මේ ෆොටෝ එකේ සිරික්කිය දාගෙන සංතෝසෙන් ඉන්න කවුරුවත් හිතන්නේ නැතුව ඇති, තමන් මැද්දේ ඔහේ හිටන් බුම්මගෙන ඉන්න මේ හීන්දෑරි කොල්ලා අනාගතයේ දවසක මුළු ලෝකයටම ඉන්දියාව ගෙනියයි කියලා. ඒ වගේම මුළු ලෝකයම ඉන්දියාවට අරන් එයි කියලා. තමන් මේ ළඟ ළඟ වැදි වැදී හිටගෙන ඉන්නේ තව අවුරුදු ගානක් ගිය තැන ලෝකයෙන් බාගෙකටත් වඩා වැඩි ප්රමාණයක් මිනිස්සු පොර කකා කිට්ටු වෙන්න දඟලන personality එකක් කියලා. ඒක අඩුතරමේ ඒ කොල්ලාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති. අද ඒ පිරිමි ලමයා ඉන්න ෆිල්ම් එකක් නැති CD ශොප් එකක් ලෝකෙම හොයනව. ඒ තමයි, ඒ පිරිමි ලමයාගේ සාර්ථකත්වයේ සයිස් එක. දෛවය මොනතරම් පුදුමාකාර ද? සාර්ථක වෙන්නනම් මහන්සි වෙන්නම ඕනි .

darshanika wenne natuwa polawata bahala uttarayak deepanko