සිරකරු_විවාහය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    අපූරු හේතුවකට පිටස්තර කාන්තාවක මැගසින් බන්ධනාගාර සිරකරු සමග සිදු කළ නිර්භිත විවාහය



    firefox_2017-12-08_07-57-54.jpg



    කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ඊයේ (07) සිදුවූ විවාහය සුවිශේෂි එකකි. අවුරුදු 37 1/2 ක සිර දඬුවමක් විදිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ 41 වන වියේ පසුවන බාහිර කාන්තාවකි. මෙය විවාහයකටත් එහා ගිය නිර්භිත කාන්තාවකගේ කතාවකි.
    මෙම විවාහය විශේෂ වන්නේ සිරගතවුවකු සමග විවාහ දිවියට පිවිසීමේ නානාප්‍රකාර බාධා බිඳගෙන අපූරු හේතුවක් මත
    මෙම විවාහය සිද්ධ වීමයි.බන්ධනාගාරවලරැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නම් බිරිඳක විය යුතුය යන නියමය එම හේතුවයි. මනාලිය බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මෙම මංගල්‍යය සිරගෙයි ඇතුළේ සිද්ධවූ නිසා මංගල ඡායාරූප ගන්නට පවා අවසර ලැබී නැත. එකම ඡායාරූපය රෙජ්ස්ට්‍රාර්වරයා සිය ජංගම දුරකථනයෙන් ලබාගත්තත් එය මකා ඇත.

    නමින් ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වු මෙම මනාලිය විවාහ වූයේ සෙනරත් බන්දුල ලියනාරච්චි සමගයි.මැගසින් බින්ධනාගාරය තුළ දී සිදුවු ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට් එය ආවරණය කරන්නව අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටත දී ය.

    රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.

    අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය. බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආභරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළුවීම් තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම් හා බෑනියම් පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතු ෂමිලා පැවැසුවාය.

    "මේ මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට්‍රාර් මහත්තයා. එතුමාගේ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිවුවා. කිසියම් ඥාතියෙකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඩේ අවුල් කරන්න විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරත් නොවෙයි. හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා. ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා.

    මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවු මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි සපයන සාක්ෂිකාරයෙත්. මේ නිසාම ඔහුට බැණවැදීම් තර්ජන විශේෂ පහර දීම් සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශත්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරත් නොවෙයි.ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.

    මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණ දවසේ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන.

    අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.” ඇය කීවාය.

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා
    සිර කරුවා නිසා වෙනත් කෙනෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක නිසයි සිරකරුවට මෙහෙම වෙලා තියෙන්නෙ. මෙතන වෙනා ඕන අධිකරණ ක්‍රමය ශක්තිමත් කිරීම මගින් නිවැරදි කරුවන්ට දඬුවම් හිමිවෙන එක වලක්වන එක.
    :lol::lol:
     
    • Like
    Reactions: hi.dushan
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් එතකොට හනිමුන් එක ? හිරේ ඉඳන්මද ? මාංචු දාන් හුකයි පවු නේද ?
     
    • Like
    Reactions: hi.dushan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා
    සිර කරුවා නිසා වෙනත් කෙනෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක නිසයි සිරකරුවට මෙහෙම වෙලා තියෙන්නෙ. මෙතන වෙනා ඕන අධිකරණ ක්‍රමය ශක්තිමත් කිරීම මගින් නිවැරදි කරුවන්ට දඬුවම් හිමිවෙන එක වලක්වන එක.
    :lol::lol:

    REP 18+ ADDED
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    මටත් ඔකමයි හිතුනේ:yes: