සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?


    මේ දවස්වල දොලොස්මහේ පහනද මොකද්ද එකේ විකාශට වෙනව අමුතු විදිහෙ වැඩ සටහනක්. සෙනසුරාද උදේ තමා මේක විකාශය වෙන්නෙ මේ වැඩ සටහනේපැහැදිලි අරමුණක් නැති උනාට මේකෙන් කාන්තා පරපුරට යම් හානියක් වෙන්න නම් පුලුවන් කියල පේන නිසා තමා මේ ගැන ටිකක් කතා කරන්න හිතුනේ.

    ScreenHunter_09+Aug.+29+18.19.gif


    මෙකේ තියෙන ප්‍රදානම අංගය තමයි , මෙයාල යනවා ටිකක් ලස්සන, වැඩිය සල්ලි එහෙම නැති, ඒ කිවුවේ සරලවම කිවුවොත් වැඩිය මොඩ් නැති කෙල්ලෙක් හොයාගෙන. ඊට පස්සෙ ඉතින් සති දෙකක් මෙයාව තියාගෙන මොඩ් කරනව. මොඩ් කරනව කියල කරන්නෙ , ටික කාලයක් ප්‍රසිද්ධ වෙල හිටිඅපු බොරු සාත්තර කාරයෙක් මෙයාට ජීවිතෙ ගැන කියල දෙනව. කොටින්ම කිවුවොත් වෙන්නෙ මෙ අහින්සක කෙල්ලව මුරුන්ග අත්තෙ උඩින්ම තියනව. කෙල්ලත් ඔලුව වන වන පිලිගන්නවනෙ.

    ScreenHunter_12+Aug.+29+18.24.gif
    ScreenHunter_11+Aug.+29+18.23.gif
    ScreenHunter_10+Aug.+29+18.22.gif
    ScreenHunter_13+Aug.+29+18.25.gif
    ScreenHunter_14+Aug.+29+18.26.gif
    ScreenHunter_15+Aug.+29+18.30.gif


    ඔන්න ඊට පස්සෙ කරන්නෙ මේයාව සැලොන් එකකට එක්කන් යනවා එකත් පොඩි අඩ්වර්ටීස්මන්ට් එකක්. එක දන්නො දනිති. එකට ගියම ඉතින් මෙ කෙල්ලගෙ අඩු පඩු පෙන්න්න පෙන්න එයා එච්චර ලස්සන නැ කියල ඔප්පු කරනව. ඊට පසෙ ඉතින් මෙයාට ෆේශල් කරලා, කොන්ඩෙ කපල ස්ට්‍රේට් කරල ගන්නව. තව ඉතින් ඔන්න අඳුම් කඩෙකට ගිහින් හොඳට අඟ පසඟ පේන ( අඟ පසඟ තිබුනත් නැතත්) අඳුමක් එහෙම අරගන්නව. ඊට පස්සෙ ඉතින් ඔන්න සති දෙකකට පස්සෙ වැඩ සටහනට එනවා. එනකොට ඉතින් දන්නවනෙ මේකප් නාලා තම එන්නෙ. ඉතින් එ කෙල්ල වගේම එක බලන් ඉන්න මිනිස්සුත් හිතනව ශා ඇත්තමයිනෙ කොච්චර වෙනස් කරලද කියල.

    අහින්සක දුප්පත් පවුලක කෙල්ලෙක් අරන් ගිහින් එ කෙල්ලගෙ ලජ්ජ බය නැති කරල ඒ කෙල්ල වෙලඳ භාණ්ඩයක් කරගන්න එකටද මේ චමත්කාරය කියන්නෙ..??? මේ කෙල්ල දන්නෙ නැ එ කෙල්ල සිරසට එකම එක වෙලඳ භාණ්ඩයක්, කොටින්ම කිවුවොත් බඩුවක් කියල.

    අනිත් එක තමයි ඔය අතරෙ එක එක නිරූපිකාවොන්ට මොකක්හරි බාගෙට පේන අඳුමක් අන්දල පෙන්නල කියනව මේක තමයි අලුත්ම ට්‍රේන්ඩ් එක කියල. අනේ ඉතින් මේ අපේ එවුනුත් මෙවා බල බල ඔය අඩ නිරුවත් ඇඳුම් අඳින්න ගන්න එක තමා දුක.

    ජීවිතේ චමත්කාරය කියන්නේ මේ වගේ කොන්ඩෙ ස්ට්‍රේට් කරල අඩනිරුවත් ඇඳුමක් ඇඳල මේකප් කරගෙන කුරුඳුවත්ත සංස්කෘතිය පස්සෙ යන එක නෙමෙයි. ජීවිතේ තමුන්ට ලැබෙන දේ වලින් සතු‍ටු වෙලා, සරල දිවි පැවැත්මකට හුරු වෙන එකයි. ඔනවට වඩා ඕනම දෙයක් ඔනෙම නෑ කියනවනෙ. අනිත් එක රූපවාහිනී නාලිකාවක් උනාම තමුන්ගෙ දැක්මක් තියෙන්න ඔනේ. ඒ දැක්ම ප්‍රේක්ශක ජනතාවගේ සුභසිද්දිය සඳහා වෙන්නත් ඔනේ. කාන්තාවෝ කියන්නේ පේමන්ට් එකේ විකුනන සෙල්ලම් බඩු නෙමෙයි කියන එකත් තෙරුම් ගන්න ඔනේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඕක අපේ උන්ට තේරෙන්නෑ බන් , සමහර විට ඔය කෙල්ලත් හිතලම , සල්ලිවලට ඕකට එනවා වෙන්න ඇති. කොහොමත් අපේ හොදට ඉන්න උන්ව කාලකන්නි කරන්න ඔය සිරසනම් ගොඩක් වෙහෙසෙනවා කියලා අපි දන්න්නවනේ..
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    haha lankawe inne babalane hoda naraka terene neti.. nikan moda atal dena thread dana epa.. monawa pennuwat balana kena e deh karanawada natda kiyala molen hitana ona.
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    Thamanta Galapena deyak kirime waradak na, api hamoma kamathi lassanata inna, eth thamanta galapenne nathi dewal nokara inna eka thamai hoda.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔය වගෙ වැඩසටහන් ලොකෙ හැම තැනම තියෙනවා , මචන් උබට එ වැඩසටහනෙ අරමුන ඇල්ලුවෙ නැ කියලා අපි මොකො කරන්නෙ , උබ අපිට කියන්නෙ සිරසට තව පාරක් ගල් ගහන්න කියලා ද?:oo: