සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහ&

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහ&

    සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහාරයක්

    සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊයේ (26) උදෑසන එල්ල වූ මෝටාර් ප‍්‍රහාර කිහිපයකින් කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවක ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.

    මෝටාර් ප‍්‍රහාරය එල්ල වූයේ ඩමැස්කස් අගනුවර අබු රුමාන් පළාතේ පිහිටි අල් හසාන් මුස්ලිම් පල්ලියටය. මෝටාර් ප‍්‍රහාරයෙන් පල්ලියට හානි සිදුවිය.
    සිරියානු රජය චෝදනා කළේ එම ප‍්‍රහාරය සිදු කළේ බටහිර ආධාර ලබන ඉස්ලාමීය ‘ත‍්‍රස්තවාදීන්’ කියාය.

    සිරියානු අර්බුදය දිග් ගැස්සී ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අනුග‍්‍රහය ලැබෙන සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවන නිසාය.

    මේ වනවිට සිරියානු අර්බුදය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් බවට ද පරිවර්තනය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ඉරාකයේ අල් කයිඩා සටන්කාමීන් මෙන්ම පාකිස්තානයේ සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානවල සාමාජිකයෝ ද මේ වනවිටත් සිරියාවට පැමිණ සිරියානු රජයට එරෙහිව සටන් වදිති.

    එම සටන්කාමීන් කියා සිිටයේ ඉකුත් 21 වැනිදා සිදුවුණු විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් සිවිල් වැසියන් අමු අමුවෙන් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු රජයෙන් පළි ගන්නා බවය.

    Source : lankadeepa
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muslim ewuntamai kela wenne.
    un karana wada wala hatiyata ohoma wennat one habai. eet paw podi lamayi wa marana eka.