සිරියාවේ මොකද වෙන්නේ-8
සිරියානු යුද්ධය දැන් ගෙවා දමමින් සිටින්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයකි.ඇමෙරිකාව,රුසියාව,ඉරානය සහ තුර්කිය, සිරියාව තුල සෘජුව මැදිහත්ව සිටින බලවතුන්ය.ඊශ්‍රායල-ඇමෙරිකා එකමුතුවේ සැලැස්ම වී තිබුණේ ප්‍රොක්සි හමුදා යොදාගෙන සිරියාවේ පාලන බලය ජනපති බෂාර් අල් අෂාඩ්ගෙන් උදුරා ගැනීමයි.වසර 6ක් ගතව තිබුණත් ඔවුන්ට එම අභිප්‍රාය ඉෂ්ඨ කරගැනීමට හැකියාව ලැබී නැති බව පෙනෙන්නට තිබේ.සිරියානු යුද්ධය රුසියාව සහ ඉරානයේ සහාය ඇතිව බෂාර් අල් අෂාඩ් ජයග්‍රහණය කරන අයුරු නිහඬව බලා සිටින්නට ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව සූදානම් නැති බව දැන් දැන් ඔවුන් කරන ක්‍රියාවලින් සනාථ වේ.
රුසියාව 2015 වර්ෂයේදී සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමග බටහිර ගැති,අෂාඩ් විරෝධී කැරලිකරුවන්ගේ පරාජය ඇරඹිණි.අෂාඩ් විරෝධී බලවේගවල මිතුරෙක් වූ ISIS සංවිධානය සතුව තිබූ සිරියානු භූමියෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් මේ මොහොත වන විට ඔවුන්ට අහිමිව ගොස් තිබේ.ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ නිදහස් සිරියානු හමුදාව එනම් ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාව මෙන්ම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ද ක්‍රමයෙන් පසුබැසීම හමුවේ එක්සත් ජනපදය සිරියානු යුද්ධයට සෘජු මැදිහත්වීමක් කිරීමට මාන බලන බව පෙනෙන්නට තිබේ.ත්රස්තවාදීන් එරෙහි යුද්ධය නමින් කිහිපවරක් සිරියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු වලට ප්‍රහාර එල්ල කරන්නට ඇමෙරිකානු ගුවන් හමුදාව ක්‍රියා කලේ කිසිදු ලැජ්ජාවක් නොමැතිවයි.නමුත් සැබෑ අරමුණ අෂාඩ් පාලනය අවසන් කිරීම නිසා මෙවැනි සිදුවීම් ගැන පුදුම විය යුතු නැත.
අෂාඩ්ගේ හමුදා සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කල රසායනික අවි ප්‍රහාරයට පිළිතුරු ලෙස ට්‍රම්ප් පාලනය අප්‍රේල් මාසයේදී සිරියානු ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි.ඉන්පසු ජූනි මාසයේ දෙවන සතියේදී ඉහළ චල්‍යතා කාලතුවක්කු රොකට් පද්ධති දකුණුදිග සිරියාවේ අෂාඩ් විරෝධී කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයකට යවන්නට ඇමෙරිකාව පියවර ගන්නා ලදි.ජූනි 18 දා සිරියාවේ රක්කා නගරය ආසන්න අහසේදී සිරියානු ගුවන් හමුදාවේ සුකොයි-22 ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළන්නට ඇමෙරිකානු ගුවන් හමුදාව ක්‍රියා කලේ ඔවුන්ගේ සහාය ලබන කුර්දි හමුදාවලට සිරියානු යානය ප්‍රහාර එල්ල කලේය යන චෝදනාව මතයි.මෙම සිද්ධියෙන් පසුව රුසියා-ඇමෙරිකා ගුවන් මෙහෙයුම්වලදී ගුවනේ ඝට්ටනයක් වලක්වා ගැනීම පිණිස පිහිටුවා ගෙන තිබූ සෘජු සන්නිවේදන මාර්ගය බිදහෙලන්නට රුසියාව ක්‍රියා කලේය.මින් පසුව ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ ගුවන් යානා සතුරු යානා ලෙස සලකන බව රුසියාව නිවේදනය කලේය.
සිරියාව අස්ථාවර කිරීමේ සැලසුම අසාර්ථක වීම හමුවේ වඩාත් කෝපයට පත්ව සිටින්නේ ඊශ්‍රායලයයි.ජූනි මාසයේදී පමණක් ඊශ්‍රායල හමුදා තුන්වරක් සිරියානු රජයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.සිරියානු-ඊශ්‍රායල දේශසීමාවේ බලය පවතින්නේ අෂාඩ් විරෝධී කැරලිකරුවන් අතේය.දේශසීමාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් හා සටන් වදින සිරියානු හමුදා ඉලක්ක කරගෙන ඊශ්‍රායලය කිහිපවරක්ම ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.මෙම මාසයේ ඔවුන් එල්ල කල ප්‍රහාරවලට හේතු ලෙස සඳහන් කර තිබුණේ ඊශ්‍රායලය විසින් සයදින යුද්ධයේදී අල්ලාගත් ගෝලාන් උස්බිම්වලට සිරියාවෙන් එල්ල වූ කාලතුවක්කු ප්රහාරයි.සිරියානු යුද්ධයට ඊශ්‍රායලය සෘජු මැදිහත්කරුවෙක් නොවුනද ගැටුම්වලදී තුවාල ලබන සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට ප්‍රතිකාර ලබාදීමට තරම් ඊශ්‍රායලය කාරුණික වී තිබේ.
Popular Mobilization Units (PMU) හෙවත් ෂියා මුස්ලිම් කණ්ඩායම්වල එකමුතුව ඉරාකය දෙසින් සිරියා-ඉරාක දේශසීමාවට ලගාවීම මැයි මාස අවසානයේදී සිදුවූ වැදගත් සිදුවීමකි.නමුත් ඉරාකය සම්පූර්ණයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් මුදාගන්නා තුරු හමුදා සිරියාවට ඇතුල්නොවන බව PMU එකමුතුව ප්‍රකාශ කර තිබේ.ජූනි මාසයේ දෙවන සතියේදී ප්‍රථමවරට ඉරාක-සිරියා දේශසීමාවට ළඟාවන්නට සිරියානු හමුදාව සමත්විය.මේ සිදුවීම් දෙක එක්සත් ජනපදය ප්රමුඛ සන්ධානය කණස්සල්ලට පත් කරන්නට සමත්විය.ඇමෙරිකාව දකුණුදිග සිරියාවේ අෂාඩ් විරෝධී කැරලිකරුවන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි.
වසර ගණනාවක සැලසුම් අසාර්ථක වීම හමුවේ එක්සත් ජනපදය බෂාර් අල් අෂාඩ්ට එරෙහිව ලිබියාව,ඉරාකය යන රටවල එරෙහිව ගත් පියවරට සමාන ක්‍රියාමාර්ගයකට යෑමට මාර්ගයක් පාදා ගැනීමේ පිළිකුල් සහගත උත්සාහයක නිරතවන අයුරු ආසන්නතම සිදුවීම්වලින් පැහැදිලිවේ.පසුගිය සඳුදා ධවල මන්දිරය අපූරු නිවේදනයක් නිකුත් කලේය.එහි සඳහන් වුනේ බෂාර් අල් අෂාඩ්ගේ රජය තවත් රසායනික අවි ප්‍රහාරයකට සූදානම්වන බවට සාක්ෂි එක්සත් ජනපද ඔත්තු සේවාවලට ලැබී තිබෙන බවයි.
"මීට පෙර සඳහන් කලාක් මෙන් එක්සත් ජනපදය සිරියාවේ සිටින්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය මුලිනුපුටා දැමීමටය.නමුත් අෂාඩ් රසායනික අවි යොදාගෙන තවත් සමූල ඝාතනයක් සිදුකල හොත් ඔහුට සහ ඔහුගේ හමුදාවට විශාල වන්දියක් ගෙවන්නට සිදුවේවි".මේ ධවල මන්දිරයේ නිවේදනයේ කොටසකි.එක්සත් ජනපදය පරාජය දැක දැක කොතරම් වියරු වැටී සිටින්නේදැයි ඔප්පු කිරීමට එක් සාක්ෂියකි.
යූ එස් එස් ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි පරිවාරක නෞකා මධ්‍යධරණී මුහුදේද ඇමෙරිකානු ගුවන් හමුදා ඒකක කටාර්,ජෝර්දානය සහ තුර්කියේද රදවා සිටියි.ඔවුන්ගේ පාබල හමුදා ඒකක සිරියාවේ කුර්දි හමුදා සමග මෙන්ම අෂාඩ් විරෝධී කැරලිකරුවන් සමගද එක්ව සිටියි.සිරියාව තුල රුසියානු මිසයිල පද්ධති සහ ගුවන් හමුදා සිටියදී පවා අෂාඩ්ගේ හමුදාවට පහරදීමට ඇමෙරිකාව පසුබට නොවන බව සහතිකය.මන්ද මෙම කලාපය තුල රුසියාවට වඩා වැඩි යුද ශක්තියක් ඇමෙරිකාව සතු නිසාය.
මේ තිබෙන්නේ යූ එස් එස් ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.ගුවන්-ගුවන්,ගුවන්-ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට,ඔත්තු බැලීම්,පූර්ව අනතුරු ඇඟවීම්,කාර්යසංවිධාන සහ සබ්මැරීන දඬයම් කිරීම් වැනි කටයුතුවලට සුදුසු ගුවන් යානා මෙම නෞකාව සතුය.
පසුගිය දා සිරියානු ගුවන් හමුදාවට අයත් සුකොයි-22 යානයක් වෙඩි තබා බිම හෙළුවේ මෙවැනි එෆ්/ඒ-18ඊ ප්‍රහාරක යානයක් යොදාගෙනය.මෙම ප්‍රහාරක යානය බහුලවම යොදාගන්නේ ගුවන්-ගොඩබිම් ප්‍රහාර වෙනුවෙන් වුවද අවශ්‍ය අවස්ථාවකදී සතුරු ප්‍රහාරක යානා සමග ගුවනේදී සටන් වැදීමටද හැකියාව තිබේ.මෙහි දැක්වෙන එෆ්/ඒ-18එෆ් සුපර් හෝර්නට් යානයක ජීබීයූ-32 නම් රාත්තල් 1000ක් බර බෝම්බ 10ක් රඳවා තිබෙන අයුරු.
ISIS සංවිධානයට එරෙහිව ඇමෙරිකානු සංග්‍රාමයේ ආරම්භයේ පටන් මේ දක්වා එෆ්/ඒ-18ඊ යානා යොදාගෙන ඉලක්ක 4000කට වැඩි ගණනකට ප්‍රහාර එල්ල කර තිබේ.මෙම නෞකාවේ සිට සෑම මිනිත්තු දෙකකට වරක්ම මෙම වර්ගයේ ගුවන් යානා දියත් කල හැකිය.එෆ්/ඒ-18ඊ සුපර් හෝර්නට් යානයක් යූඑස් එස් ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් නෞකාවෙන් දියත් කරන අයුරු.
ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට සැපයුම් සිදු කරන්නේ එරට නාවික හමුදා යාත්රාවලිනි.එම් එච්-60 සී හැවොක් හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සැපයුම් ද්‍රව්‍ය ලබාගන්නා ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මෙහි දැක්වේ.
ගුවන් යානා ප්‍රවාහන නෞකා මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා කරන්නේ යූ එස් එස් හියු සිටි(cruiser) වැනි යුද නෞකා මගිනි.
මෙම යුද නෞකා කෲස් මිසයිල දුසිම් කිහිපයක් රැගෙන යයි.අප්‍රේල් මස 7 දා සිරියානු ගුවන් හමුදා කඳවුරට පහර දුන්නේ මෙවැනි නෞකාවලින් දියත් කල කෲස් මිසයිල වලින්ය
මෙහි දැක්වෙන්නේ යූ එස් එස් පිලිපීන් සී(cruiser) සහ යූ එස් එස් බල්ක්ලෙයි(destroyer) යන යුද නෞකා
යූ එස් එස් ලැබූන් නෞකාව එක්සත් ජනපද නාවික හමුදාවට අයත් Arleigh Burke පන්තියේ නෞකාවකි(destroyer).
යූ එස් එස් ට්රක්ස්ටන් නෞකාවේ මැෂින් තුවක්කු ක්‍රියාකරුවෙක්.කෲස් මිසයිල වලින් සන්නද්ධ මෙම නෞකාවද ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ආරක්ෂාවට යොදවා තිබේ.
තුර්කියේ ඉන්සර්ලික් ගුවන් හමුදා කඳවුරේ ඇමෙරිකාවට අයත් එෆ්-16 යානා සහ ඒ-10 යානා ස්ථානගත කර තිබේ
මහා පරිමාණ බෝම්බ හෙළීම් සඳහා යොදා ගත හැකි සහ න්‍යෂ්ඨික බෝම්බද රැගෙන යා හැකි බී-52 යානා කටාරයේ අල්-උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර සතුය.
ඊට අමතරව එක්සත් ජනපදයේ පාබල හමුදා ඒකකද කලාපය තුල ස්ථානගත කර තිබේ.ඔවුන් සතුව ඉහල චල්‍යතා කාලතුවක්කු රොකට් පද්ධති මෙන්ම කාලතුවක්කුද තිබේ.
ජෝර්දානය තුල ඇමෙරිකානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා බල ඝනයක් තිබේ.එෆ්-16 ප්‍රහාරක යානයක් කාන්තාරයට ඉහළින් පියාසර කරන අයුරු.
එෆ්-22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානාවලට අධි ආරක්ෂිත ගුවන් කලාප පවා විනිවිද ගොස් ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම අවශ්‍ය නම් සිරියානු හෝ රුසියානු ප්‍රහාරක යානා සමග ගුවන් සටන් සිදුකිරීමටද පුළුවනි.
ISIS විරෝධී සටනේදී මෙන්ම අෂාඩ් බලයෙන් පහකිරීමේ සංග්‍රාමයේදී එක්සත් ජනපදය පමණක් නොව තවත් රටවල් කිහිපයක් සිය යුද ශක්තිය සපයා දී තිබේ.කෙසේවෙතත් ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය මැදපෙරදිග අස්ථාවර කිරීමේ ප්‍රතිඵල කලින් කලට යුරෝපා රටවලින් මතුවේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

කලාපය තුල ඇමෙරිකානු යුද ශක්තිය කෙසේද