සිරිසේන

SinhaSampath

Member
Nov 9, 2018
9
0
0
සිරිසේනගේ කාන්සිය

සිරිසේන, රනිල් සහ මංගල සමග ජනාධිපති මන්දිරයේ සාකච්චාවක යෙදී සිටියහ​. ඒ අතර චන්ද්‍රිකාද ආවාය​. මංගල චන්ද්‍රිකාට ඉංග්‍ර්‍රිසියෙන් යමක් කීවේය​.
ඉන් පසු චන්ද්‍රිකා මංගලට සහ රනිල්ට තමන් ගේ බල්ලා ගැන ඉංග්‍ර්‍රිසියෙන් කියවන්නට වූවාය​. ඒ අතරවාරයේ රනිල් ශේක්ස්පියර් ගේ පාඨයක් උපුටා දක්වමින් බල්ලන් පිලිබඳ කියමනක් කීවේය​.
ඒ පාඨයට මංගල පිලිතුරුන් දුන්නේ විහිළුවක් කරමිනි. ඉංග්‍ර්‍රිසියෙන් කල විහිළුව සිරිසේනට තේරුනේ නැත​. එය විහිළුවක් බව ඔහු වටහා ගත්තේ චන්ද්‍රිකා සහ රනිල් උස් හඞින් සිනාසීම නිසාය​.

සිරිසේනට කාන්සියක් දැනුනේය​. මොවුන් සහ තමා අතර ඉතා දුරස්ථ බවක් ඇති බව ඔහුට හැගුනේය​.එක අතකට මහින්ද සමග වැඩ කිරීම පහසුය​.
කෝප වූ විට මහින්ද නොයෙක් වර තමාට අම්මා මතක් කොට කුනුහරපයෙන් බැණ වැදී තිබේ. ඒ කාලයේදී ඒ පිලිබඳව සිත් රිදීමක් ඇති වූවද එය තුල යම් මිහිරක් ඇති බව ඔහුට වැටහුනේය​. මහින්ද මොවුන් මෙන් ඉංග්‍රීසියෙන් චුස් බුස් නොගායි. ඔහු ඉංග්‍රීසියෙන් කතා කලද එය සිංහල තාලයට කරන ගොරහැඞි ඉංග්‍රීසියකි. ඒ ඉංග්‍රීසියට සිරිසේන කැමතිය​. මහින්ද සමග වැඩ කරන විට ඔහු අම්මා මෝ නැතිව කුණුහරප කීවද එය තමා හා ඔහු අතර දුරස්ථ පාලමක් ඇති නොකරයි. මොවුන් සමග මෙන් නොව මහින්ද සමග වැඩ කිරීම පහසු බව සිරිසේනට වැටහුනේය​.

-
වෛද්‍ය රුවන් එම් ජයතුංග