සිරියාවේ මොකද වෙන්නේ-22

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-22

    LL5sE10.jpg

    ISIS ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රධානතම ප්‍රහාරය ව්‍යර්ථ කර මධ්‍යම සිරියාවේ ඩීර් එසෝර්-පැල්මයිරා මහා මාර්ගය සුරක්ෂිත කිරීමට සිරියානු රජයේ හමුදා සමත්ව තිබේ.දැනට සටන් පවතින ප්‍රධාන ප්‍රදේශය වන්නේ නැගෙනහිර සුක්නාය.

    shtkVhC.jpg
    අල් සුක්නාහ් අවට තත්ත්වය - 2017 සැප්තැම්බර් 30​

    බ්‍රි-ගාබාගිබ් සහ ෂුලා ප්‍රදේශවල තත්ත්වය දැනට ස්ථාවරව පවතියි.නමුත් ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප සාක්ෂි ලැබී නැත.

    ඔක්තෝම්බර් මස 2දා වාර්තා වූ පරිදි ඇමෙරිකානුවන් එල්ල කලා යැ‍යි කියන ගුවන් ප්‍රහාරයකින් මධ්‍යම සිරියාවේ ටී-3 පොම්පාගාරය ආසන්නයේ ISIS ත්‍රස්තවාදීන් හා සටන් කරමින් සිටි හිස්බුල්ලා සාමාජිකයින් 7-8 පිරිසක් මරණයට පත්ව තිබේ.මෙම ගුවන් ප්‍රහාරය හේතුවෙන් ISIS ත්‍රස්තවාදීන් එම ප්‍රදේශයේ තවත් ඉදිරියට යෑමට අවස්ථාව උදාවිය.

    kKpOGsD.jpg
    මධ්‍යම සිරියාවේ තත්ත්වය- 2017 ඔක්තොම්බර් 02​

    ඇමෙරිකානු යුද හමුදා කර්නල් රයන් ඩිලොන් ,එක්සත් ජනපදය නායකත්වය දරන මිත්‍ර සන්ධානයේ ප්‍රකාශකයා එම චෝදනාව ප්‍රතික්ෂේප කල අතර තම ගුවන් හමුදා මෙහෙයුම් සිදුකරන්නේ රක්කා සහ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පමණක් බව ප්‍රකාශ කර තිබේ.

    සිරියානු විපක්ෂයේ සමහර මාධ්‍ය වලට අනුව එම ගුවන් ප්‍රහාරය සිරියානු හෝ රුසියානු ප්‍රහාරක යානා අතින් සිදුවූ වැරැද්දක් ලෙස පෙන්වා දී තිබේ.සිදුවීම සම්බන්ධව තවමත් පැහැදිලි වාර්තාවක් නොමැත.

    නැගෙනහිර සලාමියාහ් හි රුබෙයා සහ මුගයිසල් ප්‍රදේශ මුදාගන්නට සිරියානු අරාබි හමුදා සමත්ව තිබේ.පසුගිය අගෝස්තු මාසයේ පටන් මෙම ISIS පොකට්ටුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,720 සිට 480 දක්වා අඩු විය.

    Y8QgfNH.jpg
    නැගෙනහිර සලාමියාහ් ISIS පොකට්ටුව​

    ඊසානදිග ඩීර් එසෝර්හි හේඩන් සහ රුබිඩාහ් යන ගම්මාන දෙසට ලගාවන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සමත් විය.ජැෆ්‍රා තෙල් බිම ආසන්නයේ එම බලකාවල ප්‍රගතිය මේ වන විට අඩුවී තිබෙන්නේ ඔවුන් නැගෙනහිර ඇන්ද සුරක්ෂිත කිරීමට බලය යොදවා ඇති නිසාය.

    9tlKjfw.jpg

    ඩීර් එසෝර් දකුණු ප්‍රදේශයේ තත්ත්වය- 2017 ඔක්තොම්බර් 01

    සිරියාවේ රක්කා නගරයේ ISIS ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මූලස්ථානය අත්පත් කරගන්නට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සමත් වූ බව සැප්තැම්බර් මස 29දා කුර්දි මූලාශ්‍ර වාර්තා කරන ලදි.එම මූලාශ්‍රවලට ISIS සංවිධානය අනුව රක්කා ප්‍රදේශය 2014 දක්වා පාලනය කරන ලද්දේ මෙම මූලස්ථානයේ සිටයි.

    රක්කා හි අල්-නාඩාහ් හි සටන්වලදී ISIS ත්‍රස්තවාදීන් සතු අවි තොගයක් අත්පත් කරගන්නට ඔවුන් සමත්ව තිබේ.

    ZNpUGZD.png


    FXfVz9t.png


    bU1gyDf.png


    k6Ef28L.png

    එක්සත් ජනපද හමුදාවට අනුව ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවලින් ISIS ත්‍රස්තවාදීන් වෙනුවෙන් ඩ්‍රෝන් යානා සැලසුම් කිරීම,නිපදවීම සහ නවීකරණය යන කටයුතුවලදී වැදගත්ම කාර්යයභාර්යය ඉටුකල තිදෙනෙක් මියගොස් තිබේ.අබු අල්මන් නම් ඩ්‍රෝන් නිෂ්පාදකයා මිය ගොස් තිබෙන්නේ සැප්තැම්බර් මස 14දාය.ප්‍රහාරය එල්ල වන විට ඔහු අෂාරාහ් හි සිට මයාඩීන් වෙත වාහනයකින් ගමන් කරමින් සිටි අතර දෙවන ප්‍රහාරයෙන් අෂාරාහ් හි ඔහුගේ වැඩපොළද විනාශ වි ඇත.

    IzEnrxS.jpg

    වාණිජ ඩ්‍රෝන් යානා නවීකරණය සහ නිෂ්පාදනය කිරීමට දක්ෂයින් යැ‍යි විශ්වාස කල අබු මූඩ් හ් අල්-ටියුනිසි සහ සජිඩ් ෆාරූක් බබර් සැප්තැම්බර් 12, 13 යන දිනවල එල්ල වූ ප්‍රහාරවලින් මියගියහ.මෙම පුද්ගලයින් තිදෙනා මරා දැමීමෙන් ISIS ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් ඔත්තු බැලීම් සහ ප්‍රහාරක හැකියාවන් පහළ බසිනු ඇතැයි කර්නල් රයන් ඩිලොන් පැවසීය.

    ඉරාකයේ සිට සිරියාවේ ඩීර් එසෝර් පළාත ඇතුල් වූ ISIS ත්‍රස්තවාදීන් 1,500කට වැඩි පිරිසක් කොටු කර විනාශ කර දමන්නට සිරියානු රජයේ හමුදා සහ රුසියානු ගුවන් හමුදාව සමත් වූ බව සැප්තැම්බර් 30දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.

    h00eVsx.jpg

    ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙව්කොව්ට අනුව පසුගිය මාස කිහිපයක තුල ISIS ත්‍රස්තවාදීන් සහ ජබාත් අල්-නුස් රා කණ්ඩායම බරපතල අහිමිවීම්වලට මුහුණු දුන්හ.රුසියානු මූලාශ්‍රවලට අනුව සැප්තැම්බර් 19-29 කාලය තුල රුසියානු ගුවන් ප්‍රහාර නිසා සටන්කාමීන් 2,359ක් මියගොස් 2,700ක් පමණ තුවාල ලබා ඇත.ඊට අමතරව ISIS ත්‍රස්තවාදීන්ට අයත් උණ්ඩ ගබඩා 51ක්,යුද ටැංකි 27ක්,රොකට් විදින 21ක් සහ 200ක් පමණ විශේෂිත රථ ද ප්‍රහාරවලින් විනාශයට පත්ව තිබේ.

    ISIS සහ අල් නුස්රා ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන රුසියානු ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාර​










    ඩීර් එසෝර් හි සටන්


    තමන් ගමන් කරමින් සිටි මෝටර් රථය බෝම්බ පිපිරිමකට ලක්වීමෙන් තුවාල ලබා සිටි රුසියාවේ නැගෙනහිර නාවික බල ඇණියේ නාවික පාබල සේනාංකයක අණදෙන නිලධාරී ලෙස කටයුතු කල කර්නල් වැලෙරි ෆෙඩ්යිටින් මිය ගිය බව වාර්තා වේ.ඔහු මිය යන්නට පෙර සිරියාවට යැවූ රුසියානු හමුදාවේ සේවය කරන ලදි.

    RUI4PLG.jpg
    කර්නල් වැලෙරි ෆෙඩ්යිටින්​

    2017 මැයි 9දා මොස්කව් හි පැවැත්වූ විජයග්‍රාහී පෙළපාලියට සහභාගී වූ කර්නල් වැලෙරි.​

    wqdQybV.jpg

    සැප්තැම්බර් මස 23දා රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව් ඩීර් එසෝර් ආසන්නයේදී ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් මරණයට පත් විය.

    si9PFA2.jpg

    සිරියාවේ ස්ථානගත කර තිබේ යැ‍යි කියන දෙවන S-400 මිසයිල පද්ධතියේ චන්ද්‍රිකා ඡායාරූපයක්

    රුසියාව දෙවන S-400 මිසයිල ආරක්ෂණ පද්ධතිය සිරියාවේ හමා පළාතේ මස්යාෆ් නගරයේ සිට කි.මී.13ක් වයඹදිගින් ස්ථානගත කර තිබේ යැ‍යි වාර්තා වේ.එම වාර්තාවට අනුව S-400 මිසයිල පද්ධතිය එහි තිබෙන්නේ 2017 අප්‍රේල්-ජූලි අතර කාලයේ පටන් යැ‍යි විශ්වාස කෙරේ.පළමු S-400 මිසයිල පද්ධතිය ලටාකියා පළාතේ හමෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරන ලද්දේ 2015 නොවැම්බර් මාසයේදීය.S-400 මිසයිල පද්ධතිය මිසයිල දියත්කරන 4ක්(TEL),92N6,96L6 යන රේඩාර් පද්ධති දෙකකින්ද සමන්විතය.





    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: LazyLizard