සිරන්ති නෝනා කරලියට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සිරන්ති නෝනා කරලියට

Shiranthi-insted-Gota.jpg


ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ ක්‍රමවත් පිළිවෙළකට නොවන බැවින් ඔහු තවමත් අමෙරිකානු පුරවැසියකු වන බව සඳහන්කරමින් සිවිල් සංවිධාන එකමුතුව අභියාචනාධිකරණය හමුවේ ‌ගොනු කරන ලද ‌පෙත්සම අද විභාගයට ගැණුනු අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අනිද්දා ‌ඔක්තෝම්බර් 2 ‌බදාදා සිට 02 , 03 සහ 04 දිනවලදී විභාගයට ගැනීමට තීන්දු ‌කෙරිණ. ජනාධිපතිවරණයේ නාම ‌යෝජනා බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 7 ‌වෙනිදා ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත.

සිවිල් සංවිධාන එකමුතුව ‌වෙනුවෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් මෙම පෙත්සම ගොනු කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ 2005 වසරේ නොවැම්බර් මස වන විට එම විෂයයට අදාළ ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටි බවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි කවුරුන් හෝ අත්සන් කර ඇති බවත් ඒ කවුරුන්දැයි පැහැදිළි නොමැති බවත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ‌ගෝඨාභය ද්විත්ව පුරවැසි භාවය ලබා ‌ගෙන ඇත්තේ 2005 දී ‌නොව පසුකාලයක දී ‌පෙර දිනයක් සඳහන් කරමින් සත්‍ය ඉල්ලුම් පත් ‌දෙකක් අතරට තමාගේ ඉල්ලුම් පත රිංගවමිනි. එහිදී ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට නියමිත රජයේ ගාස්තුවද ‌ගෙවා නැත. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයම අවලංගු එකකි.

මීට අමතරව ‌ගෝඨා අලුතින් ලබා ‌‌ගෙන තිබෙන ද්විත්ව පුරවැසි භාවයක් සඳහන් ‌නොවන විදේශ ගමන් බලපත්‍රයද ප්‍රශ්න කාරී වී ඇත. එය ලබා ගැනීමට ‌ඔහු පැමිණවත් නැත. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ අලුත් ජාතික හැඳුනුම්පතකි. පුරවැසියෙකු අලුතින් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තද ඔහුට හිමිවන්නේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකයම වුවද ‌ගෝඨාභය ගේ නව ජාතික හැඳුනුම්පතේ ඇත්තේ අලුත් අංකයකි. නමුත් ඔහුට ‌මෙවර ඡන්දය හිමි 2018 ඡන්ද දායක ලැයිස්තුවේ ඇත්තේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකය වන 491724021V අංකයයි. ‌මේවා ද බරපතල ප්‍රශ්න ය.

"ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු රටේ ජනාධිපතිවරයා වීමේ අවදානමක් මෙහි තිබෙනවා. ඒ නිසාම ‍අපේ ‍රටේ ජාතික ආරක්ෂාවට, සෛරීත්වයට, නීතියේ අධිපත්‍යයට හා ව්‍යවස්ථාව ආදී දේවල්වලට තර්ජනයක් තිබෙනවා. ඔහුගේ අලුත් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයත් ගැටලු සහගත බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ‌මේවා නිරවුල් කර ගැනීමට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකියාව තිබෙන්නේ අධිකරණය හරහායි." ‌මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ‌තේනුවර පවසයි.



මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ‌ගෝඨාභය ‌වෙනුවට ‌‌වෙනත් විකල්ප අපේක්ෂකයෙකු ද සූදානම් කර තබා ගන්නැයි මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය විසින් මහින්ද රාජපක්ෂට රහසිගත පණිවුඩයකින් දන්වා ඇතැයි නිල ‌නොවන ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ‌ෙගේ අභ්‍යන්තර කවයේ අයෙක් ලංකා ඊ නිව්ස් ‌වෙත කියා සිටියේ කිසිවෙකු ‌නොදන්නා නමුත් බැසිල් ‌මේ වන විටත් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටින බවයි. නමුත් කලකට ‌පෙර බැසිල් මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අදහසක් නැති බවයි.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4 වෙනිද වෙද්දි තීන්දුව එනවනෙ, මොකට e-නිවුස් පච විස්වාස කරනවද...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan gotata puluwan neda civil case ekak danna defamation wage ekak dala pethsam dapu ayagen wandi illala?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pissu kota munwa ballo nawana horse eken nawana ekath waradi na jvp un awilla pissu ballo:yes:;);):yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අරෙහෙන් මරික්කාර් පොන්ස් කියනවා උන්ගේ පක්ෂේ කිසි සම්බන්ධයක් නැතිලු නඩුවට..මෙහෙන් පොන්ස් පෙරේරා වැළපෙනවා. :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    :lol::lol::lol::lol::lol:

    ගෝටා ආවොත් ලේසියෙන් පුළුවන් කියපු එකා ඇය් මේම ?


    ඌ කියලා තියෙන්නේ ගූ ඇන් පිය ලේසියෙන් පරදිනවා කියලා :lol:


    අවමංගල මතක් වුනා :lol:





    රාජපක්ෂලාට යන එන මන් නැති වෙන්න අපි පරදිනවා-මංගල
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඌ කියලා තියෙන්නේ ගූ ඇන් පිය ලේසියෙන් පරදිනවා කියලා :lol:


    අවමංගල මතක් වුනා :lol:



    ආ ඒක මිසක්. මටයි වැරදිලා තියෙන්නේ. ලැට් කටා කොයි දන්නේ නෑ :lol::lol: