතියන්ගේ විනාශයත් සමග යම්, යම් රටවල ( ලිබියාවේ එහෙම ) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවස්ථාවක් නිර්මාණය උනා….

අරාබි වසන්තය ආරම්භයේදී ඒක ඒ ඒ රටවල ජනතා පිබිදීමක් උනත්, ඇතැම් තැන්වල මේ සිවිල් යුද තත්වයන් ඉතිරි වෙන්න ප්‍රධාන වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලවතුන් සෘජුව වගකිව යුතුයි…මොකද ඒ රටවල ජනතා නැගිටීම් වලට සහාය දෙනවා කියා ඔවුන්:

1. අදාළ කැරලි කණ්ඩායම් වලට පුහුණුව

2. ආදායම් මාර්ග

3. සටන් කරුවන්

4. අවි සහ මුදල්

විශාල වශයෙන් ලබා දුන්නා…මේ තත්වය දරුණුවටම දකින්න ලැබුනේ සිරියාවෙදි….ඒ වගේම ලිබියාවේදි සෘජුව ගුවන් ප්‍රහාර හරහා මැදිහත් වීමත් සිදු කළා…..



අයිසිස් එකට හොඳම වාසිය සිද්ද උනේ සිරියාවෙදි… සිරියාවට මේ විදියට විශාල වශයෙන් මුදල් ආධාර තුර්කිය, සවුදිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන් හරහා බටහිරින් ගලා එනකොට, සහ එවකට සිරියාවෙ තිබුණු බලවත්ම සන්නද්ධ කැරලි කණ්ඩායම වන “නිදහස් සිරියානු හමුදාව” ( Free Syria Army) ට යත් සටන් කරුවන් තුර්කියේ සහ ගෝලාන් කඳුකරයට ඔබ්බෙන් බටහිර විශේෂ සේනාංක මගින් පුහුණුව ලබා දෙනකොට, මේ අතරේ හිටියා පසුව “අයිසිස්” වෙත එකතුවෙන සංවිධාන රැසක සටන් කරුවන්…ඔවුන් මේ පුහුණුව, මුදල් සහ අවි ලබාගත්තා යහමින්…..

2013 අප්‍රේල් මාසයේ 8 වැනිදා එවකට ඉරාකයට පමණක් සීමා වී සිටි අයි.එස්.අයි සංවිධානය සිරියාවේ ක්‍රියාත්මක වූ “ජබාත් අල් නුස්-රා” සංවිධානය සමග දීර්ඝ සාකච්ඡා අවසන් කර ඒකාබද්ධ වුනා…. එදින විනාඩි 33 ක් ගුවන් විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කළාපීය ජනතාව ඇමතූ අයි.එස්.අයි නායක අබු බකර් අල් බග්දාදි, මේ සමගම අයි.එස්.අයි ඉරාකයෙන් පිටතට පා තබන බවත්, ඒ අනුව ඒකාබද්ධ සංවිධානයක් ලෙස “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” හෙවත් Islamic State of Iraq & Syria ( ISIS) බිහිවූ බවත් ප්‍රකාශ කළා…මෙයට ඔහු ඒ මොහොතේ දුන් නම තමයි “ඉරාකයේ සහ නැගෙනහිර මධ්‍යධරණියේ ඉස්ලාමික රාජ්‍යය” යන නම (Islamic State of Iraq & the Levant – ISIL) …මේ ප්‍රකාශයත් සමගම සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන් කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් ඔවුන් හැරගොස් මේ නව සංවිධානයට එක් වෙන්න පටන් ගත්තා…..

මේ සම්බන්ධයෙන් අල් කයිඩා වැනි සාම්ප්‍රදායික ත්‍රස්ත ජාලයන් කෙතරම් කලබල උනාද කිව්වොත් අල් කයිඩා නායක එමිර් අයමන් අල් සවාහිරි “වහාම මෙම නව සංවිධානය විසුරුවා හැර ඉරාකයට සිය ක්‍රියාකාරකම් සීමා කරගන්නා ලෙස නියෝගයක්” අබු බකර් අල් බග්දාදිට නියෝග කළා… ඒත් ඒ වනවිට අයි.එස් නායකයන් අල් කයිඩාව තඹේකට නොතකා හැරිය හැකි තරම් බලවත් වී අවසන්….

අල් කයිඩාව සහ නිදහස් සිරියානු හමුදාව භ්‍රාන්තව බලා සිටියදී දහස් ගණනක් ඔවුන්ගේ සාමාජිකයන් සහ උප-සංවිධාන තමන්ට බටහිරින් ලැබුණු පුහුණුව සහ නව අවි තොග රැගෙන අයිසිස් වෙත යන්න පටන් ගත්තා….

ඇයි එහෙම ගියේ ?

මෙහෙම යන්න ප්‍රධානතම හේතුවක් උනේ අබු බකර් ප්‍රමුඛ අයි.එස්.අයි නායකත්වය විසින් “නිදහස් සිරියානු හමුදාව” සහ “අල් කයිඩා” සංවිධානය කියන්නේ තමන්ව රවටමින් බටහිර අතකොළු බවට පත් කරවන බටහිර ගැති බළල් අත් බව සිරියාවේ සිටි 35,000 ක් පමණ තරුණ සටන් කරුවන්ට ඒත්තු ගන්වා තිබීම…තමන් රැවටී සිටින බවත්, තමන් සේවය කරමින් සිටින්නේ බටහිරට මිස ඉස්ලාමයට නොවන බවත් මේ අයට පවසා තිබුණා….මේ තුළින් හටගත් ඉච්ඡා භංගත්වය සහිතව සිටි සටන් කරුවන්ට 2014 ජූනි මස 29 වැනිදා අයිසිස් අලුත් බලාපොරොත්තුවක් දුන්නා… ඒ බලාපොරොත්තුව තමයි සමස්ථ කළාපයම නිදහස් කරගෙන එය තුල “කැලිෆේටයක්” නොහොත් “කිලාෆා” එකක් බිහි කිරීම… විමුක්තියට ඇති එකම විසඳුම එය බව අබු බකර් අල් බග්දාදි මේ අයට පැවසුවා… ඒ වාගේම අයිසිස් කැලිෆේට ප්‍රකාශය කරන දිනයේ ඔහු තමාවම එහි “කාලිෆ්” වරයා හෙවත් “කාලිෆා රසුල්” ( දේව පණිවිඩ කරුවාගේ අනුප්‍රාප්තිකයා ) ලෙස නම් කරගෙන “කාලිෆා ඉබ්‍රාහිම්” ලෙස රාජ්‍යත්වයට සම්මත කර ගත්තා….

කාලිෆාවක් හෙවත් කැලිෆේටයක් යනු කුමක්ද?

අරාබි බසින් “කිලාෆා හෝ කාලිෆා” කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු දෙවියන්ට අනුගත රාජ්‍යයක්….එහි නායකයා තමයි “කාලිෆ් හෝ කාලිෆා” වරයා හෙවත් දේව අනුප්‍රාප්තිකයා…

මේ මහා දේව රාජ්‍යය නම් සංකල්පයේ ඉතිහාසය ක්‍රි.ව 632 තරම් ඈතට දිව යනවා… ඉතිහාසය පුරාවට වතා කීපයකදීම මැද පෙරදිගින් පහළ වූ විවිධ බලසම්පන්න නරපතියන් විසින් මේ රාජ්‍යය බිහි කිරීමෙහිලා උත්සාහ දරනු ලැබුවා….ඒ උත්සාහයන් කිහිප වරක්ම සාර්ථක වුවත්, එසේ බිහිවූ මහා රාජධානි පැවතුනේ ඉතාම කෙටි කාළයයි….

අවසන් වරට එසේ මෙලොව පැවති පිළිගත් “කැලිෆේටය” තමයි හිජාහි ෂාරිෆියාන් කැලිෆේටය….ඔටෝමන් තුර්කිවරුන් 1923 ජූලි 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ලෝසාඥ්ඥේහි අත්සන් තබන ලද ගිවිසුමක් මගින් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසුරුවා හැරි මොහොතේ එතෙක් පැවති සුවිශාල ඔටෝමන් තුර්කි කැලිෆේටය අහෝසි උනා….දෙවැනි අබ්දුල්-මෙෂිඩ් තමයි තුර්කියේ අවසන් කාලිෆා වරයා….එයින් පසුව කෙටි කාළයක් ගල්ෆ් කළාපයේ නායකයන් කිහිප දෙනෙක් එක්වී ෂාරිෆියාන් කැලිෆේටය පවත්වා ගන්න උත්සාහ කළත් 1925 දි එයත් විසුරුවා හැරියා…..

එයින් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ කැලිෆේටයක් පිහිටුවන උත්සාහය ප්‍රකාශ කරන්නේ “අයිසිස්” සංවිධානය විසින්…..

එම ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත:

https://ia902505.us.archive.org/28/items/poa_25984/EN.pdf


අයිසිස් (ISIS) නායකත්වය

දැන් අපි මෙම සංවිධානයේ වත්මන් නායකත්වය ගැන සංක්ෂිප්ත අදහසක් ගනිමු…

ප්‍රධාන නායකත්වය:

සමස්ථ සංවිධානයේම නායක සහ කාලිෆාවේ අනුප්‍රාප්තිකයා – අබු බකර් අල් බග්දාදි ( ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධයන්ට ගොදුරුව සිටින හෙයින් මේ මොහොතේ ඔහු ක්‍රියාකාරීව නායකත්වය නොදරයි )

abu-bakr-al-baghda_2969425b.jpg



වත්මන් වැඩබලන නායක සහ නිළ නියෝජ්‍ය නායක – අබු අලා අල් අෆ්‍රි

සිරියාවේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අලි අල් අන්බාරි

ඉරාකයේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අල් තුර්කිමනි

සමස්ථ සන්නද්ධ අංශ නායක – අබු සුලෙයිමාන් අල් නසිර්

යුප්‍රටීස් කළාපයේ අයිසිස් ආණ්ඩුකාර – අබු ෆාතිමා අල් ජයේෂි

මාධ්‍ය ප්‍රකාශක – අබු මුහම්මද් අල් අද්නානි

සිරියානු අංශයේ විශේෂ මෙහෙයුම් නායක – අබු ඕමාර් අල් සිෂාණි

මේ හැර අයිසිස් සංවිධානය විසින් මේ මොහොත වනවිට ඉරාකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පාලනය නතු කරගෙන සිටින බැවින් ඔවුන් එම ප්‍රදේශ පාලනය සඳහා විශේෂ “කැබිනට් මණ්ඩලයක්” පත් කර ඇත… පහතින් දැක්වෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ 08-07-2015 වනවිට සිටින සාමාජිකයන්ය:

අබු අබ්දුල්ලා කාදර්
අබු මුහම්මද්
අබු ලුවේ
අබු සලාහ්
අබු හජාර් අල් අසාෆි
අබු කාසිම්
අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි
මේ සියළු දෙනා හැර මේ මොහොත වනවිට අයිසිස් සංවිධානයේ වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා ලෙස එම සංවිධානයට පක්ෂපාත ජන කොට්ඨාශ වල ජනප්‍රියත්වය දිනාගෙන සිටින්නෙ, එම සංවිධානයේ නිළ ඝාතකයා ලෙස බටහිර බුද්ධි අංශ හඳුනාගනු ලබන 30 හැවිරිදි ෂකිර් වහිබ් අල් ෆාදාවි අල් දුලයිමි හෙවත් අබු වහිබ් නම් ත්‍රස්තයාය…පසුගිය කාළයේ අයිසිස් සංවිධානය මගින් අන්තර්ජාල ගත කරන ලද ඝාතන සියල්ලටම පාහේ අනුමැතිය දීම සහ ඒවායින් ඇතැම් ඝාතන වලට සක්‍රීයව සම්බන්ධ වීම ( ට්‍රක් රථ රියදුරන් ඝාතනය ) මොහු අතින් සිදුවිය… “කාන්තාරයේ සිංහයා” හෝ “අයිසිස් චේ” යන විරුදාවලි වලින් මොහුව මොහුගේ මිතුරන් හඳුන්වනු ලබයි….

අයිසිස් සංවිධාන ශක්තිය (සන්නද්ධ පිරිස් බලය සහ වැටුප්) – Strength Profile of ISIS

අයිසිස් සංවිධානයේ පිරිස් බලය පිළිබඳව විවිධ මූලාශ්‍ර වල විවිධ තොරතුරු ඇත…එහෙත් වඩාත් විශ්වාසනීය මූලාශ්‍රය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනය (National Security Agency – NSA) පවසන අන්දමට මෙම සංවිධානය මේ මොහොතේ මෙලොව පවතින විශාලතම ත්‍රස්ත ජාලයයි…

එහි සමස්ථ ත්‍රස්ත සංඛ්‍යාව එය ක්‍රියාත්මක සියලු රටවල මේ මොහොතේ – 85,000 සිට 170,000 ක් පමණ වේ… ( සටන් පවතින රටවල ස්වදේශික ශක්තිය )

සටන් පවතින රටවල විදේශික සටන් කරුවන් 25,000 – 31,000 ක් පමණ සිටිති ( මූලාශ්‍ර : International Center for the Study of Radicalization and Political Violence – King`s College London )

2015-07-08-12_23_33-new-isis-offensive-in-syria-counters-losses-the-new-york-times-maelstrom.png




මධ්‍යම ශ්‍රේණීන්ට අයත් අණදෙන නිලධාරීන් – 1,000 – 3,500 අතර ප්‍රමාණයක් සිටිති ( කුර්දි සටන් කරුවන්ගේ බුද්ධි අංශ වලට අනුව )

මොවුන්ට වැටුප්ද ගෙවනු ලැබේ – එක් එක් ත්‍රස්ත නිළධාරියාගේ හෝ ත්‍රස්ත සටන් කරුවාගේ වගකීමේ තරාතිරම අනුව මාසකයට ඇමරිකානු ඩොලර් 300 සිට ඇමරිකානු ඩොලර් 4000 ක් තෙක් වැටුප් ලැබේ. ( එක්සත් රාජධානියේ “ටෙලිග්‍රාෆ්” පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්ථාවක් උපුටා දක්වමින් )

අයිසිස් ඉරාක සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 30,000 – 70,000 ක් පමණ තෙක් ( කුර්දි / මොසාඩ් වාර්ථා )

විදේශික සටන් කරුවන් – 3,500 – 11,000 ( ඉරාක රජය )

අයිසිස් විදේශ ත්‍රස්ත සටන් කරුවන් ඉරාකයට පැමිණ ඇත්තේ :

ටියුනීසියාව, සවුදි අරාබිය, රුසියාව, ජෝර්දානය, මොරොක්කෝව, ලෙබනනය, ජර්මනිය, එක්සත් රාජධානිය, ලිබියාව, උස්බෙකිස්ථානය, පාකිස්ථානය, තුර්කිය යන රටවලිනි …

අයිසිස් සිරියාව සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 35,000 – 50,000 ක් පමණ ( කුර්දි / ඇමරිකානු වාර්ථා )

විදේශ සටන් කරුවන් 15,000 ක් පමණ ( සිරියානු රජය / නිදහස් සිරියානු හමුදාව / බටහිර බුද්ධි අංශ වාර්ථා )

විදේශ සටන් කරුවන් සිරියාවට පැමිණියේ:

ටියුනීසියාව, සවුදි අරාබිය, ජෝර්දානය, ලෙබනනය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ලිබියාව, තුර්කිය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

අයිසිස් සංවිධානය – මූල්‍ය ශක්තිය – Economic & Financial Profile

අයිසිස් යනු මේ මොහොත වනවිට ලොව ධනවත්ම ත්‍රස්ත ජාලයයි…

සංවිධානයේ වාර්ෂික ආදායම – දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ( නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත )

සංවිධානය සතුව 2015 මැයි මාසය වනවිට වත්කම් – ඩොලර් බිලියන 1.25 ( බොහොමයක් සිරියානු සහ ඉරාක හමුදාවන් පළා යන විට අත්හැර දමා ගිය ඇමරිකානු සහ රුසියානු අවි ගබඩා, සන්නද්ධ රථ ආදිය මෙයට අයත් කරගෙන ඇත )

අයිසිස් සංවිධානය මුදල් උපයාගන්නේ කෙසේද?

ප්‍රධාන ආදායම් මාර්ග (2014) :

තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් බදු අය කර ගැනීම සහ කප්පම් ගැනීම – වාර්ෂිකව ඩොලර් මිලියන 600 පමණ

ඉරාකයේ රජයේ බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල් – වාර්ෂිකව ඩොලර් මිලියන 500 පමණ

බොරතෙල් වෙළඳාම – ඩොලර් මිලියන 100

අපහරණ කප්පම් මුදල් – ඩොලර් මිලියන 20 පමණ

අවිග්‍රාහක විදේශ ප්‍රදානයන් – ඩොලර් මිලියන 50 ක් පමණ

2015-07-08-12_46_21-isis-finances-are-strong-the-new-york-times-maelstrom.png



අයිසිස් ව්‍යාප්තිය සිදුවූයේ කෙසේද?

අයිසිස් සංවිධානය 2015 ජූනි මාසය වනවිට ඔවුන්ගේ සටන් පෙරමුණු, සක්‍රීයත්වය සහ සමස්ථයක් ලෙස Cells, Sleeper Cells පවත්වා ගත් දේශයන් පහත පරිදිය….

2015-07-08-13_38_43-how-isis-expands-the-new-york-times-maelstrom.png



ඉරාකය
සිරියාව
ලිබියාව
ටියුනීසියාව
ඇල්ජීරියාව
ඇෆ්ගනිස්ථානය
යේමනය
ඊජිප්තුව

2015-07-08-13_59_56-map-shows-how-isis-tentacles-now-reach-from-algeria-to-afghanistan-_-daily-mail.png



ලන්ඩන් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පවසන අන්දමට අයිසිස් සංවිධානයේ ප්‍රධාන ව්‍යාප්ති උපක්‍රම පහත පරිදිය:

1. ඔවුන් විසින් යටත් කරගනු ලබන ප්‍රදේශ වල සක්‍රීය පාලනයක් ක්‍රියාත්මක කිරීම – අනෙකුත් ත්‍රස්ත සංවිධාන මෙන් අදාළ ප්‍රදේශ වල සන්නද්ධ පරිපාලනය සහ එයට අදාළ පුද්ගල පාලනය පමණක් සිදු නොකොට, නිළ වශයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු සහ සේවා සැපයීම් වලට ඔවුහු මැදිහත් වෙති…එමගින් තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් පිරිස් බලය සහ මූල්‍ය ශක්තිය එක් කර ගැනීමට ඔවුහු සමත් වෙති….

2. එකී ප්‍රදේශ වල විවිධ ජන කොට්ඨාශ අතර අභ්‍යන්තර භේද බින්නතාවයන්ට අත පෙවීම තුළින් එක් එක් කළාපයෙහි මිත්‍ර සංවිධාන හෝ සහායක සංවිධාන ඇති කර ගැනීම

3. එසේ ඇති කරගත් මිතුරු කණ්ඩායම් හෝ කුඩා කණ්ඩායම් අවසානයේදී අයිසිස් සංවිධානයට අවශෝෂණය කර ගැනීම

4 ඔවුන් අයිසිස් අරමුණු වලට සහ කැලිෆේටයට එකඟ කරවාගෙන සටන් පෙරමුණු වලට අනුයුක්ත කිරීම

අයිසිස් සංවිධානය සමග සටන් වදින රාජ්‍යයන් සහ කණ්ඩායම්

ගුවන් ප්‍රහාර

2015 ජූනි මාසයේ 30 වනවිට අයිසිස් සංවිධානයේ ප්‍රධාන සටන් පෙරමුණු දෙක වන සිරියාවේ සහ ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ බලවේග විසින් ගුවන් ප්‍රහාර 4,550 ක් එල්ල කර තිබෙනවා… එම ප්‍රහාර වලින් 65% පමණ සාර්ථක වූ බව ඇමරිකානු හමුදා මධ්‍යම ආඥාපතීත්වය (US Central Command ) පවසනවා….

ඒ අනුව 30-06-2015 වනවිට :

ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 2,833
සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 1,717

එල්ල වී තිබෙනවා…මෙයින් අයිසිස් ත්‍රස්තයන් 11,500 + මිය යන්නට ඇති බවට ගණනය කෙරෙනවා.

මේ ගුවන් ප්‍රහාර එල්ල කරන ලද රටවල් පිළිබඳව ආයතනය දරන්නේ පහත සඳහන් දත්තයන්:

ඇමරිකා එක්සත් ජනපදය – ගුවන් ප්‍රහාර 2,000 + ( 100% ඉරාකය තුළ )

එක්සත් රාජධානිය – 447+

ප්‍රංශය – 178+

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය සහ ඩෙන්මාර්කය – 150+

අනෙක් ( සිරියානු ගුවන් හමුදාව සහ ඉරාක ගුවන් හමුදාව ඇතුළුව ) – 75+

නමුත් මෙම ගුවන් ප්‍රහාර වලින් කෙතරම් දුරකට අවශ්‍ය අරමුණු ඉටු වූවාද යන්න සැක සහිතය…. කාන්තාර සටන් සහ නාගරික සටන් පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ගරිල්ලා සටන් කරුවන් ලක්ෂය ඉක්මවා සිටින සංවිධානයක ව්‍යාප්තිය වැළැක්වීමේදී ගුවන් ප්‍රහාරම පමණක් ප්‍රමාණවත් නොවේ….මෙලෙස නම් සඳහන් නේටෝ සාමාජිකයන්ට අයත් කිසිදු හමුදාවක් තවමත් අයිසිස් සංවිධානය සමග ගොඩබිම් සටනකට එළඹී නැත.

එනමුත් ඇමරිකානු හමුදාවන් 2014 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින සංවිධාන වල සටන්කරුවන් 25,000 ක් පමණද, ඉරාක හමුදා සෙබළුන් 40,000 ක් පමණද නිළ මැදිහත් වීම් හරහා පුහුණු කොට ඇත.

අයිසිස්ට එරෙහිව ගොඩබිමින් සටන් වදින්නෝ

සිරියාවේදී

සිරියානු ආරක්ෂක හමුදාව ( Syrian Government Defense Forces) –

සිවු අවුරුදු සිරියානු සිවිල් යුද්ධයෙන් සහ ආර්ථික සහ තාක්ෂණික සම්බාධක වලින් බෙහෙවින්ම දුර්වලව සහ හෙම්බත්ව ඇති අතර, යුද අවි යාවත්කාළීනකරණය, අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීම ආදිය කළ නොහැකි වීමෙන් යල් පැනගිය අබලන් වූ අවි රැසක හිමිකම් ඇත්තෝය….එහෙත් අතිරේක භට සේනාංක සමග 600,000 ( හය ලක්ෂය ) අබිබවා යන පිරිස් බලයකින්ද, 1960 දශකයේ නිෂ්පාදිත සෝවියට් යුද ටැංකිද ඇතුලුව යුද ටැංකි 3000+ සංඛ්‍යාවක් ප්‍රමුඛ සන්නද්ධ රථද හිමිය….තවමත් ජනාධිපති බෂාර් අල් අසාද් යටතේ මධ්‍යම ආඥාපතීත්වයක නිළ හමුදාවක් ලෙස පවතී….සෙබළුන්, 40,000+ ක් පමණ මාස 8 ක් ඇතුළත සේවය අතහැර යෑම් නිසා බෙහෙවින්ම පීඩනයට පත්ව ඇත…

තවමත් සිරියාවෙන් විශාල කොටසක සිවිල් පාලනය රැකගැනීමට සමත්ව සිටිති…. නවීන ගුවන් ආරක්ෂණ පද්ධති සතු වුවත්, අයිසිස් වැනි තර්ජනයක් හමුවේ ඒවායින් ඵලක් නැත….

නිදහස් සිරියානු හමුදාව ප්‍රමුඛ ගරිල්ලා කල්ලි 17 ක් පමණ ( Free Syria Army and other Guerrilla outfits ) –

සටන් කරුවන් 29,000 ක් පමණ සිටියත්, ඔවුන් අතර පැවති විශාලතම බලවේගයන් ඒවායේ සංවිධාන සහ යුද රහස් සමගම අයිසිස් සංවිධානයට එක්වීමත් සමග බලවත් අර්බුදයකට සහ වික්ෂිප්ත භාවයකට පත්ව සිටිති….මේ වනවිට යුද පෙරමුණේ සැකය නිසාම තම තමන්ගේ සාමාජිකයන් බොහෝ සංඛ්‍යාවක් මරා දමා ඇත….අවි හිඟයකට මුහුණ දී සිටින අතර, එක් පසෙකින් අයිසිස් සහ අනික් පසින් සිරියානු රජය පමණක් නොව ඔවුනොවුන් අතරත් දරුණු ගැටුම් තිබීම නිසා දුර්වලව සිටිති… මෑතකදී අයිසිස් සංවිධානය තුර්කියට පහර දීම සඳහා ස්ථානගත වීමට දැරූ උත්සාහයට එරෙහිව ආරක්ෂණ පියවරක් ලෙස ඇමරිකාව සහ තුර්කිය එක්ව සටන් කරුවන් 6,000 කට පමණ නැවත පුහුණුව ලබා දුන්නද, ඒ පුහුණුව ලැබූවන්ගෙන් සමහරෙක් පලාගොස් අයිසිස් සමග එක්වීම නිසාත්, අයිසිස් වැටලීම් වලදී බටහිර රටවල් සහ තුර්කිය ඔවුන්ට ලබා දුන් අවි තොග අයිසිස් අතට පත්වීම නිසාත් අපේක්ෂාවන් ඉටු නොවිණි…..සෞඛ්‍ය පහසුකම් මද වීම හේතුවෙන් සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සාමාජිකත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී…ඔවුන් සතුව පැවති ප්‍රදේශ එකින් එක අයිසිස් අතට පත්වෙමින් පවතී….

මහජන ආරක්ෂක ඒකක – කුර්දි සටන් කරුවෝ ( People`s Protection Units – Yekeneyina Parastina Gel)

කුර්දි වරු වනාහි සිරියාවේ මිලියන 4 ක් පමණද ඉරාකයේ මිලියන 7 ක් පමණද ලොව පුරා මිලියන 40 ක් පමණද සිටින සෙමෙටික දේවවාදී ජාතිකත්වයකි….මෙම ජනතාව උතුරු දිග ඉරාකයේද නැගෙනහිර සහ ඊසාන දිග සිරියාවේද බෙහෙවින් සිටිති….කළක් සිරියානු හමුදාවන්ගෙන් එක් පසෙකින්ද, අනික් පසින් සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවන්ගෙන්ද දරුණු පීඩා ලැබූවන් වෙති…2003 වසරේ සිට ඉරාකයේද, 2011 වසරේ සිට සිරියාවේද ක්‍රියාත්මක අභ්‍යන්තර ගැටුම්, ගරිල්ලා ත්‍රස්ත කල්ලි සහ අස්ථාවරයත්වය හමුවේ කුඩා කණ්ඩායම් වශයෙන් තැන තැන ආත්මාරක්ෂක සහ සිය ජාතිය උදෙසා ප්‍රජා ආරක්ෂක ගරිල්ලා සටන් කරමින් සිටි කල්ලි 20 ක් පමණ එක්ව මෙම “මහජන ආරක්ෂක ඒකකය” පිහිටුවාගත්හ….

පුද්ගල ශක්තිය 70,000 ක් පමණ වෙති… ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ප්‍රධාන අවි සැපයුම් කරුවන් වන අතර, රුසියාවෙන්ද පුහුණුව සහ අවි ලැබී ඇත….සමස්ථයක් ලෙස අයිසිස් “කැලිෆේටය” පිහිටුවීමෙහිලා මොවුන් විශාල බාධකයක් වී ඇත්තේ ඉරාකය සහ සිරියාව යා කරන භූමිය පුරා මොවුන්ගේ නිජබිම් පිහිටීම හේතුවෙනි….

පුහුණුව අතින් සහ ආත්ම විශ්වාසය අතින්ද, සංවිධාන ශක්තිය අතින්ද මොවුන් මේ වනවිට අයිසිස් ත්‍රස්තවාදීන්ට භූමියේදී මුහුණ දෙන ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටිති….ඔවුන්ට පිටුපසින් තුර්කිය, යුරෝපා පිවිසුම සහ ගෝලාන් කඳුකරය ඇති හෙයින් සැපයුම් සඳහා මාර්ග බාධාවක් නොමැත….තමන්ගේ ජාතිය වෙසෙන ප්‍රදේශ සහ ඒවාට අයත් බොහෝ නගර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටිති….

ඉරාකයේදී

ඉරාක ජාතික ආරක්ෂක හමුදාව (Iraqi Army / Defense Forces) –

අතිරේක හමුදාවන් සමග මිලියනයකට (1000,000) ආසන්න පිරිස් බලයකින් යුක්ත වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවේග විසින් සපයන ලද නවීනතම තාක්ෂණය සතුය…එහෙත් මේ වනවිට මෙලොව සිටින දුර්වලතම හමුදාවක් බව ඔප්පු කර හමාරය…

දහස් ගණනක් සේවය හැර ගොස් සැඟවී සිටීම නිසා පිරිස් බලය අතින් පිරිහී ගොස් ඇත….අතිශය දුර්වල සංවිධාන ශක්තිය නිසා ඇතැම් හමුදා අනුඛණ්ඩ වලට සිය මතය ප්‍රචාරය කර ඔවුන් නම්මවා ගැනීමට අයිසිස් සමත්ව සිටිති…2003 වසරේ සිට ඉරාකය පුරා හටගත් ගරිල්ලා සටන් වලට මුහුණ දී හෙම්බත්ව සිටින අතර, 2005 වසරේ සිට විශේෂ ඇමරිකානු පුහුණුවක් ලැබූවද, පරාජිත මානසිකත්වය, ඉච්ඡා භංගත්වය හේතුවෙන් සටන් පෙරමුණු වලදී තම අවි ආයුධ අතහැර පලා යාම සිදුකරමින් සිටිති….නව සෙබළුන් පුහුණුවකින් තොර බැවින් ඔවුන් සතු නවීන ඇමරිකානු අවි වලින් නිසි ඵල නෙලා ගැනීමට නොදත්තෝ වෙති…මේ හෙයින් ඔවුන් අයිසිස් හමුවේ සියළු දේ අතහැර පළා යති….එසේ අයිසිස් සංවිධානයට සටනකින් තොරවම අත්පත් වූ ඇමරිකාව විසින් ඉරාක හමුදාවන්ට ලබා දී තිබුණු අවි තොග වල වටිනා කම 2015 අප්‍රේල් 27 වනවිට ඩොලර් මිලියන 615 කි… ( මූලාශ්‍ර: International Institute of Strategic Studies දත්ත ගබඩාව )

මෙවැනි අවි සහ ඒවායේ උපාංග ලොව අනෙකුත් ත්‍රස්ත සංවිධාන සහ ඇමරිකානු විරෝධී රජයන් වෙත වෙන්දේසියේ දමා අයිසිස් ත්‍රස්තයන් විශාල මුදලක් උපයා ඇති බවට වාර්ථා ඇත…

//…

Iraqi security forces lost 2,300 Humvee armored vehicles when ISIS overran the northern city of Mosul, Prime Minister Haider al-Abadi said on Sunday.

“In the collapse of Mosul, we lost a lot of weapons,” Abadi said in an interview with Iraqiya state TV. “We lost 2,300 Humvees in Mosul alone.”

While the exact price of the vehicles varies depending on how they are armored and equipped, it is clearly a hugely expensive loss that has boosted ISIS’s capabilities.

Last year, the State Department approved a possible sale to Iraq of 1,000 Humvees with increased armor, machineguns, grenade launchers, other gear and support that was estimated to cost $579 million.

Clashes began in Mosul, Iraq’s second city, late on June 9, 2014, and Iraqi forces lost it the following day to ISIS, which spearheaded an offensive that overran much of the country’s Sunni Arab heartland.

The militants gained ample arms, ammunition and other equipment when multiple Iraqi divisions fell apart in the country’s north, abandoning gear and shedding uniforms in their haste to flee…// –

( The “Lebanon Star” News Paper quoting Iraqiya State Television )

භූමි සටන් සඳහා කොතරම් පුහුණු කළත් ඉරාක හමුදාවන්ගේ ආත්ම විශ්වාසය කළමණාකරණය කර ගැනීමට ඉරාක රජය අපොහොසත්ව සිටිති…

ඉරාක ගරිල්ලා කණ්ඩායම් –

කුඩා කුඩා ගරිල්ලා කණ්ඩායම් 25 ක් පමණද, මහදි හමුදාව, හිස්බුල්ලා, ආදී අනෙක් කළාපයන් වල ප්‍රබල එහෙත් ඉරාකයේ මේ වනවිට දුර්වලව සිටින ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් අයිසිස්ට එරෙහිව සටන් වදිමින් සිටිති…. මේවායින් මහදි හමුදාව සහ හිස්බුල්ලා වනාහි මුස්ලිම් ලෝකයේ ප්‍රභල ප්‍රභේදයෙන් දෙකෙන් එකක් වන “ෂියා” මුස්ලිම් වරුන්ගෙන් සැදුම් ලත් සටන් කණ්ඩායම්ය….

අයිසිස් සංවිධානයේ උපත හේතුවෙන් සාමාජිකත්වය විශාල පිරිසක් අහිමි වී ඉතාම දුර්වලව සිටින අල් කයිඩා සංවිධානයද මෑතක සිට අයිසිස් වරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටිති…එහෙත් භූමියේදී ඔවුන්ගෙන් සටන් ප්‍රයාමයන්ට එතරම් සක්‍රීය දායකත්වයක් නොමැත….

මෙකී සංවිධාන 11 අවුරුදු ඉරාක සිවිල් යුද්දයෙන් සහ ඉරාකයේ සිටි ඇමරිකානු හමුදා සමග ඇතිකරගත් ගැටුම් වලින් මේ වනවිට වෙහෙසට පත්ව සිටින අතර, ඔවුන්ට අවි, පුහුණුව හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාර දුර්ලභය….සංවිධාන ශක්තිය බෙහෙවින්ම දුර්වලය…පිරිස් බලය 18,000 ක් පමණ වෙතැයි සී.අයි.ඒ සංවිධානය ගණන් බලා ඇත.. කැඩී බිඳී විසිරී ගොස් තැන් තැන් වල කුඩා කණ්ඩායම් ලෙස සිටිති…​