සිරියාවේ මොකද වෙන්නේ-3
ඉඩ්ලිබ් පලාතේ ජිහාඩ් යුද්ධය සඳහා ජුන්ඩ් අල්-අක්සා කණ්ඩායම ජබාත් ෆාටේහ් අල්-ෂාම්(කලින් අල්-නුස්රා පෙරමුණ) ත්රස්තවාදීන් සමග එකතුවීමට ගිවිසගත් බව ඔක්තෝම්බර් මස මුල් සතියේදී වාර්තා විය.පසුව ඔවුන් හරකට් අහ් රාර් අල්-ෂාම් නම් කණ්ඩායමට එරෙහිව සටන් වැදී තිබේ.නමුත් තමන්ගේ ප්‍රධාන ජිහාඩ් මිත්‍රයා වන ජබාත් ෆාටෙහ් අල්-ෂාම් කණ්ඩායමට එරෙහිව සටන් කරන බවට හරකට් අහ් රාර් අල්-ෂාම් කණ්ඩායම සපථ කලේ නැත.මෙම තත්ත්වයෙන් කියවෙන්නේ ජිහාඩ් සටන්කාමී කණ්ඩායම් එක් පෙරමුණකට එකතු වෙමින් සිටින බවයි.
ඇලැපෝහි නැගෙනහිර ප්‍රදේශයේදී සිරියානු හමුදාව,හිස්බුල්ලා සටන්කරුවන් සහ අනෙකුත් රජයට සහාය පලකරන කණ්ඩායම් විරුද්ධ පක්ෂයේ කැරලිකරුවන් හා ගැටුණි.තම අවි අතහැර නැගෙනහිර ඇලැපෝ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න යැයි ඔක්තෝම්බර් මස 10 වෙනදා සිරියානු හමුදාව විසින් නිවේදනය කරන ලදි.ඇලැපෝ නගරය සහ උතුරුදිග හමා යන ප්‍රදේශ සම්බන්ධව සිරියානු හමුදාවට තිබෙන අවධානය වෙනතකට යොමුකිරීම සඳහා කැරලිකාර කණ්ඩායම් විසින් උතුරුදිග ලටාකියාහි අෂොවුරා සටන නමින් නවතම මෙහෙයුමක් ඇරඹුවේ 2016.10.10 දාය.
ඔක්තෝම්බර් මස 11දා සිරියානු හමුදාවේ ටයිගර් නම් බලකාය උතුරුදිග හමා පළාතේ කොබාබ් නම් නගරයට ඇතුලුවිය.එය පාලනය කලේ ජුන්ඩ් අල්-අක්සා නම් ත්රස්තවාදීන් කණ්ඩායමයි.ඔක්තෝම්බර් මස 10 වනදා සිරියානු හමුදාව සහ ජාතික ආරක්ෂක බලකාය ඊට පෙර මුදාගත් උතුරු කබාබ් හි මාන් නම් නගරයෙන් පසුබැස තිබේ.රජයේ මූලාශ්‍ර ඔස්සේ කියවෙන්නේ එය උපායමාර්ගික වශයෙන් සිදුකල පසුබැසීමක් බවයි.
2014 වර්ෂයේදී හිලරි ක්ලින්ටන් විසින් යවන ලද විද්‍යුත් ලිපි උපුටා දක්වමින් විකිලීක්ස් අනාවරණය කරන්නේ සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය විසින් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සහ අනෙකුත් සුන්නි අන්තවාදී කණ්ඩායම් පවත්වාගෙන යන බවත් ඒවාට අවශ්‍ය මූල්‍ය සහ සන්නද්ධ බලය ලබාදෙන බවයි.සාම්ප්‍රදායික පාබල මෙහෙයුම්වල යෙදනවාට වඩා කුර්දි හමුදාවලට ඇමෙරිකානු යුද උපදේශකයින් සහ දැනුම ලබාදීම කලයුතු බව ඇය එම පණිවුඩවල දක්වා තිබේ.සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය වෙත බලපෑමක් කිරීමට රාජ්‍යතාන්ත්‍රික බලය සහ සාම්ප්‍රදායික බුද්ධි තොරතුරු යොදාගත යුතුබව ඇය ලියා තිබේ.
Pantsir -s1 ගුවන් ආරක්ෂණ පද්ධති සැපයීම සම්බන්ධව රුසියා-සිරියා ගනුදෙනුව සිදුවූයේ වසර කිහිපයකට පෙරය.නමුත් මූල්‍යමය හේතු නිසා ඒවා සැපයීම පමාවී තිබේ.නමුත් එම පද්ධති අමතර ගාස්තුවකින් තොරව කඩිනමින් සිරියාවට ලබාදීමට මොස්කව් පාලනය තීරණය කර තිබේ.එලෙස සිරියාවට යවන Pantsir -s1 ගුවන් ආරක්ෂණ පද්ධති ගණන තවමත් අනාවරණය වී නොමැත.බොහෝවිට ඒ ගණන 10කට අඩු විය හැකිය.
උතුරු ලටාකියා ප්‍රදේශයේ කුර්දි කඳුකර ප්‍රදේශ අල්ලා ගැනීමට ත්‍රස්තවාදී කණ්ඩායම් ඒකාබද්ධව දියත් කල අෂොවුරා නම් මෙහෙයුම ඔස්සේ අත්පත් කරගත් ප්‍රදේශවල බලය යලි ලබාගැනීමට සිරියාවේ ජාතික ආරක්ෂක හමුදාව සහ සිරියානු මැරීන් සෙබලුන් සමත්වූයේ රුසියානු ගුවන් ප්‍රහාරවල සහායද ඇතිවයි.සිරියානු හමුදාව යළි අත්පත් කරගත් ප්‍රදේශ නිල් පැහැයෙන් දක්වා තිබේ.
2015-2016 සමයේදී රුසියාව KAB-500 උච්ච ස්ඵෝථන බෝම්බ,චන්ද්‍රිකා මාර්ගෝපදේශනය සහිත පද්ධති සමග සැබෑ යුද බිමකදී භාවිතා කලේ ප්‍රථම වරටයි.සිරියාවේදී KAB-500 බෝම්බ ගෙනයෑම සිදුකරන්නේ බොහෝවිට සුකොයි-34 යානා මගිනි.නමුත් සුකොයි-24එම්,සුකොයි-30එස් එම් සහ සුකොයි-35 යානාවලටද මෙවැනි බෝම්බ රැගෙන යා හැකිය.ඒවා ඉහල උසක සිට මෙන්ම මීටර් 550ක උසක සිට පවා හෙළීමට පුලුවනි.රුසියානු පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානාවල භාවිතා කිරීමට නිපදවූයේ යැයි සැලකෙන නවතම KAB-250C ගුවන් බෝම්බ පවා සිරියානු ගුවන් මෙහෙයුම් සඳහා රුසියාව භාවිතා කල බව වාර්තා වේ.ඡායාරූපය: kab-500 බෝම්බයක්
සිරියාවේ ඩැමැස්කස් නගරය ආසන්නයේ සටන් කරන සිරියානු හමුදාව සතු ටී-72 යුද ටැංකියක් රුසියාවේ නිෂ්පාදිත මල්යුට්කා නම් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාර හමුවේ සම්පුර්ණයෙන්ම විනාශ විය.පළමු ප්‍රහාරයෙන් පසුව එහි සිටි සෙබලුන් ඉවතට පැනගත් අතර දෙවන ප්‍රහාරයෙන් යුද ටැංකිය සම්පුර්ණයෙන්ම විනාශ විය.මෙම ඉරණම අත්වීමට හේතුව ලෙස සඳහන් වන්නේ යුද ටැංකිය අනාරක්ෂිත ස්ථානයක නවතා තිබීමයි.
වසරකට පෙර රුසියානු හමුදා සිරියාවේ Hmeymim ගුවන් කඳවුරේ ආරක්ෂාවට නම් ගොඩබිම් මූලික Krasukha-4 ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි පද්ධතිය දියත් කල බවට මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.මධ්‍යධරණී මුහුදට ඉහළින් පියාසර කරන ඔත්තුබැලීමේ යානා ඇතුලු එක්සත් ජනපද ගුවන් යානාවලින් කඳවුර ආරක්ෂා කිරීම මෙම පද්ධතියට පැවරී තිබෙන කාර්යයි.අවශ්‍ය නම් ඒවාට ඔත්තුබැලීමේ චන්ද්‍රිකා වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සහ ෆයිටර් ජෙට් යානාවල දර්ශන පද්ධතිය අක්‍රමවත් කිරීමේ හැකියාවද තිබෙන බව කියවේ.
පසුගිය 10,11 දිනවලදී ත්රස්තවාදීන් විසින් අල්ලාගත් ලැටාකියාහි කඳුමුදුන් තුනක බලය තවදුරටත් පවත්වාගෙන යෑමට ඔවුන්ට නොහැකිව තිබේ.රුසියානු ගුවන් ප්‍රහාරවල සහායෙන් සිරියානු හමුදාව එම කඳුමුදුන් වල බලය අත්පත් කරගෙන තිබේ.පහත දැක්වෙන්නේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ගුවනින් බෝම්බ හෙළන අයුරු දැක්වෙන වීඩියෝවකි.මෙය රුසියානු ඩ්‍රෝන් යානයක් විසින් ලබාගෙන තිබේ.
Source:southfront.org
-HarshaLulzSec-
ජිහාඩ් සිවිල් යුද්ධයට කණ්ඩායම් එකමුතුවේ - 2016.10.11
ඉඩ්ලිබ් පලාතේ ජිහාඩ් යුද්ධය සඳහා ජුන්ඩ් අල්-අක්සා කණ්ඩායම ජබාත් ෆාටේහ් අල්-ෂාම්(කලින් අල්-නුස්රා පෙරමුණ) ත්රස්තවාදීන් සමග එකතුවීමට ගිවිසගත් බව ඔක්තෝම්බර් මස මුල් සතියේදී වාර්තා විය.පසුව ඔවුන් හරකට් අහ් රාර් අල්-ෂාම් නම් කණ්ඩායමට එරෙහිව සටන් වැදී තිබේ.නමුත් තමන්ගේ ප්‍රධාන ජිහාඩ් මිත්‍රයා වන ජබාත් ෆාටෙහ් අල්-ෂාම් කණ්ඩායමට එරෙහිව සටන් කරන බවට හරකට් අහ් රාර් අල්-ෂාම් කණ්ඩායම සපථ කලේ නැත.මෙම තත්ත්වයෙන් කියවෙන්නේ ජිහාඩ් සටන්කාමී කණ්ඩායම් එක් පෙරමුණකට එකතු වෙමින් සිටින බවයි.
ඇලැපෝ වෙනුවෙන් සටන- 2016.10.11
ඇලැපෝහි නැගෙනහිර ප්‍රදේශයේදී සිරියානු හමුදාව,හිස්බුල්ලා සටන්කරුවන් සහ අනෙකුත් රජයට සහාය පලකරන කණ්ඩායම් විරුද්ධ පක්ෂයේ කැරලිකරුවන් හා ගැටුණි.තම අවි අතහැර නැගෙනහිර ඇලැපෝ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න යැයි ඔක්තෝම්බර් මස 10 වෙනදා සිරියානු හමුදාව විසින් නිවේදනය කරන ලදි.ඇලැපෝ නගරය සහ උතුරුදිග හමා යන ප්‍රදේශ සම්බන්ධව සිරියානු හමුදාවට තිබෙන අවධානය වෙනතකට යොමුකිරීම සඳහා කැරලිකාර කණ්ඩායම් විසින් උතුරුදිග ලටාකියාහි අෂොවුරා සටන නමින් නවතම මෙහෙයුමක් ඇරඹුවේ 2016.10.10 දාය.
උතුරුදිග හමා හි දරුණු සටන්-2016.10.11
ඔක්තෝම්බර් මස 11දා සිරියානු හමුදාවේ ටයිගර් නම් බලකාය උතුරුදිග හමා පළාතේ කොබාබ් නම් නගරයට ඇතුලුවිය.එය පාලනය කලේ ජුන්ඩ් අල්-අක්සා නම් ත්රස්තවාදීන් කණ්ඩායමයි.ඔක්තෝම්බර් මස 10 වනදා සිරියානු හමුදාව සහ ජාතික ආරක්ෂක බලකාය ඊට පෙර මුදාගත් උතුරු කබාබ් හි මාන් නම් නගරයෙන් පසුබැස තිබේ.රජයේ මූලාශ්‍ර ඔස්සේ කියවෙන්නේ එය උපායමාර්ගික වශයෙන් සිදුකල පසුබැසීමක් බවයි.
විකිලීක්ස් හෙළිදරව්ව-2016.10.11
2014 වර්ෂයේදී හිලරි ක්ලින්ටන් විසින් යවන ලද විද්‍යුත් ලිපි උපුටා දක්වමින් විකිලීක්ස් අනාවරණය කරන්නේ සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය විසින් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සහ අනෙකුත් සුන්නි අන්තවාදී කණ්ඩායම් පවත්වාගෙන යන බවත් ඒවාට අවශ්‍ය මූල්‍ය සහ සන්නද්ධ බලය ලබාදෙන බවයි.සාම්ප්‍රදායික පාබල මෙහෙයුම්වල යෙදනවාට වඩා කුර්දි හමුදාවලට ඇමෙරිකානු යුද උපදේශකයින් සහ දැනුම ලබාදීම කලයුතු බව ඇය එම පණිවුඩවල දක්වා තිබේ.සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය වෙත බලපෑමක් කිරීමට රාජ්‍යතාන්ත්‍රික බලය සහ සාම්ප්‍රදායික බුද්ධි තොරතුරු යොදාගත යුතුබව ඇය ලියා තිබේ.
රුසියාවෙන් සිරියානු හමුදාවට පැන්ට්සර්-එස් ගුවන් ආරක්ෂණ පද්ධති-2016.10.11
Pantsir -s1 ගුවන් ආරක්ෂණ පද්ධති සැපයීම සම්බන්ධව රුසියා-සිරියා ගනුදෙනුව සිදුවූයේ වසර කිහිපයකට පෙරය.නමුත් මූල්‍යමය හේතු නිසා ඒවා සැපයීම පමාවී තිබේ.නමුත් එම පද්ධති අමතර ගාස්තුවකින් තොරව කඩිනමින් සිරියාවට ලබාදීමට මොස්කව් පාලනය තීරණය කර තිබේ.එලෙස සිරියාවට යවන Pantsir -s1 ගුවන් ආරක්ෂණ පද්ධති ගණන තවමත් අනාවරණය වී නොමැත.බොහෝවිට ඒ ගණන 10කට අඩු විය හැකිය.
අෂොවුරා මෙහෙයුම ව්‍යර්ථ කෙරේ-2016.10.11
උතුරු ලටාකියා ප්‍රදේශයේ කුර්දි කඳුකර ප්‍රදේශ අල්ලා ගැනීමට ත්‍රස්තවාදී කණ්ඩායම් ඒකාබද්ධව දියත් කල අෂොවුරා නම් මෙහෙයුම ඔස්සේ අත්පත් කරගත් ප්‍රදේශවල බලය යලි ලබාගැනීමට සිරියාවේ ජාතික ආරක්ෂක හමුදාව සහ සිරියානු මැරීන් සෙබලුන් සමත්වූයේ රුසියානු ගුවන් ප්‍රහාරවල සහායද ඇතිවයි.සිරියානු හමුදාව යළි අත්පත් කරගත් ප්‍රදේශ නිල් පැහැයෙන් දක්වා තිබේ.
රුසියාව සිරියාවේදී නවතම අවි අත්හදා බලයි-2016.10.11
2015-2016 සමයේදී රුසියාව KAB-500 උච්ච ස්ඵෝථන බෝම්බ,චන්ද්‍රිකා මාර්ගෝපදේශනය සහිත පද්ධති සමග සැබෑ යුද බිමකදී භාවිතා කලේ ප්‍රථම වරටයි.සිරියාවේදී KAB-500 බෝම්බ ගෙනයෑම සිදුකරන්නේ බොහෝවිට සුකොයි-34 යානා මගිනි.නමුත් සුකොයි-24එම්,සුකොයි-30එස් එම් සහ සුකොයි-35 යානාවලටද මෙවැනි බෝම්බ රැගෙන යා හැකිය.ඒවා ඉහල උසක සිට මෙන්ම මීටර් 550ක උසක සිට පවා හෙළීමට පුලුවනි.රුසියානු පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානාවල භාවිතා කිරීමට නිපදවූයේ යැයි සැලකෙන නවතම KAB-250C ගුවන් බෝම්බ පවා සිරියානු ගුවන් මෙහෙයුම් සඳහා රුසියාව භාවිතා කල බව වාර්තා වේ.ඡායාරූපය: kab-500 බෝම්බයක්
ටී-72 යුද ටැංකියක් එහි කාර්ය මණ්ඩලය බේරාගත් හැටි-2016.10.11
සිරියාවේ ඩැමැස්කස් නගරය ආසන්නයේ සටන් කරන සිරියානු හමුදාව සතු ටී-72 යුද ටැංකියක් රුසියාවේ නිෂ්පාදිත මල්යුට්කා නම් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාර හමුවේ සම්පුර්ණයෙන්ම විනාශ විය.පළමු ප්‍රහාරයෙන් පසුව එහි සිටි සෙබලුන් ඉවතට පැනගත් අතර දෙවන ප්‍රහාරයෙන් යුද ටැංකිය සම්පුර්ණයෙන්ම විනාශ විය.මෙම ඉරණම අත්වීමට හේතුව ලෙස සඳහන් වන්නේ යුද ටැංකිය අනාරක්ෂිත ස්ථානයක නවතා තිබීමයි.
සිරියාවේ Krasukha-4 :Hmeymim ගුවන් කඳවුරේ වසරක ඉලෙක්ට්‍රොනික පළිහ- 2016.10.12
වසරකට පෙර රුසියානු හමුදා සිරියාවේ Hmeymim ගුවන් කඳවුරේ ආරක්ෂාවට නම් ගොඩබිම් මූලික Krasukha-4 ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි පද්ධතිය දියත් කල බවට මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.මධ්‍යධරණී මුහුදට ඉහළින් පියාසර කරන ඔත්තුබැලීමේ යානා ඇතුලු එක්සත් ජනපද ගුවන් යානාවලින් කඳවුර ආරක්ෂා කිරීම මෙම පද්ධතියට පැවරී තිබෙන කාර්යයි.අවශ්‍ය නම් ඒවාට ඔත්තුබැලීමේ චන්ද්‍රිකා වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සහ ෆයිටර් ජෙට් යානාවල දර්ශන පද්ධතිය අක්‍රමවත් කිරීමේ හැකියාවද තිබෙන බව කියවේ.
ලැටාකියා හි ගුවනේ ආධිපත්‍යය රුසියානු ඩ්‍රෝන් යානාවලට -2016.10.12