සිරිපාල සහ තවත් කතා... mega ජෝක්ස්
මෙව්වා එක
පලපුරුදු මන්ත්‍රීවරයෙක් වන මන්ත්‍රී නිහාල් හමුවීමට නවක මන්ත්‍රී කෙනෙකු වීමට අපේක්ෂා කරන නිමල් පැමිණියේය. ඔහු පැමිණියේ නිහාල් මන්ත්‍රීගෙන් ඡන්ද කතා කීමට උපදෙස් ලබා ගැනීම පිණිසය. ඔවුන් දෙදෙනා අතර සංවාදය පහත දැක්වේ.
මන්ත්‍රී නිහාල් - ඉස්සෙල්ලම ඡන්ද කතා කියන්න කලින් ඇවිල්ලා ඉන්න කටිටියගෙන් අවසර ගන්න ඕනේ. තමුසෙට තේරෙන විදියට අවසර ගන්නවා බලන්න.
නිමල් - අමිමලාගෙන් අවසරයි. තාත්තලාගෙන් අවසරයි. නංගිලාගෙන් අවසරයි. අක්කලාගෙන් අවසරයි. අයියලාගෙන් අවසරයි. නැන්දලා මාමලාගෙන් අවසරයි. බාප්පලා පුංචිඅම්මලාගෙන් අවසරයි. ආච්චිලා සීයලාගෙන් අවසරයි. ඔය තැන තැන නිදි කිරා වැටෙන අයගෙන් අවසරයි. තැන තැන පෙම් කෙලින පරවි ජෝඩු වලින් අවසරයි. පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ලස්සණ නෝනලාගෙන් අවසරයි. මහත්වරුන්ගෙන් ..............
මන්ත්‍රී නිහාල් - අයිසෙ නවත්තනවා නවත්තනවා.... තමුසෙ රෑ එලි වෙනකම් අවසර ගන්නවද.... ඉක්මනට ඡන්ද කතාව කියනවා.
නිමල් - මම මේ තමුන්නාන්සෙලා ලගට මෙහෙම ඇවිත් බලාපොරොත්තු වෙන්නෙ එක දෙයයි. මට ඕනෙ තමුන්නාන්සෙලාගෙ මෙව්වා එක........මේ මේ මෙව්වා එක මේ මේ.......
මන්ත්‍රී නිහාල් - ඕයි නවත්තනවා ...... තමුසෙ මෙව්වා එක ඉල්ලනකොට මිනිස්සු වෙන වෙන දේවල් හිතයි.....
පිස්සුව
පිස්සන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක් දිනක් පිස්සන් 10 දෙනෙක් තෝරා ඔවුන්ට පිස්සුව සනීපවී ඇති බව නිගමනය කලේය. එහෙත් ගෙදර යැවීමට පෙර එක් පරීක්ෂණයක් කිරීමට සිතා එම පිස්සන් 10 දෙනාවම වතුර නොමැති පිහිනුම් තටාකයකට ගෙනගොස් ඔවුන්ට එහි වතුර නැති බව නොඅගවා ඔවුන්ට මෙසේ නියෝග කළේය.
' හා දැන් ඔය හැම කෙනෙක්ම මේ ස්විමිං පූල් එකට දුවගෙන ඇවිත් පනින්න ඕනේ. එතකොට මම දැන ගන්නවා ඔයාලට පිස්සුව හොදද නැද්ද කියලා. එහෙනම් දැන් එක එක්කෙනා ඇවිත් පනිනවා බලන්න'
පලවෙනි පිස්සා දුවගෙන දුවගෙන අවිත් කිසිම හෙවිල්ලක් නැතුව ස්විමිං පූල් එකට පැන්නේය. එහි වතුර නැති බැවින් ඔහුගේ අත පයද කැඩී තුවාල විය. දෙවෙනි පිස්සාද මෙසේ පැන අත පය කඩා ගත්තේය. මෙලෙස පිස්සන් 9 දෙනෙක්ම දුවගෙන විත් ස්විමිං පූල් එකට පැන අත පය කඩා ගත්හ. 10වෙනි පිස්සාද වේගයෙන් ස්විමිං පූල් එක ළගට පැමිණ එක වරටම නැවතුනේය. මෙය දැකපු දොස්තරට මහත් සතුටක් ඇතිවී ඔහුට ඇත්තටම පිස්සුව සනීපවී ඇති බව නිගමනය කළේය.
දොස්තර ඔහු කැදවා ගමට යවන්නට තීරණය කලේය. එහෙත් නිකමට මෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය.
"ඇයි ඔයා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පැන්නෙ නැත්තෙ. මොකක් හරි වෙනසක් දැක්කද?"
එවිට පිස්සා මෙසේ පිලිතුරැ දුන්නේය.
"මම පීනන්න දන්නෙ නෑ ඩොක්ටර්. මට ඒක මතක් වුණේ ස්විමි පූල් එක ලගට ආවට පස්සේ"
නරක වෙලාව
සුනිල් දිනක් රාජකාරී වැඩකට පිට පලාතකට ගියේය. ඔහුට වේලාව දැනගැනීමට අවශ්‍ය විය. ඒ නිසා පාරේ බයිසිකලයක් පැදයමින් සිටි කෙනෙකුගෙන් දැන් වෙලාව කීයද? කියා ඇසුවේය. එවිට බයිසිකලය පැද යමින් සිටි තැනැත්තා බයිසිකලය ලග වූ කණුවකට හේත්තු කොට තම අතවූ ඔරලෝසුවෙන් වෙලාව බලා සුනිල්ගේ කන හරහා අත දිග හැර පහරක් එල්ල කොට යලිත් බයිසිකලයේ නැගී යන්නට ගියේය. සිදුවූ දේ හිතා ගැනීමටවත් බැරිවූ සුනිල් වේදනාවෙන් තම කන අත ගගා සිටියේය. සිදුවූ සියල්ල බලා සිටි කෙනෙක් සුනිල් ලගට පැමිණ මෙසේ ඇසුවේය.
" මහත්තයා මොකද වුණේ. ඇයි මේ කන අත ගගා ඉන්නේ."
සුනිල් ලැජ්ජාවෙන් මෙන් " බලන්නකො මම අර බයිසිකලයෙන් ගිය මිනිහගෙන් වෙලාව ඇහුවා. මිනිහා ඔරලෝසුව දිහා බලලා මට කනට ගැහුවනෙ."
එවිට ඔහු " මම බලන් හිටියෙ. ඒ මිනිහගෙ හැටි වෙලාව අහන හැමෝටම අතින් තමයි උත්තර දෙන්නෙ. මහත්තයට මිනිහා කී පාරක් ගැහුවද?"
සුනිල් " මට එක පාරයි ගැහුවෙ." යැයි කීවේය.
එවිට අනෙක් මිනිසා මෙසේ කීවේය.
'' එහෙනම් වෙලාව එකයි. හැබැයි මහත්තයා තව පැයකට කලින් වෙලාව ඇහුවනම් මහත්තයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙනවා"
සිරිපාල
දිනක් පාසලක විදුහල්පතිතුමා පන්තියකට හදිසියේ පැමිණියේය. පැමිණ මෙසේ කීවේය.
"ළමයි අද ඕගොල්ලන්ගෙ ටීචර් එන්නෙ නෑ. ඒක නිසා මම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. ඔගොල්ලන්ගෙන් ඕන කෙනෙක්ට ඇවිල්ලා තමන් දන්න ඕනම කතාවක් කියන්න පුලුවන්. කවුරුහරි ඉස්සරහට ඇවිල්ලා කතාවක් කියන්න බලන්න"
එහෙත් විදුහල්පතිතුමාට ඇති බය නිසාම ළමුන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මේ වෙලාවේ පන්තියේ දඩබ්බරයාවූ සිරිපාල ඉදිරියට පැමිණ සර් මට පුලුවන් කතාවක් කියන්න යැයි කීවේය. විදුහල්පතිතුමාද සතුටුවී එහෙනම් හොද පුතා වගේ කතාව කියන්න බලන්න අපිට ඇහෙන්න යැයි කීවේය. එතැන් පටන් සිදුවූ දේ මෙසේය.
සිරිපාල - ඔන්න එකමත් එක රටක ගිරවෙකුයි රිලවෙකුයි හිටියා. ඒ දෙන්නා හරිම යාලුකමින් හිටියෙ.........
විදුහල්පති - අන්න බලන්න දරුවනේ සත්ව කොට්ටාස 2ක වෙලත් දෙන්නගෙ යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවයි රිලවයි වගේ යාලුකමින් සමගියෙන් ඉන්න ඕනෙ. ඉතින් සිරිපාල පුතා කතාව කියන්නකො.
සිරිපාල - ඒ ගිරවා නම් හරිම කඩිසරයි. වැහි කාලෙට සූදානම් වෙන්න කඩිමුඩියෙ ගෙයක් හදනවා.......
විදුහල්පති - අන්න දැක්කද පුතාලා තියෙන කඩිසරකම. පුතාලාත් ඒ ගිරවා වගේ කඩිසරව වැඩ කරන්න ඕනේ. කම්මැලි වෙන්න එපා. ඉතින් පුතා ඊට පස්සෙ මොකද වුණේ.
සිරිපාල - එත් අර රිලවා නම් හරිම කමිමැලියි. වැහි කාලෙ කියලා මොකුත් කරන්නෙ නැතුව දවසම නිදා ගන්නවා.......
විදුහල්පති - අන්න බලන්න කම්මැලිකම. ඔය ළමයිනම් ඒ රිලවා වගේ වෙන්න එපා... ඉතින් පුතා කතාව කියන්නකො.
සිරිපාල - ගිරවා මේක දැකලා රිලවා තමන්ගෙ යාලුවා හින්දා රිලවට කිවුවා අනේ යාලුවේ ඔයා මෙහෙම කම්මැලි කමට හිටියොත් වැස්ස කාලෙට තෙමෙන්නයි වෙන්නෙ. ඒක නිසා මම වගේ ගෙයක් හදන්න මහන්සි වෙන්න කියලා.....
විදුහල්පති - අන්න බලන්න දරුවනේ. ඒකට තමයි කියන්නෙ නියම යාලුකම කියලා. තමන්ගෙ යාලුවා අමාරුවේ වැටෙන්න යනකොට බේර ගන්න එක තමයි නියම යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවා වගේ තමන්ගෙ යාලුවන්ට උදව් කරන්න ඕනෙ. සිරිපාල පුතා කියන්නෙ හැමෝටම ආදර්ශවත් කතාවක්. ඉතින් හොද පුතා වගේ ඉතුරු ටිකත් කියන්නකො. අපිට මේ කතාවෙන් සෑහෙන ආදර්ශ ගත්තැකි.
සිරිපාල - ඉතින් ගිරවාගෙ කතාව අහපු කම්මැලි රිලවාට තරහා ගිහින් අඩෝ වල් ගිරවා.... තෝ කවුද යකෝ මට උපදෙස් දෙන්න... තොගේ...... දෙන්නෙ වල් බූරු ගිරවා....... තෝව .....මට ...... අල්ලලා ගහනවා දැනගනින් ගොන් ගිරවා............
විදුහල්පතිතුමා වහා පන්තියෙන් අතුරුදහන් විය.
රුපියල් දහය
කමල් දිනක් තරු පහේ හෝටලයකට ගොස් කෑම ඇණවුම් කළේය.
"ළමයා වේටර් මට දැන් කන්න බුරියානි එකයි ඩෙවල් චිකන් එකයි අරක්කු බෝතලයයි ඩෙසර්ට් එකට ෆලූඩා බීම එකයි බයිට් පැකට් එකකුයි ගේනවා"
වේටර්ද ඔහු ඉල්ලූ සියලු කෑම ගෙනාවේය. කමල් කෑම කා අවසන්වූ පසු ඔහු බිල ඉදිරිපත් කළේය. එහි බිල වූයේ රුපියල් 990කි. කමල්ද තම සාක්කුවෙන් රුපියල් 10යේ නෝට්ටුවක් ඇද වේටර්ට ඉදිරිපත් කළේය. වේටර් පුදුමවී,
"සර් විහිලු කරනවද? සර්ට පේන්නෙ නැද්ද බිල රුපියල් 990යි. රුපියල් 10කින් බම්බු ගහන්නද? 1000 කොළයක් දෙන්න."
එවිට කමල් මෙසේ කීවේය.
"අයිසෙ ළමයා ඔය රුපියල් 10 නෝට්ටුව හොදට බලනවා. ඒකෙ සිංහලෙන්ම ගහලා තියෙනවා ශ්‍රී ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය කියලා. ඉතින් තවත් මොනාද ඉල්ලන්නෙ."
ටොරින්ටන්
ටොරින්ටන් හා කරෝලිස් යනු ගජ යහලුවන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනාට ටොරින්ටන්හි පිහිටි බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ උත්සවයකට යෑමට සිදුවිය. කරෝලිස් කිසි දිනක බසයක ගොස් තිබුණේ නැත. එනිසා ඔහු බසයට ගොඩවූ පසු කල යුතු දේ නොදනී. එහෙත් ඒ වගක් තම මිතුරා වූ ටොරින්ටන්ට ඇගවීමට අකමැති විය. දෙදෙනා බසයකට ගොඩවිය.
ටොරින්ටන් තම පසුම්බියෙන් රුපියල් 20ක් ගෙන "ටොරින්ටන් එකයි" යනුවෙන් කොන්දොස්තරට කීවේය. ඔහු එසේ කීවේ ඔවුන් බසින හෝල්ට් එකේ නමද ටොරින්ටන් නිසාය.
මෙය අසා සිටි කරෝලිස් සිතුවේ ටොරින්ටන් කලේ කොන්දොස්තරට තමාගේ නම හදුන්වා දීම කියාය. තම මිතුරාට දෙවෙනි වීමට නොසිතූ ඔහු වහා රුපියල් 20ක් ගෙන "කරෝලිස් එකයි" යනුවෙන් කොන්දොස්තරට දුනි.
ඉංශ්‍රිසි දැනුම
අප්පුහාමි සිල්වා දක්ෂ සංගීතඥයෙකි. දිනක් ඔහුට විදේශ රටක උත්සවයක් ඇමතීමට එන ලෙස ආරාධනා ලිපියක් ලැබුණි. ඒ ලෝක සංගීතඥයන්ගේ උත්සවයකටයි. ඔහු මහත් සතුටට පත්විය. නමුත් ඔහුට එක් ගැටලුවක් තිබිණි. ඒ ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා අඩු වීමයි. එහෙත් කෙසේ හෝ කථා කිරීමට සිතා අදාල දිනයේදී උත්සවය පැවැත්වෙන රටට ගියේය.
රටවල් නියෝජනය කරමින් සංගීතඥයන් මෙන්ම ප්රභූන්ද එහි සිටියෝය. මුලින්ම කථාව තිබුණේ අප්පුහාමිටය. නිවේදකයා ඉංග්‍රීසියෙන් මෙසේ කීවේය.
"Now we warmly invite Mr. Appuhami Silva to address the audience."
ඇඩ්රස් යනුවෙන් නිවෙදකයා කීවේ තමාගේ ලිපිනය සභාවට ප්‍රකාශ කරන්න යැයි සිතූ ඔහු ඉදිරියට පැමිණ " Appuhami Silva, No. 12, Wakkada Paara, Aanamaduwa, Sri Lanka." යැයි කීවේය.
ඉල්ලගෙන කෑම
සුනිල් දිනක් පාරේ ගමන් කරන විට කුඩා දරුවකු නිවසක විදුලි සීනුව නාද කිරීමට මහත් පරිශ්‍රමයක් ගනු දුටුවේය. නමුත් දරුවාගේ උස අඩු නිසා ඔහුට එය කල නොහැක. එනිසා ඔහු ගැන අනුකම්පා කළ සුනිල් සීනුව නාද කර දුන්නේය. එවිට දරුවා සිනහවී මෙසේ කිව්වේය.
" අන්කල්, දුන්න හෙල්ප් එකට නම් බොහොම ස්තුතියි. දැන් ඉතින් ගෙදර කට්ටිය එන්න කලින් අන්කල් දුවන්න. මටනම් දුවන එක අවුලක් නෑ." මෙසේ කියමින් කුඩා දරුවා වේගයෙන් දිව්වේය.
ඇදුම
දිනක් නසුරුදීන් තමාගේ මිතුරකු හමුවීමට ඔහුගේ නිවසට ගියේය. එවිට මිතුරා සූදානමෙන් සිටියේ ඔහුගේ මිතුරන් තිදෙනෙකු බැලීමට යාමටය. නමුත් නසුරුදීන්ව සාදරයෙන් පිළිගත් ඔහු, නසුරුදීන්වත් තම මිතුරන් බැලීමට එක්ක යාමට සිතුවේය. එහෙත් නසුරුදීන් ඇදගෙන ඇවිත් තිබුණේ පරණ ඇදුමකි. එනිසා ඔහු තමාගේ හොද ඇදුමක් නසුරුදීන්ට ඇදගැනීමට දුනි. ඉන්පසු දෙදෙනා පළමු යහලුවාගේ ගෙදර ගියෝය.
නසුරුදීන්ගේ මිතුරා, නසුරුදීන්ව තමාගේ මිතුරාට හදුන්වා දුනි. ඉන්පසු නසුරුදීන් ඔහුට මෙසේ කීවේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මේ ඇදුම නම් මගේ.." යනුවෙන් තමා ඇදගෙන සිටි ඇදුම පෙන්වමින් කිව්වේය. ඔහුගේ මිතුරාට මහත් ලැජ්ජාවක් ඇතිවිය. මිතුරාගේ නිවසින් සමුගෙන ඔහු නසුරුදීන්ට මෙසේ කිව්වේය. "මොකක්ද නසුරුදීන් ඔයා කළේ. ඒ ඇදුම ඔයාට මමනෙ දුන්නෙ. ඇයි මගේ යාලුවා ඉස්සරහ බොරු කිව්වෙ. කමක් නෑ අපි අනික් යාලුවව බලන්න යමු. හැබැයි එතන ගිහිල්ලා නම් මේ වගේ බොරු කියන්න එපා."
ඉන්පසු දෙදෙනා දෙවෙනි මිතුරාගේ ගෙදර ගියෝය. එහිදීත් මිතුරා නසුරුදීන්ව ඔහුට හදුන්වා දුන්නේය. ඉන්පසු නසුරුදීන් ඔහුට මෙසේ කීවේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මේ ඇදුම නම් මගේ නෙමෙයි මෙයාගේ.." නසුරුදීන් ගැන කෝප වූ මිතුරා ඔහුව නිවසින් එළියට ගෙනැවිත් "මොකක්ද මිනිහෝ උඹ කිව්වෙ උඹ ඇදගෙන ඉන්න ඇදුම මගේ කියලා..." යැයි කීවෙය. එවිට නසුරුදීන් " ඇයි උඹමනෙ කිව්වෙ බොරු කියන්න එපා කියලා. ඒක නිසා තමයි මම ඇත්තම කිව්වෙ." යැයි පිළිතුරු දුනි. එවිට මිතුරා " අපි තුන්වෙනි යාලුවගෙ ගෙදරත් යමු. හැබැයි එහෙදි නම් ඇදුම ගැන වචනයක්වත් කතා කරන්න එපා" යනුවෙන් අවවාද කොට තුන්වෙනි මිතුරාගේ නිවසටද ගියෝය.
එහිදීත් නසුරුදීන්ව තම ම්තුරාට ඔහු හදුන්වා දුනි. නසුරුදීන් එවිට මෙසේ කිව්වේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මම මේ ඇදුම ගැන නම් වචනයක්වත් කතා කරන්නෙ නෑ."
නසුරුදීන්ගේ මිතුරාට පොළොව පලාගෙන යාමට සිතුණි.
ප්රශ්නය
තර්ක ශාස්ත්‍රය උගන්වන මහාචාර්යවරයෙක් පන්තියකට දේශනයක් ඉගැන්වීමට ගියේය. තම දේශනය අතරතුර ඔහු මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය.
"රෑ චිත්‍රපටය හවස 6ට නම් හා මම කෑම ගනිමින් සිටින විට මගේ සොහොයුරා කාරයක් පදවාගෙන යයි නම් මගේ දැන් වයස කීයද?"
"අවුරුදු 44යි." පන්තියේ ඉදිරිපෙල අසුන්ගෙන සිටි සිසුවෙක් වහා නැගිට කිව්වේය.
එවිට මහාචාර්යවරයා "හරි ෂෝක්. දැන් ඔයා මුලු පන්තියටම ඇහෙන්න කියන්න බලන්න උත්තරේ ගත්ත විදිය."
"මගේ සහෝදරයාට දැන් වයස 22යි. එයාට බාගෙට පිස්සු." ඔහු ඇගට පතට නොදැනී කීවේය.
හිරේ
අවුරුදු 20ක් තිස්සේ එකට ජීවත්වන බිරිදක් හා ස්වාමිපුරුෂයෙක් දිනක් පාරේ ගමන් කරන විට මහත් සතුටින් ගමන් කරන මිනිසෙකු දුටුවේය. එවිට ස්වාමිපුරුෂයා ඔහුගෙන් මෙසේ ඇසුවේය.
"මොකද තමුසේ ඔච්චර ලොකු සතුටකින් ඉන්නේ."
එවිට මිනිසා මෙසේ පිළිතුරු දුනි. "සතුටු නැද්ද මහත්තයා, අද මම අවුරුදු 20කින් හිරෙන් නිදහස් වෙලා ආවේ."
එවිට ස්වාමි පුරුෂයා මහ හයියෙන් ඇඩුවේය. බිරිද ඇඩීමට හේතු විමසීය. එවිට ස්වාමි පුරුෂයා මෙසේ පිළිතුරු දුනි.
"මට මීට අවුරුදු 20කට කලින් ඔහේගෙ තාත්තා කිව්ව දෙයක් මතක් වුණා. එයා කිව්වා මගේ දුවව බැදපන්. නැත්තම් අවුරුදු 20කට හිරේ පලයන් කියලා. එදා මම හිරේ ගියා නම් අද මමත් නිදහස් මිනිහෙක්. ඒක මතක් වෙලයි ඇඩුවෙ."
නඩුව
නඩුවක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා මෙසේ කීවේය.
"ස්වාමීනී, මාගේ විත්තිකරු දැක තිබෙනවා නිවසක ජනේලයක් ඇර තිබෙනවා. ඉතින් ඔහු එයින් අත දමා පසුම්බියක් හොරකම් කර තිබෙනවා. ඔහුගේ එක් අතක් කල වරදට ඔහුට දඩුවම් කිරීම සාධාරණද?"
නඩුකාරතුමා මොහොතක් කල්පනා කරයි. නීතීඥයාගේ මුවගට සිනාවක් නැගෙයි. නඩුකාරතුමා මෙසේ කීවේය.
"විත්තියේ නීතීඥයා හරියටම හරි. විත්තිකරුගේ එක් අතක් කරපු වරදට ඔහුට දඩුවම් කිරීම අසාධාරණයි. ඒ නිසා මම ඔහුගේ එක් අතක් පමණක් අවුරුද්දකට සිරගෙට යොමු කරනවා. අතත් සමග යනවද නැත්නම් අත පමණක් අරිනවද කියලා ඔහුට තීරණය කරන්න පුලුවන්."
පුද්ගලික ප්‍රශ්නයක්
කමල් තම බිරිද සමග හෝටලයක නවාතැන් ගැනීමට ගියේය. හෝටලයේ 3වන තට්ටුවේ සුදුසු කාමරයක් වෙන් කර ගත් ඔහු බිරිද සමග එහි නතර විය. පැයකට පමණ පසු හෝටලයේ මැනේජර් මහතාට කමල් දුරකථනයෙන් කතා තළේය.
කමල් - හලෝ මැනේජර් මහත්තයාද
මැනේජර් - ඔව්. මහත්තයට අපෙන් තව මොනාද වෙන්න ඕනෙ.
කමල් - මගේ වයිෆ් මාත් එක්ක රණ්ඩු කර කර ඉන්නවා. ඔන්න දැන් තුන්වෙනි තට්ටුවේ මම ඉන්න කාමරයෙ ජනේලයෙන් එලියට පනින්න හදනවා.
මැනේජර් - ඉතින් සර්. ඒක ඔබතුමාගෙ පුද්ගලික ප්‍රශ්නයක් නේද. හෝටලේ වැරැද්දක් නෙවෙයිනේ.
කමල් - කොහොමද ඕයි වැරැද්දක් නෑ කියන්නෙ. මේ කාමරයේ ජනේලය ඇරෙන්නෙ නෑනෙ.
හම්බඋනු ඔක්කොම ටික එක පෝස්ට් එකකට දැම්මා මචංලා.එකින් එක දානවට වඩා ලේසි නිසා.අනික සමහර ඒවා උඹලා කියවලත් ඇති.

හොදයි නම් ඉතින් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා ඈ 