සිරියානු යුද්ධයේ අවි-5
සිරියානු හමුදා රාජ්‍ය විරෝධීන් සහ ත්රස්තවාදීන් සමග යුද්ධය ආරම්භ කලේ රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාර,බෝම්බ හෙළන ජෙට් යානා,ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් 500කට වැඩි ගණනකුත් සමගයි.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ සිරියානු හමුදාවන් සතු ගුවන් ප්‍රහාරක ශක්තිය සම්බන්ධවයි.
පළමුවරට භාවිතය: 2012 ජූලි 24 - එල්-39 සංග්‍රාමික පුහුණු කිරීමේ යානා රොකට්,බෝම්බ සහ මැෂින් තුවක්කුවලින් සන්නද්ධ කර විරුද්ධ පක්ෂයේ ඉලක්ක වලට පහරදීමට භාවිතා කල අතර ඉන්පසුව ඒ සඳහා මිග්-21 සහ මිග්-29 යානා යොදාගත්හ.
සිරියානු යුද්ධය ආරම්භයේදී එරට සතුව ගුවන් යානා 352ක් සහ හෙලිකොප්ටර් යානා 160ක් තිබිණි.ඒවා සියල්ලම පාහේ රුසියාවේ නිෂ්පාදිත ජෙට් යානා,ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් විය.
ODAB-500 PM - මෙය තර්මෝබැරික් අවියකි.එනම් පිපිරීම සිදුවන ප්‍රදේශයේ තිබෙන ඔක්සිජන් ප්‍රයෝජනයට ගෙන තදබල,අධික උෂ්ණත්වයක් සහ පිපිරුම් තරංග ජනිත කරයි.අවිය ඉන්ධන-ගුවන් බෝම්බයකි.එය මාර්ගෝපදේශනයක් රහිතව හෙළන කි.ග්රෑ.190 බර බෝම්බයක් වන අතර සෝවියට් දේශයේ/රුසියාවේ නිපදවේ.
S-25-OFM - මෙය ගුවන් යානයකින් ගුවනේ සිට පොළොවට එල්ල කරන රුසියාවේ නිෂ්පාදිත රොකට්ටුවකි.S-25 පවුලේ මොඩලය නිර්මාණය කර තිබෙන්නේ දැඩි ඉලක්ක වෙත පහර දීම සඳහාය.මේවා නියාමක මෙන්ම නියාමක නොවන අයුරින්ද මුදා හැරිය හැකිය.රුසියානු සුකොයි ප්‍රහාරක යානා මෙම රොකට් රැගෙන යාමට භාවිතා කරයි.රොකට්ටුවක පරාසය කි.මී.3කි.
OFAB-100-120 - සුකොයි ප්‍රහාරක යානා මගින් මුදා හරින මෙම කුඩා බෝම්බ විශේෂය නිර්මාණය කර තිබෙන්නේ සැහැල්ලු සන්නාහයන්,හමුදා කර්මාන්ත පහසුකම් සහ පුද්ගල නාශක අවියක් ලෙසයි.
R-40 සහ R-60 මිසයිල - මේවා ගුවනේ සිට ගුවනට එල්ල කරන එනම් ගුවන් සටනකදී භාවිතා කිරීමට නිර්මාණය කල මිසයිල වේ.R-40 යනු ගුවනේ සිට ගුවනට එල්ල කරන ලොව විශාලතම දිගු දුර මිසයිලයයි.R-60 යනු ගුවනේ සිට ගුවනට එල්ල කරන කෙටි දුර මිසයිලයකි.මෙම මිසයිල දෙකම ගොඩබිම් ඉලක්ක වෙත පහරදීම සඳහා හැඩගස්වා සිරියාවේදී භාවිතා කරන බව කියවේ.
ප්‍රදාහක අවි- 2012 වර්ෂයේ පටන් සිරියානු රජයේ හමුදාව මෙම වර්ගයේ අවි භාවිතා කරන බව සඳහන් වේ.
පළමුවරට භාවිතා කිරීම:2012 අගෝස්තු 22,ඇලැපෝ,ඉන් දින කිහිපයකට පසුව ඉඩ්ලිබ් හි භාවිතා කර තිබේ.ඒ 2012 සැප්තැම්බර් මාසයේදී.
2012 ග්‍රීෂ්ම සෘතුව වන විට සිරියානු කැරලිකරුවන් සතුව ප්‍රමාණවත් ගුවන් ආරක්ෂක මිසයිල තිබිණි.ඒවා විදේශීය රටවලින් ලැබුණු ඒවාය.මේ නිසා රජයේ ගුවන් හමුදාවට ඔවුන්ගේ ප්‍රහාරක යානා ඉහළ උසකින් පියාසර කරවන්නට සිදුවිය.ඒ සමගම ගුවන් යානාවලින් හෙලිකොප්ටර්වලට මාරුවී බැරල් බෝම්බ හෙළීමට සිරියානු ගුවන් හමුදාව ක්‍රියා කලේය.එක් බැරල් බෝම්බයකින් ගොඩනැගිලි කිහිපයක් එක වර විනාශ කල හැකිවිය.
අෂාඩ්ගේ හමුදාව යොදාගෙන පැරණි ටැංකි හෝ සිලින්ඩර් තුල පුපුරණද්‍රව්‍ය සහ ලෝහ කැබලි යොදාගෙන නිර්මාණය කල බැරල් බෝම්බ Mi-8/17 හෙලිකොප්ටර් යොදාගෙන හෙළන ලදි.2013 වර්ෂයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව කියා සිටියේ සිරියානු ගුවන් හමුදාව එවැනි උපායක් අනුගමනය කරන්නේ කර්මාන්ත ශාලාවල නිපදවූ තත්ත්වයෙන් උසස් බෝම්බ ප්‍රහාරක ජෙට් යානා ඔස්සේ හෙළීමට ඉතිරි කර ගැනීමට බවයි.
ඇයි බැරල් බෝම්බ භාවිතා කරන්නේ?GRAD සහ SCUD අවි මෙන්ම බැරල් බෝම්බවල ප්රතිවිපාකය අතිශය විනාශකාරීය.බැරල් බෝම්බ තුල රසායනි අවි අඩංගු කිරීමේ හැකියාව තිබේ.නමුත් අෂාඩ්ගේ හමුදා රසායනික අවි භාවිතා කල බවට පැහැදිලි සාක්ෂි හමුවී නැත.
2015 ඔක්තෝම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය,ප්‍රංශ සහ ස්පාඤ්ඤය එක්ව සිරියාවේ බැරල් බෝම්බ භාවිතා කිරීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යෝජනාවක් කෙටුම්පත් කිරීමට සූදානම් වුවද රුසියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.
පළමුවරට භාවිතා කිරීම:2012 ඔක්තෝම්බර් ,ඉඩ්ලිබ් පළාතේ,එක්සත් ජාතීන්ට අනුව.
පළමුවරට රසායනික අවි භාවිතා කලේ පළමු ලෝක යුද සමයේදීය.1925 ජිනීවා යෝජනාවකින් අනුව එවැනි අවි භාවිතා කිරීම තහනම් කරන ලදි.2012 වර්ෂයේදී සිරියාවේ සිදුවූ රසායනික අවි ප්‍රහාර සම්බන්ධව චෝදනා එල්ල කලේ රජයේ හමුදාවන්ටය.නමුත් එම චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සනාථ කර නැත.
සිරියානු රජයේ හමුදා සතුව රුසියාවෙන් ලබාදුන් ගුවන් යානා නාශක අවි පද්ධති තිබේ.විශාල ප්‍රදේශයක් ආවරණය කල හැකි එවැනි අවි පද්ධති දෙකක් වන්නේ S-300 සහ S-4000ය.ඊට අමතරව කැරලිකරුවන් සහ ත්රස්තවාදීන් සතුව විදේශීය රටවලින් සැපයූ සැහැල්ලු ජංගම ගුවන් යානා නාශක අවි විශාල ප්‍රමාණයක් තිබේ.
Source:defenseone.com
-HarshaLulzSec-

සිරියාවට අයත් L-39 Albatros යානයක්
සිරියානු යුද්ධය ආරම්භයේදී එරට සතුව ගුවන් යානා 352ක් සහ හෙලිකොප්ටර් යානා 160ක් තිබිණි.ඒවා සියල්ලම පාහේ රුසියාවේ නිෂ්පාදිත ජෙට් යානා,ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් විය.
සිරියාවට අයත් MiG-21 යානයක්
සිරියාවට අයත් MiG-23 යානයක්
සිරියානු ගුවන් හමුදාව හෙළු බෝම්බ,මිසයිල සහ අනෙකුත් අවි
ODAB-500 PM - මෙය තර්මෝබැරික් අවියකි.එනම් පිපිරීම සිදුවන ප්‍රදේශයේ තිබෙන ඔක්සිජන් ප්‍රයෝජනයට ගෙන තදබල,අධික උෂ්ණත්වයක් සහ පිපිරුම් තරංග ජනිත කරයි.අවිය ඉන්ධන-ගුවන් බෝම්බයකි.එය මාර්ගෝපදේශනයක් රහිතව හෙළන කි.ග්රෑ.190 බර බෝම්බයක් වන අතර සෝවියට් දේශයේ/රුසියාවේ නිපදවේ.
S-25-OFM - මෙය ගුවන් යානයකින් ගුවනේ සිට පොළොවට එල්ල කරන රුසියාවේ නිෂ්පාදිත රොකට්ටුවකි.S-25 පවුලේ මොඩලය නිර්මාණය කර තිබෙන්නේ දැඩි ඉලක්ක වෙත පහර දීම සඳහාය.මේවා නියාමක මෙන්ම නියාමක නොවන අයුරින්ද මුදා හැරිය හැකිය.රුසියානු සුකොයි ප්‍රහාරක යානා මෙම රොකට් රැගෙන යාමට භාවිතා කරයි.රොකට්ටුවක පරාසය කි.මී.3කි.
OFAB-100-120 - සුකොයි ප්‍රහාරක යානා මගින් මුදා හරින මෙම කුඩා බෝම්බ විශේෂය නිර්මාණය කර තිබෙන්නේ සැහැල්ලු සන්නාහයන්,හමුදා කර්මාන්ත පහසුකම් සහ පුද්ගල නාශක අවියක් ලෙසයි.
R-40 සහ R-60 මිසයිල - මේවා ගුවනේ සිට ගුවනට එල්ල කරන එනම් ගුවන් සටනකදී භාවිතා කිරීමට නිර්මාණය කල මිසයිල වේ.R-40 යනු ගුවනේ සිට ගුවනට එල්ල කරන ලොව විශාලතම දිගු දුර මිසයිලයයි.R-60 යනු ගුවනේ සිට ගුවනට එල්ල කරන කෙටි දුර මිසයිලයකි.මෙම මිසයිල දෙකම ගොඩබිම් ඉලක්ක වෙත පහරදීම සඳහා හැඩගස්වා සිරියාවේදී භාවිතා කරන බව කියවේ.
R-40 මිසයිලයක්
R-60 මිසයිලයක්
Kh පන්තියේ නියාමක නොවන මිසයිල - 31A, P, 59, 73, 25, 28, 29L .මේවා ගොඩබිම් ඉලක්ක වෙත පහරදීමට භාවිතා කරන මිසයිල වේ.
Kh-31 මිසයිලයක්
Kh-29T සහ Kh-58 නියාමක මිසයිල
Kh-29T මිසයිලයක්
KAB-500 සහ KAB-1500 නියාමක මිසයිල
KAB-500KR මිසයිලයක්
S-24 සහ S-25 ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන රොකට්
S-24 රොකට්ටුවක්
පොකුරු බෝම්බ
ඇලැපෝ ප්‍රදේශයට පොකුරු බෝම්බ හෙළු අවස්ථාවක් - 2016 ජූනි
ප්‍රදාහක අවි- 2012 වර්ෂයේ පටන් සිරියානු රජයේ හමුදාව මෙම වර්ගයේ අවි භාවිතා කරන බව සඳහන් වේ.
2016 ජූනි මාසයේදී ඇලැපෝ වෙත එල්ල කල ප්‍රදාහක අවි ප්‍රහාරයක්
රසායනික අවි
බැරල් බෝම්බ
රුසියානු හෙලිකොප්ටරයකින් බැරල් බෝම්බ හෙළන අයුරු - 2013 ඩැමැස්කස්
බැරල් බෝම්බ
පළමුවරට භාවිතා කිරීම:2012 අගෝස්තු 22,ඇලැපෝ,ඉන් දින කිහිපයකට පසුව ඉඩ්ලිබ් හි භාවිතා කර තිබේ.ඒ 2012 සැප්තැම්බර් මාසයේදී.
2012 ග්‍රීෂ්ම සෘතුව වන විට සිරියානු කැරලිකරුවන් සතුව ප්‍රමාණවත් ගුවන් ආරක්ෂක මිසයිල තිබිණි.ඒවා විදේශීය රටවලින් ලැබුණු ඒවාය.මේ නිසා රජයේ ගුවන් හමුදාවට ඔවුන්ගේ ප්‍රහාරක යානා ඉහළ උසකින් පියාසර කරවන්නට සිදුවිය.ඒ සමගම ගුවන් යානාවලින් හෙලිකොප්ටර්වලට මාරුවී බැරල් බෝම්බ හෙළීමට සිරියානු ගුවන් හමුදාව ක්‍රියා කලේය.එක් බැරල් බෝම්බයකින් ගොඩනැගිලි කිහිපයක් එක වර විනාශ කල හැකිවිය.
අෂාඩ්ගේ හමුදාව යොදාගෙන පැරණි ටැංකි හෝ සිලින්ඩර් තුල පුපුරණද්‍රව්‍ය සහ ලෝහ කැබලි යොදාගෙන නිර්මාණය කල බැරල් බෝම්බ Mi-8/17 හෙලිකොප්ටර් යොදාගෙන හෙළන ලදි.2013 වර්ෂයේදී ඇමෙරිකානු ගුවන් හමුදාව කියා සිටියේ සිරියානු ගුවන් හමුදාව එවැනි උපායක් අනුගමනය කරන්නේ කර්මාන්ත ශාලාවල නිපදවූ තත්ත්වයෙන් උසස් බෝම්බ ප්‍රහාරක ජෙට් යානා ඔස්සේ හෙළීමට ඉතිරි කර ගැනීමට බවයි.
ඇයි බැරල් බෝම්බ භාවිතා කරන්නේ?GRAD සහ SCUD අවි මෙන්ම බැරල් බෝම්බවල ප්රතිවිපාකය අතිශය විනාශකාරීය.බැරල් බෝම්බ තුල රසායනි අවි අඩංගු කිරීමේ හැකියාව තිබේ.නමුත් අෂාඩ්ගේ හමුදා රසායනික අවි භාවිතා කල බවට පැහැදිලි සාක්ෂි හමුවී නැත.
2015 ඔක්තෝම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය,ප්‍රංශ සහ ස්පාඤ්ඤය එක්ව සිරියාවේ බැරල් බෝම්බ භාවිතා කිරීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යෝජනාවක් කෙටුම්පත් කිරීමට සූදානම් වුවද රුසියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.
රසායනික අවි
පළමුවරට භාවිතා කිරීම:2012 ඔක්තෝම්බර් ,ඉඩ්ලිබ් පළාතේ,එක්සත් ජාතීන්ට අනුව.
පළමුවරට රසායනික අවි භාවිතා කලේ පළමු ලෝක යුද සමයේදීය.1925 ජිනීවා යෝජනාවකින් අනුව එවැනි අවි භාවිතා කිරීම තහනම් කරන ලදි.2012 වර්ෂයේදී සිරියාවේ සිදුවූ රසායනික අවි ප්‍රහාර සම්බන්ධව චෝදනා එල්ල කලේ රජයේ හමුදාවන්ටය.නමුත් එම චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සනාථ කර නැත.
ගුවන් යානා නාශක අවි

BUMP