සිරස ටී.වී.ඔස්සේ 2002-2003 වගේ කාලයේ විකාශය වූ බාදුරා දේශය ටෙලිනාට්‍යය මතකද ?
ලංකාවේ සිදුවූ සත්‍ය වගේම තරමක අබිරහස් සිදුවීම් පාදක කරගෙන තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය වෙලා තිබුණේ.මේ ටෙලිනාට්‍යයේ හොදටම මතකයේ තියෙන කොටස් කිහිපයක් තියෙනවා.ඒ අතරින් රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ කිරිඇල්ල මහා විද්‍යාලයේ 2001 වසරේ පමණ සිදුවූ පිහි ඇනුම් සිද්ධිය විශේෂයි.මේ සිදුවීම පාදක කරගෙන තැනුණු කොටසේ නම "දයාබර සදලි".මෙහි "සදලි" ලෙස නදීශා අලහප්පෙරුම හා ඇගේ ප්‍රේමය පතන තරුණයා ලෙස ජෙහාන් අප්පුහාමි නම් ශිල්පීන් දෙදෙනා රංගනයෙන් දායක වුණා.දුර බැහැරක සිට නගරයේ පාසලකට පැමිණෙන රූමත් සිසුවියකගේ ප්‍රේමය පතා යන එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තමාව ප්‍රතික්ශේප කිරීම නිසා සිසුවියට පිහියකින් ඇන ඝාතනය කිරීම හා පසුව තමා වස පානය කිරීම තමයි මේ කොටසේ තිබුණේ.නුවරඑළිය ගාමිණි විදුහලේ අදාල රූගත කිරීම් කර තිබුණා.
තව කොටසක තිබුණා විවාහක තරුණ ගුරුවරියක හා පෙමින් බැදෙන වයසින් බාල කෙලිලොල් තරුණයෙකුගේ කතාවක්."ආදර හීනය "නමින් නම් කර තිබූ එම කොටසේ හැදින්වීම සහිත පුවත්පත් කොටස තමයි පහතින් දක්වා තිබෙන්නේ.
තවත් කොටසක තිබුණා තරුණ යුවලක් හෝටල් කාමරයක ලැගුම් ගත් පසු අත්වැරදීමකින් තරුණිය මරණයට පත්වීමත් ,සුවද විලවුන් යොදාගෙන ඇගේ සිරුර කාමරය තුලම තබා ගැනීමට එම තරුණයා කටයුතු කිරීමත් ඇතුලත් කතාවක්.මෙහි රංගනයෙන් දායක වුණේ ෆර්නි රෝෂිනී හා ජෙහාන් අප්පුහාමි යන ශිල්පීන්.ඒ කොටසේ නම් "ඊට පස්සේ අමාවක" මේ හොදින්ම මතකයේ තිබුණු කොටස්.තවත් කොටස් රැසක් තිබුණා.හැම කොටසක්ම සත්‍ය,ගුප්ත සිදුවීම් පාදක වූ ඒවා.අවසානය තරමක් දුක්බරයි.ඒ වගේම නුවරඑළිය,හපුතලේ වගේ සීතල පලාත් වල තමයි රූගත කරලා තිබුණේ .
කණගාටුවට කරුණ නම් මේ ටෙලිනාට්‍යය යූ ටියුබ් තුල වත් හොයාගන්න නොමැති වීමයි.මිහිරි ගීත කිහිපයක්ම අඩංගු වී තිබුණා සෑම කොටසකම වාගේ.ඒවා තාමත් යන්තම් මතකයි.දයාබර සදලි කොටසේ තිබුණු" කදුලු බිංදුවේ",ආදර හීනය කොටසේ තිබුණු "පාවී යන්න හිතයි",ඊට පස්සේ අමාවක කොටසේ තිබුණු "අදුර දොරකඩයි,දොරකඩ නුඹේ රුව පෙනෙයි "....වගේ ගීත ඉතාම මිහිරියි.ඒ ගීත හොයාගන්නත් නෑ."පාවී යන්න හිතයි" ගීතය විතරක් එහි රචක මහත්මයා විසින් ෆේස්බුක් එකට මෑතකදී එකතු කරලා තිබුණා වාසනාවකට.නැත්නම් ආපහු කවදාවත් අහන්න නොලැබෙන්න පුළුවන්.එහි link එක මෙහි පළමු comment එකට එක් කොට තිබෙනවා.මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගායනා කරන "සුළගේ පාවී ගීයේ" රූප රචනාවට යොදාගෙන තිබෙන්නේ දයාබර සදලි කොටසට අයත් රූපරාමු.ඒත් ඒවා තරමක් අපැහැදිලියි.
.මේ ටෙලිනාට්‍යය ආපහු නරඹන්න ආසාවෙන් හිටියත් නැවත විකාශය වුණේ නැහැ.බලන්න ක්‍රමයක් තියෙනවා නම් සහ මේ ගීත සොයාගැනීමට ක්‍රමයක් තිබෙනවා කියන්න කියලා ඉල්ලා සිටිනවා.