සිරියානු යුද්ධයේ අවි-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියානු යුද්ධයේ අවි-2

    Xki1KWD.jpg

    සිරියානු යුද්ධය තුල භාවිතා වන විවිධ වර්ගයේ යුදෝපකරණ සම්බන්ධව මෙම ලිපි පෙල ඔස්සේ කතා කරනු ඇති.මෙම ලිපිය ඔස්සේ විමසා බලන්නට සූදානම් වන්නේ සිරියානු යුද්ධයේ විවිධ පාර්ශ්වයන් පාවිච්චි කරන සුළු අවි ගැනයි.සිරියාව තුල යුද්ධය ඇරඹීමට පෙර පටන් සුළු අවි භාවිතය බහුල වූයේ සෝවියට් සහ රුසියානු සැපයුම්වලට ස්තුතිවන්නටය.යුද්ධය ආරම්භ වීමෙන් පසුව සුළු අවි සැපයුමද ඉහල ගියේය.


    පළමු වරට භාවිතය: 2011 මාර්තු 18-අරාබි වසන්නතයේ බලපෑම සිරියාවට දැනෙන්නට පටන් ගත් පසු රජයට එරෙහිව උද්ඝෝෂණ කල තරුණයන් දුසිම් ගණනක් අෂාඩ් පාලනතන්ත්‍රයේ නියමය පරිදි රඳවා ගැනිනි.ඊට උද්ඝෝෂණකරුවන්ගේ පිළිතුර වූයේ දකුණුදිග නගරයක් වූ ඩාරා හි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල ගිනි බත් කිරීමයි.පොලිසිය ඊට ප්‍රතිචාර ලෙස පළමුව උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කල අතර පසුව වෙඩි තැබීම් සිදුකිරීම දක්වා එය දුරදිග ගියේය.

    RxlWmNk.png
    රුසියානු AK-47 අවියක් සහිතව සිටින සිරියානුවන්​

    ආරම්භය:සිරියානු යුද්ධය ආරම්භ වීමට පෙර පටන් එරට තුල සුළු අවි භාවිතය සුලභ කරුණක් විය.එරට භාවිතා කල සුළු අවි බහුතරයක් දශක ගණනාවක් තිස්සේ සෝවියට් දේශය සහ රුසියාවෙන් ලැබුණු ඒවාය.එම අවි ප්‍රමාණය මිලියන 2කට වැඩි යැ‍යි සඳහන් වේ.ඉන් අවි 700,000ක් පමණ සිරියානු සිවිල් වැසියන් සතුවූයේ යැයි ඇස්තමේන්තු කෙරේ.

    dcKI13U.jpg
    ඇමෙරිකානු M-16 රයිෆලයක් සහිතව සිටින සිරියානු කැරලිකරුවෙක්​

    යුද්ධය ආරම්භ වීමත් සමග සුළු අවි සැපයුම් ජෝර්දානය,ලෙබනනය,තුර්කිය සහ ඉරාකය යන රටවල් හරහා කැරලිකරුවන්ගේ අතට පත්විය.ඊට අමතරව එක්සත් ජනපදය ,කටාරය,තුර්කිය,සෞදි අරාබිය සහ ජෝර්දානය යන රටවල් වක්‍රකාරයෙන් මෙම යුද්ධයට අවශ්‍ය යුදෝපකරණ සැපයීමට දායකත්වය දුන්හ.සිරියානු රජයේ හමුදාව හැර ගිය සෙබලුන් හරහා තවත් සුළු අවි සැපයිණි.යුද්ධයේ මුල් මාස 6 තුල පමණක් රජයේ හමුදාවෙන් පලාගිය සෙබලුන් ප්‍රමාණය 10,000ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.ඔවුන්ගේ වැඩි පිරිසක් සිවිල් ජනයාට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කල අයයි.රජයේ හමුදාවෙන් අවි පැන්නීම තවදුරටත් සිදුවන බව කියවේ.

    සුළු අවි වර්ග 50කට වැඩි ප්‍රමාණයක් සිරියාව තුල දැනට භාවිතා වන බවත් ඒවා රටවල් දුසිමකට ආසන්න ගණනක නිෂ්පාදන බවත් සඳහන් වේ.​

    BBiDCmj.jpg
    නිදහස් සිරියානු හමුදාවේ සටන්කාමියෙක් ස්නයිපර් අවියක් සහිතව​

    භාවිතය:රයිෆල් සහ කෙටි තුවක්කු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල මුල් සති කිහිපය තුල ආධිපත්‍යය ලබාගෙන සිටියහ.ඒවා බහුලවම භාවිතා කලේ රජයේ හමුදා සහ පොලිසියයි.ඒ සෝදිසි මෙහෙයුම් සඳහාය.වැඩි කල් යන්නට මත්තෙන් ඒවා මාරාන්තික අවි බවට පත්විය.ජිහාඩ්වාදීන් සුළු අවි භාවිතා කලේ තුන්වන රැල්ලේ ප්‍රහාර සඳහාය.පළමු රැල්ලේදී කාලතුවක්කු ප්‍රහාරද ,දෙවන රැල්ලේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරද පාවිච්චි කරන ලදි.මෙම උපාය මාර්ගය ඉරාකය තුලදී මුවහත් කරන ලදුව දැවැන්ත විනාශයක් සිදුකිරීම සඳහා අල්කයිඩාව සහ ඔවුන්ගෙන් කැඩී ගියා යැ‍යි කියන ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් විසින් ආනයනය කරන ලදි.

    මෙම රූපයේ දැක්වෙන්නේ සිරියානු යුද්ධය තුල මෙතෙක් භාවිතා කල සුළු අවි ලැයිස්තුවයි.

    img_0453.gif




    සුළු අවිවලට වඩා තරමක් විශාල අවි

    උරහිස මත තබා දියත් කරන ගුවන් යානානාශක අවි එසේත් නැත්නම් ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති​


    2012 ජූලි : තුර්කිය ඔස්සේ ලබාගත් ගුවන් යානානාශක අවි සිරියාවේ ඇලැපෝ ආසන්නයේ කැරලිකරුවන් සතුවිය.​

    2012 අගෝස්තු : කැරලිකරුවන් විසින් නැගෙනහිර සිරියාවේ Deir el-Zour ප්‍රදේශයේදී මිග්-23 යානයක් බිම හෙළන ලදි.​

    2013 පෙබරවාරි : සිරියානු හමුදාවේ හෙලිකොප්ටරයක් කැරලිකරුවන් විසින් බිම හෙළන ලදි.​


    TX0ncYi.jpg
    මිග්-23 යානය බිම හෙළන අයුරු දැක්වෙන වීඩියෝවෙන් උපුටා ගන්නා ලදි​



    චීනයේ නිෂ්පාදිත එෆ් එන්-6 මිසයිල සිරියානු යුද්ධය තුලින් මතුවූයේ එය ආරම්භ වී වසරක් ගතවීමටත් ප්‍රථමවයි.මේවා සැපයූ රටවල් ලෙස වාර්තා වී තිබෙන්නේ කටාරය,සුඩානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.​

    xHHyo4f.jpg
    චීන FN-6 ගුවන් යානානාශක අවියක් සහිතව සිටින සිරියානු කැරලිකරුවෙක්​

    රුසියානු ගුවන් යානානාශක අවි:රුසියාවේ නිෂ්පාදිත එස් ඒ-7 ගුවන් යානානාශක අවි 2012 අගෝස්තු මාසයේදී පටන් භාවිතා වේ.එස් ඒ-7 යනු පැරණි අවියකි.එය තාපය සොයාගෙන ගමන් කල හැකි අවි ශීර්ෂයක් සහිත වුවද නූතන යුද ගුවන් යානා ඒවා මගහැර යා හැකි උපක්‍රම සතුය.එහි නවතම සංස්කරණ වන්නේ එස් ඒ-16 සහ එස් ඒ-24 අවි පද්ධතීන්ය.

    PTdmY2J.jpg
    රුසියානු SA-7 ගුවන් යානා නාශක අවියක් සහිතව සිටින සිරියානු කැරලිකරුවෙක්​



    යුද ටැංකි නාශක අවි:එක්සත් ජනපදයේ නිෂ්පාදිත යුද ටැංකි නාශක අවි(TOW) කැරලිකරුවන් සතු බව හෙලි වුනේ 2014 වසන්ත කාලයේදීය.රුසියාවේ නිෂ්පාදිත යුද ටැංකි නාශක අවිද සිරියාව තුල භාවිතා වන අතර ඒවා රාත්‍රී කාලයේදී පවා පාවිච්චි කල හැකිය.






    මතු සම්බන්ධයි​




    Source:defenseone.com

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    අපේ යුද්දෙ කාලෙ හරියට අවි ගන්න දන්න එවුන් ඉදියෙ නැහ. නිකං කොල්ල මැරුන විතරයි
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    සිරියානු යුද්ධෙත් ලංකාවෙ ඊලාම් යුද්ධෙත් අතර යම් සමානකම් තියෙනව
    සිරියානු යුදේධ පිටුපස ඉන්නෙ ඇමරිකාව වගේ බටහිර රටවල්, තුර්කිය, සහ ඊශ්‍රායලය. හරියට ලංකාවෙ වුනා වගේ තමයි බටහිර මාධ්‍ය සිරියානු යුද්ධය වාර්ථා කරන්නෙ කැරලිකරුවොන්ට වාසි විදියට, ISIS ඇතුළු කැරලිකරුවොන්ගෙ අපරාධ වැඩිය පෙන්නන්නෑ, සිරියානු හමුදාවන්ගෙ පොඩි දෙයක් වුනත් උළුප්පනව. බටහිර මාධ්‍ය වාර්ථා එතරම් නිරවද්‍ය නෑ. සිරියාව රුසියාවට හිතවත් මැදපෙරදිග රාජ්‍යයක් නිසා තමයි ඔය විදියට රෙජීම් එක වෙනස් කරන්න යන්නෙ. අසාද්ගෙ රෙජීම් එක හොඳම රෙජීම් එකක් කියනව නෙමෙයි නමුත් ඇරූබ් ස්ප්‍රිං එක අමරිකාව පාවිච්චි කරා දේපශාපනික කරුණු වලට, ලිබියාවෙ ගඩාෆිටත් වුනේ ඕකයි. ගඩාෆි හිටිය කාලෙට වඩා දැන් ලිබියාවෙ තත්ත්වෙ අන්ත දුක්ඛිතයි.
    ඉරාක යුද්දෙන් පස්සෙ ඇමරිකාවයි බ්‍රිතාන්‍යයයි කෙලින්ම යුද්ධයකට මැදිහත්වෙන්න ගියේ නෑ (සෙබළු මියගියාම ඒ රට තුලින්ම විරෝධය එන නිසා) ඒ නිසා උං බැලුවෙ තමන්ට විරුද්ධ රෙජීම් වට්ටන්න කැරලි පාවිච්චි කරන්න හා ඒ සඳහා අත යටින් උදව් කරන්න.
    :(