සිරියාවේ මොකද වෙන්නේ-12
සැප්තැම්බර් මස 7 වනදා ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් යුද ගුවන් යානා මධ්‍යම සිරියාවේ හමා නගරයේ බටහිර ප්‍රදේශය පිහිටා ඇති මාස්යාෆ් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙම සිද්ධිය ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.සිරියාව රසායනික අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා එල්ල වන්නේ මෙම නගරයේය. මූලාශ්‍රවලට අනුව මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙන්නේ මැදි දුර බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කරන ස්ථානයකටය.ඉරානය විසින් බැලස්ටික් මිසයිල නිෂ්පාදනාගාරයක් සිරියාව තුල ඉදිකරමින් සිටින්නේ යැයි මේ වසර මුලදී ඊශ්‍රායලය අනාවරණය කර තිබුණේ චන්ද්‍රිකා ඡායාරූපත් සමගින්ය.
සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ සැප්තැම්බර් මස 7දා පෙ.ව. 2.42කට පමණ ලෙබනන් ගුවන් සීමාවේ සිට මිසයිල ප්‍රහාරය එල්ල වූ බවයි.එහිදී හමුදාවට අයත් ගොඩනැගිලිවලට හානි සිදුවූ බවත්,සිරියානු සෙබලුන් 2ක් මියගිය බවත් එම අමාත්‍යාංශය පවසා තිබේ.නමුත් මෙම සිදුවීම සම්බන්ධව ඊශ්‍රායල රජය තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වන්නේ සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරයට ලගාවීමත් සමගයි.ඩීර් එසෝර් නගරයට සිරියානු රජයේ හමුදා ප්‍රවේශවීමත් සමග රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් රජයේ හමුදාවන්ගේ ජයග්‍රහණයට සුභ පතා තිබේ.රුසියානු සහාය සහිතව සිරියානු රජයේ හමුදා ලබාගත් තුන්වන වැදගත්ම ජයග්‍රහණය වන්නේ මෙයයි.මීට පෙර රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සතුවූ ඇලැපෝ නගරයද ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතුවූ පැල්මයිරා නගරයද අල්ලා ගැනීම සිරියානු අරාබි හමුදා සමත්විය.ඊශ්‍රායලයේ ප්‍රහාරය ISIS ත්‍රස්තවාදීන්ට දක්වන සහාය දැක්වීමක් ලෙස සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය හුවාදක්වයි.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යය ඇවඩෝර් ලිබර්මන් ප්‍රකාශ කලේ ටෙහෙරාන්(ඉරාන අගනුවර )සහ ඩැමැස්කස්(සිරියවේ අගනුවර)අතර ෂියා කොරිඩෝරයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි.
සිරියාව තුල වර්ධනය වෙමින් තිබෙන ඉරාන බලපැවැත්ම සහ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සාර්ථකව ඉදිරියට ඇදෙමින් ඇති සිරියා-ඉරාන-රුසියා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධව ඊශ්‍රායලය සිටින්නේ සතුටින් නොවන බව පෙනේ.ඇමෙරිකා-රුසියා සිරියානු සටන් විරාමයට විරුද්ධ වීමටත් ,ISIS ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට ප්‍රමුඛ අවධානය ලබා දීමට හේතුවන රුසියානු නායකත්වය යටතේ ගන්නා ලද රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් පරාජය කිරීමටත් ටෙල් අවිව් රජය දිගින් දිගටම කරන ලද උත්සාහයක් අද දක්වා සාර්ථක වී නැත.
පසුගිය වසර පහක කාලය තුල සිරියානු රජය විසින් හිස්බුල්ලා ඇතුලු ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්වලට අවි සැපයු අවස්ථා ගණනාවකදී ඒවා කඩාකප්පල් කිරීමට ප්‍රහාර 100ක් වත් එල්ල කර ඇතැයි එරට ගුවන් හමුදාවේ ප්‍රධාන මේජර් ජෙනරාල් අමිර් ඇෂෙල් අගෝස්තු මාසයේ කියා තිබේ.විශේෂඥ මතය නම් සිරියාව තුල ISIS ත්‍රස්තවාදීන්ගේ පරාජය උත්සන්න වීමත් සමග එරට තුල ක්‍රියාත්මක හිස්බුල්ලා ඇතුලු ෂියා සටන්කාමී කණ්ඩායම්වලට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරද වැඩිවීම අපේක්ෂා කල හැකි බවයි.
ඒ අතරතුර ඩීර් එසෝර් වෙත පිවිසීමට පටු කොරිඩෝරයක් විවෘත කර ගැනීමට සමත්වූ සිරියානු අරාබි හමුදා එම මාර්ගය අවට ආරක්ෂාව තහවුරු කරගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටියි.ඊයේ දිනයේ අන්තර්ජාලයට එක් කර තිබූ ඡායාරූප පෙළකට අනුව සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරය දෙසින් යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට සූදානම් වන බව පෙනේ.ගංගාව තරණය කිරීමට අවශ්‍ය පාරු පාලම් සහ බෝට්ටු රැගත් රථ පෙළක් එම ඡායාරූපවල දැක්වේ.මින් පැහැදිලි වන්නේ යුප්‍රටීස් ගංගාවෙන් එතෙර මෙහෙයුම්වලට අවතීරණ වීමටද සිරියානු රජයේ හමුදා සැරසෙන බවයි.මෙහි අරමුණ ගංගාවෙන් මෙගොඩ සිටින ISIS ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග අවහිර කර ඔවුන් වටලෑමයි.කෙසේවෙතත් සුක්නා-ඩීර් එසෝර් මාර්ගය අත්පත් කරගන්නා තෙක් යුප්‍රටීස් ගංගාවෙන් එතෙර මෙහෙයුම් ආරම්භ නොවනු ඇත.
පහත දැක්වෙන්නේ 2017 ජනවාරි මාසයේ 1 සහ 2017 සැප්තැම්බර් මස 5 දා සිරියාවේ තත්ත්වය සංසන්දනය කරන සිතියම් දෙකකි.මේ කාල සීමාව තුල සිරියානු අරාබි හමුදාව සහ අනෙකුත් මිත්‍ර හමුදා ISIS ත්‍රස්තවාදීන්ට යටත් ව තිබූ ඇලැපෝ,හෝම්ස්,රක්කා සහ ඩීර් එසෝ ප්‍රදේශවලින් විශාල භූමි ප්‍රදේශයක් මුදා ගැනීමට සමත් ව තිබේ.සැප්තැම්බර් මාසයේ ආරම්භයේදී සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරයට ඇතුල් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ISIS ත්‍රස්තවාදීන් විසින් වටලාගෙන සිටි නගරයට ජීවයක් එක් කරමින්ය.
Source:southfront.org
-HarshaLulzSec-

මාස්යාෆ් නගරයේ පිහිටීම

ඊශ්‍රායල ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක යානයක්
ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වන්නේ සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරයට ලගාවීමත් සමගයි.ඩීර් එසෝර් නගරයට සිරියානු රජයේ හමුදා ප්‍රවේශවීමත් සමග රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් රජයේ හමුදාවන්ගේ ජයග්‍රහණයට සුභ පතා තිබේ.රුසියානු සහාය සහිතව සිරියානු රජයේ හමුදා ලබාගත් තුන්වන වැදගත්ම ජයග්‍රහණය වන්නේ මෙයයි.මීට පෙර රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සතුවූ ඇලැපෝ නගරයද ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතුවූ පැල්මයිරා නගරයද අල්ලා ගැනීම සිරියානු අරාබි හමුදා සමත්විය.ඊශ්‍රායලයේ ප්‍රහාරය ISIS ත්‍රස්තවාදීන්ට දක්වන සහාය දැක්වීමක් ලෙස සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය හුවාදක්වයි.
ඊශ්‍රායල ගුවන් හමුදාවේ 'F-15 ඊගල්' ප්‍රහාරක යානයක්
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යය ඇවඩෝර් ලිබර්මන් ප්‍රකාශ කලේ ටෙහෙරාන්(ඉරාන අගනුවර )සහ ඩැමැස්කස්(සිරියවේ අගනුවර)අතර ෂියා කොරිඩෝරයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසුව
සිරියාව තුල වර්ධනය වෙමින් තිබෙන ඉරාන බලපැවැත්ම සහ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සාර්ථකව ඉදිරියට ඇදෙමින් ඇති සිරියා-ඉරාන-රුසියා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධව ඊශ්‍රායලය සිටින්නේ සතුටින් නොවන බව පෙනේ.ඇමෙරිකා-රුසියා සිරියානු සටන් විරාමයට විරුද්ධ වීමටත් ,ISIS ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට ප්‍රමුඛ අවධානය ලබා දීමට හේතුවන රුසියානු නායකත්වය යටතේ ගන්නා ලද රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් පරාජය කිරීමටත් ටෙල් අවිව් රජය දිගින් දිගටම කරන ලද උත්සාහයක් අද දක්වා සාර්ථක වී නැත.
පසුගිය වසර පහක කාලය තුල සිරියානු රජය විසින් හිස්බුල්ලා ඇතුලු ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්වලට අවි සැපයු අවස්ථා ගණනාවකදී ඒවා කඩාකප්පල් කිරීමට ප්‍රහාර 100ක් වත් එල්ල කර ඇතැයි එරට ගුවන් හමුදාවේ ප්‍රධාන මේජර් ජෙනරාල් අමිර් ඇෂෙල් අගෝස්තු මාසයේ කියා තිබේ.විශේෂඥ මතය නම් සිරියාව තුල ISIS ත්‍රස්තවාදීන්ගේ පරාජය උත්සන්න වීමත් සමග එරට තුල ක්‍රියාත්මක හිස්බුල්ලා ඇතුලු ෂියා සටන්කාමී කණ්ඩායම්වලට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරද වැඩිවීම අපේක්ෂා කල හැකි බවයි.
වසර ගණනක් ඩීර් එසෝර් නගරය යටත් වීමට නොදී රැකගෙන සිටීමට අණ දුන් නායකයා
ඒ අතරතුර ඩීර් එසෝර් වෙත පිවිසීමට පටු කොරිඩෝරයක් විවෘත කර ගැනීමට සමත්වූ සිරියානු අරාබි හමුදා එම මාර්ගය අවට ආරක්ෂාව තහවුරු කරගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටියි.ඊයේ දිනයේ අන්තර්ජාලයට එක් කර තිබූ ඡායාරූප පෙළකට අනුව සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරය දෙසින් යුප්‍රටීස් ගංගාව තරණය කිරීමට සූදානම් වන බව පෙනේ.ගංගාව තරණය කිරීමට අවශ්‍ය පාරු පාලම් සහ බෝට්ටු රැගත් රථ පෙළක් එම ඡායාරූපවල දැක්වේ.මින් පැහැදිලි වන්නේ යුප්‍රටීස් ගංගාවෙන් එතෙර මෙහෙයුම්වලට අවතීරණ වීමටද සිරියානු රජයේ හමුදා සැරසෙන බවයි.මෙහි අරමුණ ගංගාවෙන් මෙගොඩ සිටින ISIS ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග අවහිර කර ඔවුන් වටලෑමයි.කෙසේවෙතත් සුක්නා-ඩීර් එසෝර් මාර්ගය අත්පත් කරගන්නා තෙක් යුප්‍රටීස් ගංගාවෙන් එතෙර මෙහෙයුම් ආරම්භ නොවනු ඇත.
පහත දැක්වෙන්නේ 2017 ජනවාරි මාසයේ 1 සහ 2017 සැප්තැම්බර් මස 5 දා සිරියාවේ තත්ත්වය සංසන්දනය කරන සිතියම් දෙකකි.මේ කාල සීමාව තුල සිරියානු අරාබි හමුදාව සහ අනෙකුත් මිත්‍ර හමුදා ISIS ත්‍රස්තවාදීන්ට යටත් ව තිබූ ඇලැපෝ,හෝම්ස්,රක්කා සහ ඩීර් එසෝ ප්‍රදේශවලින් විශාල භූමි ප්‍රදේශයක් මුදා ගැනීමට සමත් ව තිබේ.සැප්තැම්බර් මාසයේ ආරම්භයේදී සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් නගරයට ඇතුල් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ISIS ත්‍රස්තවාදීන් විසින් වටලාගෙන සිටි නගරයට ජීවයක් එක් කරමින්ය.
2017 ජනවාරි 1වන විට සිරියාවේ තත්ත්වය
2017 සැප්තැම්බර් 5 වන විට සිරියාවේ තත්ත්වය
Source:southfront.org
-HarshaLulzSec-