සිරසේ තවත් කෙනෙක් අාණ්ඩුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම් වශයෙන් සිරස TV රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය පත් කර තිබෙනවා. අදාළ පත්වීමේ ලිපිය ඊයේ (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇයට ලබාදුන්නා. කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය මීට කලකට පෙර සිරස නාලිකාවේ ‘කැදැල්ල’ වැඩසටහනේ නිවේදිකාවක ලෙස කටයුතු කළා

    කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මියගේ සැමියා වන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වන දමිත වික්‍රමසිංහ මහතායි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ තරුණ සංවිධාන කමිටුවේ සභාපතිවරයාද වනවා.

    FB_IMG_1625969343972_copy_540x540.jpg



    :lol:සිරස තහනම් කරන ඵකක් නෑ ඒකේ හැමෝම බිලී බාගන්නවා..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අප්සාරිත් එක්ක දෙන්න එකතුවෙලා ලොකුමාතියව ප්‍රකම්පනේ කරතැකි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹලට හිතනේනෙ නැද්ද සිරසෙ වැඩ්ඩො ටික හෙමින් සැරේ ලොකු ගානක් දීලා අරගෙන සිරසට කෙලවන්න යන්නෙ කියල
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    ලොකු සර්ව ගොඩක් මහන්සි කරන්න එපා පාලනය ඔබ තුමිය ගන්න සම්බන්ධ කරනකොට