සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිŝ
සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම!
ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි. කෙනෙකු ඉස්ලාම් අනුමත කළ මාර්ගයේ රැකියාවක් කිරීම හෝ ව්‍යාපාර කටයුතු වල නියැලීම ඉස්ලාම් දකින්නේ යහපත් කි‍්‍රයාවක් වශයෙනි.
“සලාතය ඉටු කිරීමෙන් පසුව මහ පොළොවේ විසිරී ගොස්, අල්ලාහ්ගේ දායාදයන් (ජීවනෝපාය) සොයන්න” (ශු අල්කුර්ආනය: 62: 10).
“නුඹලාගෙන් යමෙක් තම ලණුව අතට ගෙන කන්දට ගොස් දරමිටියක් බැඳ පිටේ තබාගෙන ගොස් විකුණා ජීවත්වීම අන් අයගෙන් අතපෑමට වඩා ශ්‍රේෂ්ඨය. ඒ තුළින් අල්ලාහ් ඔහුව නින්දාවට ලක්වීමෙන්ද වළක්වයි. ජනයා ඉදිරියේ ඔහු අතපාන විට ඔවුන් යමක් දීමටත් හැක, නොදී ප‍්‍රතික්ෂේප කිරිමටත් හැක.” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ අබ්දිල්ලාහ් ජුබෙයිර් බින් අව්වාම් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).
“මාගේ ප‍්‍රාණය කවුරුන් සතුව පවතීද ඔහු මත දිවුරා ප‍්‍රකාශ කරමි, නුඹලාගෙන් යමෙක් දරමිටියක් තම පිටේ තබාගෙන යමක් ඉපැයීම අනුන්ගෙන් අතපෑමට වඩා ඔහුට වැදගත් වන්නේය. ඔහු කාගෙන් අතපායිද (ඔහු මනාප නම්) යමක් පිරිනමයි නැතහොත් කිසිවක් නොදී ප‍්‍රතික්ෂේප කරයි” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).
“දාවූද් (අලෙයි) තුමන් තම අතින් උපයාගත් දේ හැර (වෙන කිසිවක්) ආහාරයට නොගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).
“සිය දෑතින් උපයා අනුභව කරන කෑම වේලට වඩා වැදගත් ආහාරයක් කිසිවෙකුට අනුභව කළ නොහැකිය. අල්ලාහ්ගේ දූතවරයකු වූ දාවූද් (අලෙයි) තුමන් තම දෑතින් උපයාගත් දෙයින් පමණක් ආහාර ගැනීම පුරුද්දක්කර ගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (විස්තර කරන්නේ: මික්දාම් බින් මඃදිකරිබ් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).
“සකරියියා (අලෙයි) තුමන් දැව කර්මාන්තයේ යෙදුන වඩුවෙකු වශයෙන් ජීවත්වූහ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).
අල්ලාහ්ගේ දහම ප‍්‍රචාරය කිරීමෙහි මහඟු කටයුත්ත තම කරටගත් දූතවරුන් පවා සිය දෑතින් උපයා ආහාර වේල සොයා ගැනීම උතුම් කොට සැළකූ බව ඉහත පුවත්වලින් මොනවට ගම්‍යමාන වෙයි.
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප්