සිරිපාලගේ තනියට ආ මහසෝනා

සිරිපාලගේ තනියට ආ මහසෝනා

සිරිපාල මළ ගෙදරින් එළියට බැස්සේ මධ්‍යම රාත‍්‍රියත් පසු වූ බව හැඟුණු පසුය. ඔහුට වඩු රැුකියාවේ අත්පොත් තැබූ ඥානතිලක ලොකු බාසුන්නැහේ මියගොස් දැනට දවස් තුනකි. පෙර රාත‍්‍රී දෙකම මළ ගෙදර රාත‍්‍රිය ගතකළ සිරිපාල, සිය බිරියගේ අසනීප තත්ත්වය ද වැඩිව තිබූ හෙයින් එදින තමන්ට හුරුපුරුදු මාර්ගය දිගේ සෙමෙන් සෙමෙන් නිවස දෙසට පිය මනින්නට වූයේ හුදෙකලාවමය.
තම නිවසට යෑමට ඇති මාර්ගය දිගේ ගමන් කළහොත් සැතපුම් හතරක් පමණ දුරක් ඇති බව දන්නා සිරිපාල මාර්ගයෙන් අඩි පාරකට හැරුණේ, වැව් බැම්මට ගොඩ වී ඒ හරහා කෙටි මඟකින් නිවසට යාහැකි හෙයිනි. ගමේ මිනිසුන් වැඩි වශයෙන්ම ගමන් කළේ ද මේ මාර්ගයෙනි. සිරිපාල වැව් බැම්මට ගොඩවිය. මලානික සඳ කිරණ විටින්විට වැව් දිය මත පතිත වෙයි. වැහි වලාකුළුවලින් බර අහස වරින් වර මාස පෝයට ආසන්න සඳ සඟවා දමනුයේ පරිසරයේ මහා මූසල බවක් ඇතිකරමිනි.
වැව් ඉහත්තාවෙන් ඇසෙන නරින්ගේ ‘හූ’ හඬ සිරිපාලගේ සිතට චකිතයක් ගෙන ආවේය. අද එහි අමුත්තක් ඇතැයි ඔහුට සිතුණි. ඔහු වැව් බැම්ම දිගේ ඉක්මන් අඩි තබමින් ගමන් කරන්නට විය. වැව් බැම්මට පහළින් ඇති රූස්ස ගස්වල ලැග සිටින රැුහැයියන්ගේ නාදය පරිසරයේ ගුප්ත බව තවතවත් වැඩි කළේය. වැව් බැම්ම දිගේ ඉදිරියට යත්ම තමා පසුපසින් කවුරුන් හෝ පැමිණෙතැයි සිරිපාලට දැනුණි. වරක් දෙවරක් හැරී බැලූව ද කිසිවකුත් පේන්නට නැත. වැව දෙසින් හමා එන මිහිදුම හේතුවෙන් මාර්ගයේ ඈත පෙනෙන්නේ ද නැත.
සිරිපාලගේ සිත තරමක් තිගැස්සුණ ද, එය ගණනකට නොගත් ඔහු වේගයෙන් නිවස බලා යන්නට විය. තම නිවසට තවත් ඇත්තේ සැතපුමක පමණ දුරකි. සිරිපාල වේගය වැඩි කරත්ම පසුපසින් ඇසෙන පියවර හඬ ද වේගවත් විය. ඉදිරියෙන් ඇත්තේ වැවට වාහන ගැනීමට හැකිවන ලෙසින් ඉදිකළ මාර්ගයකි. එය නියම තුංමං හන්දියකි. එතැන පසුකර සිරිපාලට ඉදිරියට යාහැකි වූයේ පියවර දහයක් පහළොවක් පමණි. පසුපසින් භයංකර ගෙරවිලි හඬක් ඇසුණි. ඔහු එකවරම පිටුපසට හැරුණේය. තුංමං හන්දිය මැද තඩි කළු බල්ලකු සිටගෙන සිටියි. ඌ සිරිපාල දෙස බලමින් දත් විරිත්තමින් ගොරවයි. උගේ ඇස් ගිනි ගුලි දෙකක් මෙන් රත්පැහැයෙන් දිළිසෙයි.
මේ නම් බල්ලකු නොවන බව එක්වරම සිරිපාලට වැටහුණි. ඔහුට එකවරම සිහිවූයේ ඉතිපිසෝ ගාථාවය. ශබ්ද ඇසෙන සේ ගාථාව කියමින් යළි හැරී වේගයෙන් නිවස දෙසට දුවන්නට විය. පසුපසින් බල්ලාගේ ශබ්දයක් නැත. නැවැතත් ඔහුට ඉදිරියෙන් අඩි ශබ්දයක් ඇසෙයි. ඔහු වේගය තරමක් අඩු කළේය. ඒ සමඟම අඩි ශබ්දය ද අඩුවිය. වැහි වලාවකට වැසී තිබූ මලානික සඳ එළියෙන් ඔහුට ඉදිරියෙන් දුවන කළු තඩි සතකු ඔහු යළිත් දුටුවේය. ඒ බල්ලා විය නොහැකිය. පසුපසින් සිටි බල්ලා ඉදිරියට ආවේ කෙසේ ද? සිරිපාලට සිතන්නටත් වේලාවක් නැත. ඔහුට වේගයෙන් දුවන්නටත් නොහැකිය. ඔහු ඉතිපිසෝ... ගාථාව වරද්දමින් වේගයෙන් වේගයෙන් කියාගෙන යයි. වචන හරියට කියවේ දැයි කියා හෝ ඔහුට මතකයක් හෝ කල්පනාවක් ද නැත. යළි හැරී මළ ගෙදරටම දුවන්නට හිතුණ ද, තුංමං හන්දියේ වූ බල්ලා ඔහුගේ මතකයට නැඟුණි. කළ හැකි දෙයක් නැත. ඔහු හෙමින් හෙමින් ඉදිරියට ඇදුණේය.
ඉදිරියෙන් ගිය කළු ගුලිය නතර විය. ඉන්පසු වැව දෙසට හැරුණේය. ඒ කළු ඌරෙක්ය. උගේ ඇස් දෙක ද ගිනි බෝල මෙන් රත්පැහැයෙන් දිළිසෙයි. ඌරා සිරිපාල දෙසට ටික දුරක් දිව ආවේය. සිරිපාලගේ මුවින් මෙතෙක් වෙලා පිට වූ ඉතිපිසෝ ගාථාව වෙනුවට අමු කුණුහරුප නැතහොත් අසභ්‍ය වචන වැලක් පිටවිය. ඉදිරියට එමින් සිටි ඌරා වැව් බැම්මෙන් එළියට පැන කැලැය බිඳගෙන දිවගියේය.
සිරිපාලගේ නිවසට ඇත්තේ ඉතා කෙටි දුරකි. වැව් මායිමෙන් එපිට නිවෙස් එක දෙක පෙනෙයි. වැව් බැම්මෙන් ගමට හැරෙන අඩිපාරට තව මීටර් දෙසීයක් පමණ ඇත. නරින්ගේ හූ හඬ බිඳලමින් ගම දෙසින් ඇසෙන බල්ලන්ගේ උඩුබිරුම ඔහුගේ හිතට මරණ බිය ද ගෙන ආවේය. බල්ලන් කියන්නේ කාගේ මරණය ගැන දැයි බිය අතරතුරම සිරිපාල සිතන්නට විය. වැව දෙසින් ඇදී එන ඝන මීදුම් වලාවන් වැව් බැම්ම මතින් වේගයෙන් ඇදීයයි. භූත බල්ලාගේ හා ඌරාගේ දැක්මෙන් දැඩි ලෙස කලබලයට පත්ව සිටි සිරිපාලගේ සිත තරමක සහනයක් දැනෙන්නට වූයේ ගමට හැරෙන අඩිපාර ආසන්නයේ සිටි මිනිස් රුවක් දැකීමත් සමඟය. එහෙත් මේ මහා ? කවුරුන් වැව අසල සිටිය හැකි ද? මේ මළ ගෙදර සිට පැමිණි අයකුම විය හැකි යැයි ඔහු සිතුවේය. ඔහු ගමන වේගවත් කළේය. මිනිසා ළංවන්න ළංවන්න විශාලවන බවක් සිරිපාලට දැනුණි. ඔහු කවුදැයි බැලීමට සිරිපාල වඩාත් හොඳින් මුහුණ දෙස බලන්නට විය. මුහුණ බලන්නට බලන්නට ඔහු උස යයි. අඩි පනහක් හැටක් පමණ උසට මිනිසා උස ගියේය. තමා අබියස සිටින්නේ මහසොහොන් අවතාරය බව ඔහුට වැටහෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඉහින්කනින් ඩහදිය දමද්දී කුණුහරුප වැලක් පවසමින් සිරිපාල වැව් බැම්මෙන් පහළට බැස පඳුරු අතරින් ගමට යන මාර්ගයට දිව ගියේය. සිරිපාලට මතක එපමණය.
පසු දා උදෑසන ගමට එන මාර්ගයේ වැටී සිටි සිරිපාල ගැමියන්ට හමුවනවිට ඔහු තදින් උණගැනී, ගැහෙමින් සිටියේය. ඔහුගේ ශරීරයේ බොහෝ තැන් නිල් පැහැගැන් වී තිබුණි.
මහසෝනාට බිල්ල වැරැුදී ආතුරයාගේ කොන්ද කඩයි

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
 
Last edited:

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    "ඉහින්කනින් ඩහදිය දමද්දී කුණුහරුප වැලක් පවසමින් සිරිපාල වැව් බැම්මෙන් පහළට බැස පඳුරු අතරින් ගමට යන මාර්ගයට දිව ගියේය" :dull::rofl:
     
    "ඉහින්කනින් ඩහදිය දමද්දී කුණුහරුප වැලක් පවසමින් සිරිපාල වැව් බැම්මෙන් පහළට බැස පඳුරු අතරින් ගමට යන මාර්ගයට දිව ගියේය" :dull::rofl:

    Meke type karana kunuharpa dakka nam mahasona ellila marenawa :rofl:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පට්ට story ය..:lol::lol::lol::lol::lol::lol: හිරු එකේ අදිසි 10 ට දීපන්...... :oo::oo::oo: හබුන් කන් නැති පොඩි උන් බය කරන්න :P:P:P:P:P:P:P:P:P:P