සිරියාවේ මොකද වෙන්නේ-7

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-7

    NqLZm7e.jpg

    සිරියානු අරාබි හමුදාවට නවතම සන්නද්ධ ප්‍රහාරක රථ ලැබුණු බවට මෙම වසරේ මුල් කාලයේ පැතිර ගිය කටකතා සත්‍ය බවට ඔප්පු කරන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබුණේ පෙබරවාරි මාසයේදීය.එම කාල සමයේ ටී4 ගුවන් හමුදා කඳවුර සහ ටඩ්මුර් යන ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග දරුණු සටනක නිරතව සිටි සිරියානු අරාබි හමුදාවේ 5 වන සේනාංකයට මෙම රථ ලබා දී තිබේ.එලෙස රුසියාවෙන් ලැබුණු ප්‍රහාරක රථ සංග්‍රාම භූමියට සක්‍රීයව දායකත්වය ලබාදෙන අවස්ථාවල ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පටද අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

    2015 වර්ෂයේ අග භාගයේදී රුසියාව ටී-72 සහ ටී-90 යන යුද ටැංකි සුළු ප්‍රමාණයක් සිරියාවට යවන ලදි.ටී-90 යුද ටැංකි භාවිතා කරන්නේ සිරියානු හමුදාව සතු විශිෂ්ඨතම බලකායක් වන ටයිගර් නම් බලකායයි.සටනක් ලෙහෙසියෙන් අත්නොහරින හෝ පරාජය නොවන පිරිසක් ලෙස ඔවුන් කීර්තියක් උපයාගෙන සිටියි.නමුත් සිරියානු හමුදාවේ 5 වන සේනාංකයේ ශක්තිය බවට පත්ව තිබෙන්නේ සංග්‍රාමික වශයෙන් ප්‍රත්‍යක්ෂ වූ සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථ වන ටී-62එම් සහ බීඑම්පී-1 ය.මේවා සිරියාවේ වෙනත් පෙරමුණු වලට අනියුක්ත කර තිබෙන ටී-72 සහ බීඑම්පී-2 රථවලට වඩා තාක්ෂණික අතින් පහළ තැනක තිබුණද ඉතා නරක අන්දමින් පහළ වැටී තිබෙන සිරියානු අරාබි හමුදාවේ යුද රථ සංචිතය ශක්තිමත් කිරීමට මෙම ටී-62 එම් සහ බීඑම්පී-1 රථ දායක වේ.

    BmgDKjN.png
    T-62M යුද ටැංකියක් සිරියානු සංග්‍රාම භූමියේ​

    ටී-90 යුද ටැංකිවල අඩංගු සක්‍රීය ආරක්ෂක පද්ධතියක් වන ' Shtora' වැන්නක් නොමැති වුවද ටී-62 එම් යුද ටැංකිය සිරියාව සතු ටී-55 සහ මුල් කාලීන ටී-62 යුද ටැංකිවලට වඩා දියුණු එකකි.බීඑම්පී-1 සහ බීඑම්පී-1පී රථ පැමිණෙන්නේ සුළු පරිමාණයේ ප්‍රහාරක සහ ආරක්ෂක හැකියාවන් සහිතවයි.5 වන සේනාංකය මෙම රථවලට ප්‍රිය කරන්නේ නඩත්තුව සහ පාවිච්චිය පහසු නිසා සහ දැනට එම වර්ගයේ රථ පාවිච්චි කරන අත්දැකීම් බහුල සෙබලුන් ඔවුන් සතු නිසාය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ සිරියානු අරාබි හමුදාවේ කාර්යභාර්යය විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන්නට යෙදුණු අතර එම තත්ත්වය අනාගතයේදී සිරියානු රජයටම ප්‍රශ්නයක් වීමට ඇති හැකියාව නිසා ඊට පිළියමක් වශයෙන් 5 වන සේනාංකය පිහිටුවන ලදි.හමුදාවෙන් පිටත සන්නද්ධ කණ්ඩායම් රජයේ පාලනයෙන් තොර වීමේ අවධානමක් පවතින නිසා මෙම තීරණය ගෙන තිබේ.

    මෙම සටන්කාමී කණ්ඩායම් සමූහය සිරියානු හමුදාවේ අණදෙන්නන්ගේ ප්‍රධානියා යටතේ ස්වාධීන ඒකක ලෙස තිබෙනවා වෙනුවට ඒවා හමුදාවේ සෘජු පාලනයට ගැනීමට සහ සිරියානු හමුදාව යළි පිහිටුවීමට සිරියානු රජයට බලපෑම් කරන ප්‍රධාන රට වන්නේ රුසියාවයි.නමුත් ඉරානයේ අරමුණ වන්නේ මෙවැනි සටන්කාමී කණ්ඩායම් පිහිටු වීම ඔස්සේ සිරියාව තමන්ට බලපෑම් කල හැකි තැනක තබා ගැනීමයි.සිරියාවේ ක්‍රියාත්මක බොහොමයක් සිරියානු රජයට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් විදේශීය ඒවාය.එක්සත් හමුදාවක් නිර්මාණය කිරීමෙන් පවතින රජයේ පැවැත්මට ස්ථාවර තත්ත්වයක් ඇති කිරීම රුසියාවේ අවශ්‍යතාවය වේ.

    wBolHbQ.png
    BMP-1 රථ පෙළක්​

    2011 වර්ෂයට පෙර පැවති එක්සත් සිරියාව යළි පිහිටුවීම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය පැරදවීම තරම් පහසු කරුණක් නොවේ.මන්ද ISIS විරෝධී අනෙක් පෙරමුණු වන නිදහස් සිරියානු හමුදාව ප්‍රමුඛ රාජ්‍ය විරෝධී කැරලිකාර කණ්ඩායම් සහ කුර්දි හමුදා සමග ඇමෙරිකානු හමුදා සිටීමයි.ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් අතුගා දැමීමෙන් පසුව සිරියානු හමුදාවට ගැටෙන්නට සිදුවන්නේ මොවුන් සමගයි.කුර්දි හමුදා සිටින්නේ ඔවුන්ටම වෙන්වූ රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ සිහිනයකය.කුර්දිස්ථානය නම් මේ සිහින රාජ්‍යයට සිරියාව,ඉරාකය තුර්කිය යන රටවල භූමි ප්‍රදේශ අයත් වේ.සමහරු මෙය "මැදපෙරදිග දෙවන ඊශ්‍රායලය" නමින්ද හඳුන්වයි.

    ffq6DFN.png

    දෙවන වරටත් ටැඩ්මූර්(දැන් පැල්මයිරා) නගරය අහිමිවීම,අසාර්ථක ටැබ්කා ආක්‍රමණය ආදී පසුගිය වසරවල සිරියානු රජය හමුදාවට විදින්නට සිදුවූ වේදානාත්මක පරාජයන් වලට එක් හේතුවක් වූයේද ඒකාබද්ධ හමුදාවක් නොමැතිවීමයි.2015 වසරේදී රුසියාව සිරියානු යුද්ධයට සෘජුව මැදිහත්වීමෙන් කෙටි කාලයකට පසුව 5වන සේනාංකය පිහිටුවන ලදි.එහිදී සටන්කාමී කණ්ඩායම් කිහිපයක්,ජාතික ආරක්ෂක බලකායේ පාර්ශ්චවයන් 4 වන සේනාංකයට ඒකාබද්ධ කරන්නට තීරණය කෙරිණි.ජාතික ආරක්ෂක බලකාය,සිරියානු අරාබි හමුදාව වෙනුවට රජයේ ප්‍රමුඛ හමුදාව ලෙස යෙදවීමත් සමග ඔවුන්ගේ කාර්යයභාර්යය ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පටන් ආක්‍රමණ දියත් කිරීම සහ නගර,ගෑස් මූලාශ්‍රයන් සහ සිරියාවේ තිබෙන අනෙකුත් උපාය මාර්ගික වැදගත් මර්මස්ථාන ආරක්ෂා කිරීම දක්වා ප්‍රසාරණය කෙරිණි.නමුත් මෙම මුල පිරීමෙන් එම කාර්යයන් සිරියානු අරාබි හමුදාවට බාර කෙරුණු අතර ජාතික ආරක්ෂක බලකාය දේශීය ආරක්ෂාව උදෙසා පමණක් යෙදවිණි.කෙසේවෙතත් මේ පියවර විශාල වශයෙන් අසාර්ථක එකක් බව පසුව පෙනෙන්නට තිබිණි.සිරියානු හමුදාවේ අනෙකුත් ඒකක මෙන් නොව 5 වන සේනාංකය පිරිස් බලය වර්ධනය කරගැනීමට වැඩි වැටුප් සහ දීමනා ලබාදීම ආදී ආකර්ෂණීය දෑ සිදුකරයි.

    n7DNFEA.png
    යුද ටැංකියේ කදේ තවමත් මකා නොදැමූ අංකයක් තිබේ​

    වසර හයක් සපුරා ඇති සිරියානු යුද්ධය හමුවේ සිරියානු හමුදාවේ යුද ටැංකි බල ඇණිය දැඩි පසුබෑමකට ලක්වූයේ ආර්පීජී සහ යුද ටැංකි නාශක මිසයිල භාවිතය බහුල වීමත් සමගයි.ප්‍රහාර හමුවේ ඔවුන්ට යුද ටැංකි මෙන්ම අනෙකුත් සන්නාහ සන්නද්ධ රථ රැසක් අහිමිවිය.ඊට ප්‍රධානතම හේතුවක් වූයේ සිරියානු හමුදාවේ දුර්වල උපාය මාර්ගයි.කෙසේවෙතත් දැනට ඉතිරිව තිබෙන සන්නාහ සන්නද්ධ රථ සංඛ්‍යාව වර්තමාන මෙහෙයුම්වලට ප්‍රමාණවත්ය.

    h2UQ51k.png
    සිරියාවට යැවීමේ සූදානමින් වරාය කරා ප්‍රවාහනය කරමින් තිබූ T-62M යුද ටැංකි රුසියාවේදී කැමරා ඇසට හසුවූ අයුරු​

    5වන සේනාංකය පිහිටුවීමේ ක්‍රියාවලියේ රුසියාවේ කාර්යභාර්යයේ එකඟත්වය අනුව නවතම සේනාංකයට අවශ්‍ය යුදෝපකරණ සැපයීමද රුසියාව භාරගෙන තිබේ.ඒ නිසාම සමහරුන් සිතුවේ එම සේනාංකය රුසියාව සතු නූතන අවි පද්ධතිවලින් සන්නද්ධ කරනු ඇතැයි බවයි.නමුත් රුසියාව සිය රටේ හෝ භාවිතා නොකරන යල්පැන ගිය අවි 5 වන සේනාංකයට යවා තිබේ.කෙසේවෙතත් සතුරු ප්‍රහාර හමුවේ තම යුද ටැංකි පවා අතහැර පළා යන තරම් දුර්වල චිත්ත ධෛර්යයක් ඇති සිරියානු හමුදාවට ගැලපෙන්නේ එවැනි අවි බව රුසියාව සිතීම පුදුමයට කරුණක් නොවේ.

    AvIleL2.jpg
    T-62M යුද ටැංකියක්​

    සුළු අවි වලට අමතරව යූරල්,ගාස්,කැමස් සහ ඌස් ට්‍රක් රථ සහ ජීප් රථ 5වන සේනාංකයට සපයන්නට රුසියාව ක්‍රියා කර තිබේ.රුසියාව සපයා දී තිබෙන විශාල ප්‍රමාණයේ අවි වන්නේ ටී-62එම් යුද ටැංකි,බීඑම්පී-1පී සහ බීඑම්පී-1 රථ සහ මි.මී.122 එම්-1938 කාලතුවක්කු යනාදියයි.නමුත් මේවාට වඩා නූතන අවි මොඩල සිරියාව තුල භාවිතා කරයි.ටී-62එම් යුද ටැංකි සිරියාවට යැවීමට නැව්ගත කිරීමට දුම්රිය ඔස්සේ ප්‍රවාහනය කරන අයුරු සාක්ෂි සහිතව පෙන්වාදී තිබිණි.සිරියන් එක්ස්ප්‍රෙස් නෞකා ප්‍රවාහන ජාලය ඔස්සේ බොහොමයක් යුදෝපකරණ සිරියාවේ ටාර්ටෘස් වරායට යැවිණි.දැනට මධ්‍යම සිරියාවේ මෙහෙයුම්වල යොදවා තිබෙන ටී-62එම් යුද ටැංකි සහ බීඑම්පි-1 රථ ඒවා යුද බිමට යැවීමට පෙර ටාර්ටෘස් වරායේ තිබෙන අයුරුද දැකගන්නට ලැබිණි.

    u3tjWPU.png

    කොකේසස් කලාපයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුම්වලින් දශක කිහිපයකට පසුව ටී-62එම් යුද ටැංකි රුසියානු හමුදාවෙන් විශ්‍රාම ගන්වන ලදි.ටී-62 එම් යුද ටැංකි බහුලව යොදාගත්තේ සෝවියට් දේශයේ ඇෆ්ගන් ආක්‍රමණයේදීය.ඒ කඳුකර ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු උදෙසාය.නමුත් තවමත් මෙම යුද ටැංකිය ජාතීන් කිහිපයක් විසින් භාවිතා කරයි.උදා: කියුබාව

    FGcmgf0.jpg

    දුම්රිය ඔස්සේ ප්‍රවාහනයට පෙර යුද ටැංකිවල සිදුකරන අංකනය ඒවා සිරියාවට ගෙන ආපසුත් මකා නොදැමීම මත හඳුනා ගැනීම පහසුවී තිබේ.මෙය හිතාමතා කරන ලද්දක් හෝ අත්වැරැද්ද වන්නට පුලුවනි.කෙසේ වෙතත් යුක්‍රේන සිවිල් යුද්ධයට රුසියාවේ උදව් ලැබෙන බවට එක් සාක්ෂියක් ලෙස මීට සමාන අංක සහිත යුද ටැංකි නැගෙනහිර යුක්‍රේනයේ කැරලිකරුවන්ට භාවිතා කිරීම පෙන්වා දිය හැකිය.

    bA3Dysw.jpg

    යල්පැන ගිය නමුත් මෙතරම් යුදෝපකරණ ප්‍රමාණයක් සැපයීම හරහා ප්‍රහාරක රථවල හිඟයකට මුහුණ පා සිටින සිරියානු හමුදාව අස්වැසිල්ලක් ලබනු ඇත.සිරියාව බංකොලොත්වීම සහ රුසියාව මත පටවා තිබෙන සම්බාධක හමුවේ ඔවුන්ගේ ආර්ථිකය පසුබැසීමකට ලක්වීම යන කරුණු පවා නොසලකා හරිමින් සිය මිත්‍රයාට අවශ්‍ය යුදෝපකරණ මහා පරිමාණයෙන් සපයන්නට රුසියාවට තවමත් හැකියාව තිබෙන බව මේ හරහා පෙන්වා දෙයි.


    Source:spioenkop.blogspot.com

    -HarshaLulzSec-