සිරසේ සිංහල Horror TV Show එක

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    සිරසේ ගිය 2005-08 කාලේ ගිය සිංහල Horror TV Show නම දන්නවද ? සිරසේ වැඩ කරන කවුරු හරි දන්නවද උබලාගේ දවස් වල ගියා සිංහල Horror show එකක්, මට නම නම් මතක නැහැ, හැබැයි කතාවක් නම් මතකයි, ඒකේ තිබුණේ මනුස්සයෙක්ගේ අතක් කපලා තව කෙනෙකුව බද්ධ කරනවා, ඉට පස්සේ ඒ බද්ධ කරපු අත ඒ මනුස්සයාට පාලණය කරන්න බැරි වෙලා යනවා වාගේ එකක්, මාර අමුතු කතා ගිය drama එකක්.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකෙ නේද, මැරුණ ගෑනු කෙනෙක් එක්ක කොලුවෙක් කාමරේක හිරවෙලා ඉන්න කතාව යන්නෙ...
    අමරසිරි පීරිස්ගෙ ඇය "යන්නගියා මැකිලා" සිංදුව එහෙමත් ඒ කතාවෙ තියෙන්නෙ...

    මට මතක විදිහට නම "කළු සුදු අන්තරය" වගේ එකක්...
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සිරසේ ගිය 2005-08 කාලේ ගිය සිංහල Horror TV Show නම දන්නවද ? සිරසේ වැඩ කරන කවුරු හරි දන්නවද උබලාගේ දවස් වල ගියා සිංහල Horror show එකක්, මට නම නම් මතක නැහැ, හැබැයි කතාවක් නම් මතකයි, ඒකේ තිබුණේ මනුස්සයෙක්ගේ අතක් කපලා තව කෙනෙකුව බද්ධ කරනවා, ඉට පස්සේ ඒ බද්ධ කරපු අත ඒ මනුස්සයාට පාලණය කරන්න බැරි වෙලා යනවා වාගේ එකක්, මාර අමුතු කතා ගිය drama එකක්.
    Bump
     
    • Like
    Reactions: Bobmaly

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඕකෙ නේද, මැරුණ ගෑනු කෙනෙක් එක්ක කොලුවෙක් කාමරේක හිරවෙලා ඉන්න කතාව යන්නෙ...
    අමරසිරි පීරිස්ගෙ ඇය "යන්නගියා මැකිලා" සිංදුව එහෙමත් ඒ කතාවෙ තියෙන්නෙ...

    මට මතක විදිහට නම "කළු සුදු අන්තරය" වගේ එකක්...
    ඔක youtube එකේ නැතුව ඇති නේද
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඕකෙ නේද, මැරුණ ගෑනු කෙනෙක් එක්ක කොලුවෙක් කාමරේක හිරවෙලා ඉන්න කතාව යන්නෙ...
    අමරසිරි පීරිස්ගෙ ඇය "යන්නගියා මැකිලා" සිංදුව එහෙමත් ඒ කතාවෙ තියෙන්නෙ...

    මට මතක විදිහට නම "කළු සුදු අන්තරය" වගේ එකක්...
    කොල්ලාට ඉන්නේ ජෙහාන් අප්පුහාමි
    ගැහැණු කෙනාට ෆර්නි රෝශිනි නේ?? :yes:

    ඔය කථා සෙට් එකේ එක කතාවක් මේ වීඩියෝ එකට අරන් තියෙන්නේ....
    මේකේ නම් පිහියෙන් අනිනව කෙල්ලට අන්තිමට මතක විදියට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොල්ලාට ඉන්නේ ජෙහාන් අප්පුහාමි
    ගැහැණු කෙනාට ෆර්නි රෝශිනි නේ?? :yes:

    ඔය කථා සෙට් එකේ එක කතාවක් මේ වීඩියෝ එකට අරන් තියෙන්නේ....
    මේකේ නම් පිහියෙන් අනිනව කෙල්ලට අන්තිමට මතක විදියට

    හරියට හරි... ඒක තමයි...

    කතාවෙ නම හරියට මතක නෑනෙ...😥
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හරියට හරි... ඒක තමයි...

    කතාවෙ නම හරියට මතක නෑනෙ...😥
    Hambuna brother :D

    සිරස ටී.වී.ඔස්සේ 2002-2003 වගේ කාලයේ විකාශය වූ බාදුරා දේශය ටෙලිනාට්‍යය මතකද ?
    ලංකාවේ සිදුවූ සත්‍ය වගේම තරමක අබිරහස් සිදුවීම් පාදක කරගෙන තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය වෙලා තිබුණේ.මේ ටෙලිනාට්‍යයේ හොදටම මතකයේ තියෙන කොටස් කිහිපයක් තියෙනවා.ඒ අතරින් රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ කිරිඇල්ල මහා විද්‍යාලයේ 2001 වසරේ පමණ සිදුවූ පිහි ඇනුම් සිද්ධිය විශේෂයි.මේ සිදුවීම පාදක කරගෙන තැනුණු කොටසේ නම "දයාබර සදලි".මෙහි "සදලි" ලෙස නදීශා අලහප්පෙරුම හා ඇගේ ප්‍රේමය පතන තරුණයා ලෙස ජෙහාන් අප්පුහාමි නම් ශිල්පීන් දෙදෙනා රංගනයෙන් දායක වුණා.දුර බැහැරක සිට නගරයේ පාසලකට පැමිණෙන රූමත් සිසුවියකගේ ප්‍රේමය පතා යන එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තමාව ප්‍රතික්ශේප කිරීම නිසා සිසුවියට පිහියකින් ඇන ඝාතනය කිරීම හා පසුව තමා වස පානය කිරීම තමයි මේ කොටසේ තිබුණේ.නුවරඑළිය ගාමිණි විදුහලේ අදාල රූගත කිරීම් කර තිබුණා.
    තව කොටසක තිබුණා විවාහක තරුණ ගුරුවරියක හා පෙමින් බැදෙන වයසින් බාල කෙලිලොල් තරුණයෙකුගේ කතාවක්."ආදර හීනය "නමින් නම් කර තිබූ එම කොටසේ හැදින්වීම සහිත පුවත්පත් කොටස තමයි පහතින් දක්වා තිබෙන්නේ.
    තවත් කොටසක තිබුණා තරුණ යුවලක් හෝටල් කාමරයක ලැගුම් ගත් පසු අත්වැරදීමකින් තරුණිය මරණයට පත්වීමත් ,සුවද විලවුන් යොදාගෙන ඇගේ සිරුර කාමරය තුලම තබා ගැනීමට එම තරුණයා කටයුතු කිරීමත් ඇතුලත් කතාවක්.මෙහි රංගනයෙන් දායක වුණේ ෆර්නි රෝෂිනී හා ජෙහාන් අප්පුහාමි යන ශිල්පීන්.ඒ කොටසේ නම් "ඊට පස්සේ අමාවක" මේ හොදින්ම මතකයේ තිබුණු කොටස්.තවත් කොටස් රැසක් තිබුණා.හැම කොටසක්ම සත්‍ය,ගුප්ත සිදුවීම් පාදක වූ ඒවා.අවසානය තරමක් දුක්බරයි.ඒ වගේම නුවරඑළිය,හපුතලේ වගේ සීතල පලාත් වල තමයි රූගත කරලා තිබුණේ .
    කණගාටුවට කරුණ නම් මේ ටෙලිනාට්‍යය යූ ටියුබ් තුල වත් හොයාගන්න නොමැති වීමයි.මිහිරි ගීත කිහිපයක්ම අඩංගු වී තිබුණා සෑම කොටසකම වාගේ.ඒවා තාමත් යන්තම් මතකයි.දයාබර සදලි කොටසේ තිබුණු" කදුලු බිංදුවේ",ආදර හීනය කොටසේ තිබුණු "පාවී යන්න හිතයි",ඊට පස්සේ අමාවක කොටසේ තිබුණු "අදුර දොරකඩයි,දොරකඩ නුඹේ රුව පෙනෙයි "....වගේ ගීත ඉතාම මිහිරියි.ඒ ගීත හොයාගන්නත් නෑ."පාවී යන්න හිතයි" ගීතය විතරක් එහි රචක මහත්මයා විසින් ෆේස්බුක් එකට මෑතකදී එකතු කරලා තිබුණා වාසනාවකට.නැත්නම් ආපහු කවදාවත් අහන්න නොලැබෙන්න පුළුවන්.එහි link එක මෙහි පළමු comment එකට එක් කොට තිබෙනවා.මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගායනා කරන "සුළගේ පාවී ගීයේ" රූප රචනාවට යොදාගෙන තිබෙන්නේ දයාබර සදලි කොටසට අයත් රූපරාමු.ඒත් ඒවා තරමක් අපැහැදිලියි.
    😢
    .මේ ටෙලිනාට්‍යය ආපහු නරඹන්න ආසාවෙන් හිටියත් නැවත විකාශය වුණේ නැහැ.බලන්න ක්‍රමයක් තියෙනවා නම් සහ මේ ගීත සොයාගැනීමට ක්‍රමයක් තිබෙනවා කියන්න කියලා ඉල්ලා සිටිනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    සිරසේ ගිය 2005-08 කාලේ ගිය සිංහල Horror TV Show නම දන්නවද ? සිරසේ වැඩ කරන කවුරු හරි දන්නවද උබලාගේ දවස් වල ගියා සිංහල Horror show එකක්, මට නම නම් මතක නැහැ, හැබැයි කතාවක් නම් මතකයි, ඒකේ තිබුණේ මනුස්සයෙක්ගේ අතක් කපලා තව කෙනෙකුව බද්ධ කරනවා, ඉට පස්සේ ඒ බද්ධ කරපු අත ඒ මනුස්සයාට පාලණය කරන්න බැරි වෙලා යනවා වාගේ එකක්, මාර අමුතු කතා ගිය drama එකක්.
    මේක හෙන ප්‍රසිද්ද කෙටි කතාවක්.අත කපලා බද්ද කරන එක
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොල්ලෙක් කෙල්ලෙක්ව බැදල ඉන්න ගෙයක් හොයනවා කුඩ්ඩෙක් උස බිල්ඩිමක අපාර්මෙන්ට් එකක් මූට සෙට්කරනවා බාගෙට හදන් යන තැනක වැඩ නවත්තපු එකක්. කොල්ල බිල්ඩිමෙ 45වෙනි තට්ටුවෙ තමන්ට කුඩ්ඩ සෙට් කරපු කාමරේ කෙල්ලට නොකිය බලන්න යනවා රූම් එකට ගියාම හුලගටදොර ලොක් වෙනව පිටින්.. කොල්ලට එලියට එන්න බැරුව හෙන කාලයක් හිරවෙනා සත්තුන් මරල කකා ඉන්නවා කෑගැහුවත් බිම එවුන්ට ඇහෙන්නෑ..කාලයක් ගිහින් එලියට ගන්නකොට කෙල්ලත් මූ අතුරුදන් නිසා වෙන එකෙක් බැදල මොකක්ද මේ ෆිල්ම් එක