මෛත්‍රිපාල සිරිසේන මහතාට කෙසෙල් කොලේ බත් කෑම ඔහුගේ සම්ප්‍රදායයි...ඔබාමාට හැඳි ගෑරුප්පුවෙන් කෑම ඔහුගේ සම්ප්‍රදායයි...ප්‍රශ්නය නම් කෙසෙල් කොලේ අතින් කෑමටයි , පිගානක හැඳි ගෑරුප්පුවෙන් කෑමටයි නොහොත් සාම්ප්‍රදායික පුරුදු වලට ඒ ඒ සමාජය විසින් ලබාදෙන වටිනකමයි... සිරිසේන මහතා තමන් සරල යයි හුවා දක්වමින් පෙන්වුයේ කෑම කන සිද්ධියෙන් පමණයි. සමන්තභද්‍ර හිමි පෙන්වා දුන් පරිදි භූගත බංකරය, වැසිකිලිය ගැන කතාවක්වත් එතුමා කලේ නැත. එය හුදෙක් ඇස් බැන්දුමකි.
මිනිස්සු සරල බව අල්පේච්ඡ බව මනින්නේ භෞතිකවයි..කන බොන විදියට අදින පලදින විදියට ආදේශ කරගත් වටිනකමට සාපේක්ෂවයි...ශ්‍රී ලාංකීය ගතානුගතික ජෛන මානසිකත්වයට සාපේක්ෂව කෙසෙල් කොලේ අතින් කාලා සරමයි කමිසෙයි අදින මිනිහා "සරල" ලෙසත්,කලිසම් කෝට් ඇදලා හැන්දෙන් ගෑරුප්පුවෙන් කන මිනිහා "ශෝභන කාරයකු "ලෙසත් දකින්න පුරුදු කරලා....ඇත්තටම සරල බව තියෙන්නේ භෞතිකව නම් කෝ සීමාවක් ?එතකොට රටින් රටට නගරෙන් නගරෙට සරල බව එක එක විදියට අර්ථදක්වන්න වෙනවා....සාපේක්ෂයි...එතකොට ඒක හරිම එක වෙන්න බෑනේ...
අද දේශපාලකයන් කරන්නේ මිනිස්සුන්ගේ ජෛන චින්තනය හඳුනාගෙන බොරු භෞතික සරල කමක් පෙන්වා මිනිසුන් ඇන්දවීමය.
සිරිසේන මහතා කෙසෙල් කොලේ බත් කෑම වරදක් නොවේ. එය ඔහුගේ කැමැත්තයි. ඔහුගේ අයිතියි. නමුත් එය තමන්ගේ සරල කම යයි පෙන්වා මිනිසුන්ට ජෛන චින්තනය එන්නත් කිරීම සහ එයින් වාසි ලබා ගැනීම තව එකකි. සමන්තභද්‍ර හිමියන් විවේචනය කලේ එයයි. රජාරජා විදියට කන්න ඕන යයි කියූ විට රිදෙන්නේ අර නළුවාටයි. බොරු සරල කම් මාධ්‍ය මගින් පෙන්වා එය මගින් ආකර්ෂණයක් දිනා ගැනීමට තැත් කරද්දී සමන්තභද්‍ර හිමි "රජා රජා විදියට කන්න ඕන"යි කියා ලංකේය චින්තනය වෙනස් කරනවිට තම රඟපෑම ඵල රහිත විය හැකි බව සිතු පුහුල් හොරා ඒ ගැන බිය වී එක්වරම සිදු කලේ ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමයි. "මෙය මගේ සරල බවක් නොව, මගේ කැමැත්තයි, පුරුද්දයි" කියා නම්බු පිටින් කෙසෙල් කොලේ කෑවේ නම් මෙතන අවුලක් නැත. අවුල වුයේ මෙය අල්පේච්ච බව යයි මිනිසුන් මුලා කිරීමය.
ඇත්තටම සරල බව තියෙන්නෙ ඒ භෞතික දේවල් වලට අපි මනසින් කොච්චර බැඳිලද කියන දේ මත මිසක් භෞතික වස්තු ප්‍රමාණය මත නොවේ...එහෙම නැති වුනොත් එක ඇඳුමක් තියෙන මිනිහාට වඩා හෙලුවෙන් ඉන්න මිනිහා සරල වෙන්න එපැයී...මිනිහෙක්ට නොබැඳි පරිහරණය කරන ප්‍රමාණය ඔහුගේ සරල බවයි..ඒක ලෝකෙ කොහෙටත් කාටත් සාදාරණයි...
(උපුටා ගැනීමකි.)