සිරස නිවේදිකාව ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ධූරයට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Punya-Krishanthi-Amarasingha-4568-696x392.jpg


    සිරස FM ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස හා News 1 st ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ පුණ්‍යා ක්‍රිෂාන්ති අමරසිංහ මහත්මිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරියක් ලෙස පත්කර තිබෙනවා.

    ඒ අනුව ඊයේ (25) දිනයේ සිට ඇය නව තනතුරේ වැඩභාරගෙන ගත් බවයි වාර්තා වන්නේ.

    පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, හම්බන්තොට – වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය හා කැළණි සරසවියෙන් ඇය අධ්‍යාපනය හඳාරා තිබෙනවා.

    මීට පෙර සිරස ආයතනයේ කිංස්ලි රත්නායක මහතාව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් වාසනා ලක්මාලි මහත්මිය ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාව ලෙසද පත්කර තිබුණා.


    12771750-580681172092225-332723086573967378-o-768x1024.jpg


    11055392-499614406865569-3576319041265162106-n.jpg


    පෙර පුවත්- ජනාධිපති නිල නිවේදිකාවක් සිරසෙන්

    News19
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    ඕකත් ඩීල් එකක් වෙන්ටැ

    මහරාජගෙ set එක රාජ්‍ය මාඩ්‍ය ආක්‍රමණය කරනවනෙ

    ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..!
    -කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්
    (ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.13, ප.ව.12.40) සුදේව හෙට්ටිආරච්චි රෙනෝ ද සිල්වාගේ කුඩු නාලිකාව ලෙස නම් පටබැඳි, හිරු මාධ්‍ය ජාලයට බැඳුනේ 1998 වසරේදී ය. ඔහු හිරු නාලිකාවෙන් ගමන පටන් ගත්තේ රේඩියෝ නිවේදකයෙකු ලෙසිනි. සුදේව මෑතකදී හිරු නාලිකාවෙන් ඉවත් වන විට එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වරයා විය. ඔහුට හිරු නාලිකාවෙන් රු. ලක්ෂ 7 ක පමන වැ‍ටුපක් ලැබුණ බව කියැවෙයි. එපමනක් නොව හිරු අධිපති රෙනෝ සුදේවට පෞද්ගලිකව උපකාර කළේය. වරෙක සුදේව වෙනුවෙන් මිලියන ගණනක සිංගප්පුරු රෝහල් බිලක් ගෙවී ය. හිරු මාධ්‍ය ජාලයෙන් සුදේවට ලැබුන දේ බොහෝය.
    නමුත් සුදේව ඒ සියල්ල හැර දමා පසුගිය දා ස්වර්ණවාහිණී නාලිකාවට ගියේය. ස්වර්ණවාහිණීය තමාට රු ලක්ෂ 35 පමණ වැ‍ටුපක් ප්‍රදානය කළ බව සුදේව කීවේය. කෙසේ වුවද මේ වන විට සුදේව නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කොට ඇති බව වාර්තා වෙයි. ඒ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුවට ය. සුදේව හෙට්ටිආරච්චි ' A' ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කළ ද ඔහුට ලැබිය හැකි උපරිම වැ‍ටුප ලක්ෂ එක හමාරකට අඩුය.
    එනම් නව තනතුර ඔහුට මාසිකව ලක්ෂ 33 ක පමණ මූල්‍ය අලාභයක් ගෙන දෙන්නකි. එය අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩකි. උපන් ගෙයි කුණු ලෝබයෙකු වන සුදේවගෙන් එවැන්නක් බලා පොරොත්තු විය හැකිද? එසේ නොමැති නම් මේ තුල අත යටින් සිදුවන වෙනත් ගණුදෙණුවක් තිබේද ?
    සුදේව චීන ඔත්තුකරුවෙක්..
    --------------------
    2001 වසරේ දී චීන - ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංසදය නමින් ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ විය. සුදේව මෙහි ආරම්භක සාමාජිකයෙකු විය. පසුව වසර ගණනාවක් එහි සභාපති ධූරය දැරුවේ ය. 2015 සිට ඔහු එහි නිත්‍ය භාණ්ඩාගාරිකයා වෙයි. සැබැවින්ම සුදේවට ස්වර්ණවාහිනියෙන් ලක්ෂ 35 ක වැ‍ටුපක් ලැබුනේ නැත. නමුත් චීනයෙන් එවැනි මුදලක් ලැබුණි. සුදේව හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිණියට ගියේ චීන තානාපති කාර්යාලයෙන් ලැබුණ උපදෙස් අනුව ය. ස්වර්ණවාහිනිය චීනයට අනුකූල කිරීම එම ගමනේ අරමුණ විය.
    සුදේව හිරු නාලිකාවේ සිටිය ද, ස්වර්ණවාහිනී නාලිකාවේ සිටිය ද, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වුවද චීනයෙන් ඔහුට ලබා දෙන ගෙවීම එලෙසින්ම ලැබෙයි. නමුත් එය වැ‍ටුපක් නොව අල්ලසකි. චීන්නු මුලින්ම අල්ලස් දුන්නේ රජයේ ඉහල නිලධාරීන්ටය. ඊලඟට මුදල් අල්ලස් දී දේශපාලනඥයන් බා ගත්තේය. දේශපාලන පක්ෂ වලට අල්ලස් දුන්නේ ය. කලාකරුවන්ට අල්ලස් දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥයන් පිරිසක් ද මේ වන විට චීන අල්ලසට යට වී ඇත. ඊලඟ නීතිපතිවරයා ලෙස පත්වන්නට නියමිත වන්නේ චීන අල්ලසට යට වූවෙකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද චීනයට අනුගත වීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත. නායක ඝනයේ භික්ෂූන් වහන්සේලා රැසක්ම චීන අල්ලසට යට වී තිබේ. දැන් මාධ්‍ය ආයතන සියල්ලම පාහේ චීන අල්ලසට යට වී ඇත. පසුගිය වසරක දෙකක කාලය පුරා මාධ්‍යවේදීන් 2000 ක් පමණ චීන සංචාර වලට ගෙන්වා නම්මවාගෙන තිබේ. එකී මාධ්‍යවේදීන් චීනයට යැවීම සම්බන්ධීකරණය කරන්නේ ද සුදේව ය.
    ජනාධිපති මාධ්‍ය අංශය චීන බුද්ධි අංශ පාලනයට..
    -----------------
    ඒ අනුව සුදේවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ලැබුනේ චීන තානාපති කාර්යාලයේ බලපෑම නිසා මිස විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ. ඔහු සතු එකම දක්ෂතාවය චීන ගැත්තෙකු වීම පමණකි ය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් මොහාන් සමරනායක ඉවත් වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සුදේව පත්වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වැනි තනතුරක් චීන බුද්ධි අංශ පාලනයට නතු වීම සෙල්ලමක් නොවේ. අද ලෝකයේ වටිනාම ආයුධය තොරතුරු ය. නමුත් ලංකාව එය සෙල්ලමකට ගෙන ඇත. මෙය අතෙකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි. තවත් අතෙකින් කලාපයේ සාමයට තර්ජනයකි.
    කීර්ති රත්නායක
    හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    athi pandithai neda ban. danna magulakuth na ooka
    ඔව්. ඌ ඉස්සර වැඩිය ගණන් ගත්තු එකෙක් නෙමෙයි සිරසේ. පැත්තකට වෙලා, පොඩි පොඩි ක්‍රීඩා ඉවෙන්ට් එහෙම කවර කරපු එකෙක්. දැන් මු ඉන්නේ අලි ඔලුවෙන්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව්. ඌ ඉස්සර වැඩිය ගණන් ගත්තු එකෙක් නෙමෙයි සිරසේ. පැත්තකට වෙලා, පොඩි පොඩි ක්‍රීඩා ඉවෙන්ට් එහෙම කවර කරපු එකෙක්. දැන් මු ඉන්නේ අලි ඔලුවෙන්.
    minihek ekka hina wenne na ban... orawagena inne pareth
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕකත් ඩීල් එකක් වෙන්ටැ

    මහරාජගෙ set එක රාජ්‍ය මාඩ්‍ය ආක්‍රමණය කරනවනෙ

    ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..!
    -කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්
    (ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.13, ප.ව.12.40) සුදේව හෙට්ටිආරච්චි රෙනෝ ද සිල්වාගේ කුඩු නාලිකාව ලෙස නම් පටබැඳි, හිරු මාධ්‍ය ජාලයට බැඳුනේ 1998 වසරේදී ය. ඔහු හිරු නාලිකාවෙන් ගමන පටන් ගත්තේ රේඩියෝ නිවේදකයෙකු ලෙසිනි. සුදේව මෑතකදී හිරු නාලිකාවෙන් ඉවත් වන විට එහි ප්‍රවෘත්ති ..
    හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී
    මාත් මේ ලිපිය දැක්කා. ඔය ලිපි ලියන කීර්ති රත්නායක,හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී කියන්නේ ඇත්ත ඩයල් එකක්ද? නැතිනං අන්වර්ථ නමක්ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාත් මේ ලිපිය දැක්කා. ඔය ලිපි ලියන කීර්ති රත්නායක,හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී කියන්නේ ඇත්ත ඩයල් එකක්ද? නැතිනං අන්වර්ථ නමක්ද?
    ඊ නිව්ස් නේ බන්
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඊ නිව්ස් නේ බන්
    මම මම මිනිහගේ ලිපි කියවනවා ඊනිවුස් එකේ දැන් අවුරුදු ගානක ඉදන්. පොර කවුද කියලා මේ බැලුවේ.
     
    • Like
    Reactions: malakadss