සිරසේ “අවංක“ අයියගේ නංගි

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    සිරසේ “අවංක“ අයියගේ නංගි

    සිරසේ “අවංක“ අයියගේ නංගි දැන් මඩ හෝදගන්න හෙන ට්‍රයි එක... එයාලම හොරෙන් වීඩීයෝ කරපු ඒවා දාලා එයාලා බබාලය කියන්නේ... එයාලා ගියේ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශවල පරස්පරතා ගැන දෙරණෙන් අහන්නළු. ඒක අහ ගන්න එහෙට ගිහින් වැඩක් ඇතෑ..

    1- නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශ පරස්පර නම් සිරස යායුතුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ පිළිබඳව විමසා සිටීමට මිස දෙරණට නොවේ. නාගරික සංවර්ධන අධිකාරියට යාමට පෙර දෙරණ සතු අදාල වීඩීයෝ පටයක් උවමනා කර ඇත්නම් එය ලබා ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ගය වන්නේ රහසිගතව වීඩීයෝ කරන්නට කණ්ඩායමක් හා නිවේදිකාවක් යැවීම නොව ඒයට සුදුසු නියෝජිතයකු ලවා එය කරවා ගැනීමයි. දෙරණ එය ලබා දීමට අකමැති නම් ඒ ගැන උසාවි නියෝගයක් ගැනීම වැනි දෙයක් මිස කැමරා උස්සං යාමට උවමනාවක් නැත.

    2- අවසර නැතිව දෙරණ ආයතනය තුල රූපගත කිරීම නීතියට අනූකූල දෙයක්ද යන්න මා නොදනිමි. එහෙත් සදාචාරාත්මකව එවන් දෙයක් කිරීම සම්බන්ධව සිරස වැරද්දක් කර ඇත. නිතියට අනුව එය වරදක් නම් ඒ සම්බන්ධව අදාල මාධ්‍යෙව්දින් පිරිසට නිසි දඩුවම් ලබා දිය යුතුය. ආයතන ප්‍රධානීන්ටත් දඩුවම් කල යුතු අතර ඔවුන් කෙසේ වැඩ පැවරුවත් තමාගේ සීමාවන් ඉක්මවා ලකුණු දමා ගැනීමට මෙවැනි කුණු කොන්ත්‍රාත් බාර ගන්නා ලාබ ප්‍රසිද්ධිය අපේක්ෂා කරන මෙවැනි මාධ්‍යෙව්දීන් යැයි කියා ගන්නා හාල් කෑලිවලටත් තදින් දඩුවම් කල යුතුය.

    3- මේ සම්බන්ධව දුටු සියළු වීඩියෝ පට වලට අනුව මොවුන් යන අතර මගදී කතා කල ආකාරයට දුවන්නට බලාගෙන යාම සැක සහිතය. එසේ දුවන්නට යන්නේ දෙරණ තුලින් ප්‍රහාරයක් එල්ලවන්නේ නම් පමණි. එසේ නම් මොවුන්ගේ උත්සහය තිබී ඇත්තේ කුමක් හෝ ක්‍රියාවක් මගින් දෙරණ ආයතනික සේවකයින් කුපිත කරවා ඔවුන්ගෙන් ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමයි. එසේ නැතිනම් දුවන්නට බලාගෙන යා යුතු නැත. පැහැදිලිවම ගොස් ඇත්තේ කුමන හෝ මජර ක්‍රියාවක නිරත වීමට යැයි මේ අනුව සිතීම අසාධාරණ නැත.

    4- එසේම අනිත් අතින් මෙම වීඩීයෝවේදී “අවංක අයියා“ නැමැති අය මේ අතවරයට පත් නංගීට “සම්මානයක් ලැබෙද්දි අපිවත් මතක් වෙයි නේද“ කියා අසන්නේ ඇයි. එසේ නම් මේ ගමන ගොස් ඇත්තේ නංගිට සම්මානයක් ලැබෙන අන්දමේ “සම්මානනීය“ වැඩක් කරන්නට සූදානම්වයි. එකී සම්මානය ඇය බලාපොරොත්තු වූයේ මහරාජා අධිපතිවරයාගෙන් පෞද්ගලිකවද යන්න අපි නොදනිමු. එසේත් නැතිනම් ලංකාවේ ජනමාධ්‍යයට සම්බන්ධ සම්මාන උලෙලකදීද යන්නත් අපි නොදනිමු. ඒ කෙසේ වෙතත් ඒ කුමන හෝ ආකාරයේ.. (සම්මාන උලෙලකදී හෝ කිලී මහ රාජාගෙන් හෝ) සම්මානයක් ගන්නට තරම් ඇයි කරන්නට ගිය වැඩේ කුමක්ද..? මෙහි සඳහන් වන පරිදි දෙරණට ගොස් නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ ප්‍රවෘත්තියට අදාලව එහි නිලධාරියකු හමු වී කරුණු පැහැදිලි කර ගැනීම යන කාර්යයට සම්මානයක් දි යුතු යැයි අපට නම් සිතෙන්නේ නැත. විශේෂයෙන් ප්‍රසිද්ධ සම්මාන උලලෙකදී ලබන සම්මානයකට නම් එවැනි ක්‍රියාවකින් බලපෑමක් වේ යැයි සිතිය නොහැක. එහෙමනම් එය ලැබිය හැකිව ඇත්තේ කිලී රාජගෙන් විය යුතුය. එහෙත් ඒ සඳහා යන අවංක අයියලා ඇතුළු නඩයට සම්මාන හිමි නොවී නංගිට පමණක් කිලීගෙන් සම්මාන ලැබෙන ආකාරයත් ගැටළු සහගතය. අවංක අයියලට නොදෙන මේ නංගිට විතරක් දෙන අමුතු සම්මානය කුමක් විය හැකිද?

    5- අවසාන වශයෙන් මෙම වීඩියෝ පටය දෙරණ විසින්ද ප්‍රචාරය කරන ලද්දේ මෙය ඔවුන් අත පත් වූ බැවිනි. එනම් ඔවුන් විසින් මෙය රහසිගතව වීඩීයෝ කරන බව දැන ගැනීමෙන් පසුව මෙම වීඩීයෝ පටය ලබාගෙන ඇති හෙයිනි. මෙහි දැක්වෙන පරිදිත් මේ දක්වාම දෙරණ කාර්ය මණ්ඩලය ඉතා සුහදව මොවුන් සමඟ කටයුතු කරන ආකරය දිස් වෙයි. එහෙත් කුමන හෝ මොහොතක මේ හොරෙන් වීඩීයෝ කිරීම හසු වූ තැන පටන් දෙරණ විසින් මොවුන්ව නවතා තබාගෙන පොලිසියට දන්වන්නට ඇති බව පැහැදිලි වේ. එහෙයින් මෙහිදී දෙරණට ඇගිලි දිගු කිරීමට ඇති අවස්ථාව ඉතාමත් අඩු වන අතර වරද සිරස පිට පැටවේ. ඇතැම් විට ඔවුන් කරන්නට ගිය “සම්මානනීය“ කාර්ය කරගන්නට හැකියාවක් ලැබුනි නම් මේ වන විට මෙයිටත් වඩා නින්දිත අන්දමට සිරස විසින් එම අවස්ථාව පාවිච්චි කරනා අන්දමත් අපට නිසැකවම දැක බලා ගන්නට තිබිණ.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    2088Kili_Maharaja-211x300.jpg
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Uba hithala thiyana widiha nam marai machan :yes: But ithin oken athi wade mokadda apita un yaddi mulin Derane unta kiyanwa video eke thanaka thibba mamath dakka ithin thanikarama horen athul una kiyanna ba neda?
    Oya channels walin thama oka eka deka karala denney I mean both channels are wrong here
     

    Similar threads