සිරි යහනේ - නෑ සහනේ [අවසන් කොටස]
සතියකට විතර පස්සේ ආයෙත් ඔබ හමුවෙන්නේ ‘සිරි යහනේ - නෑ සහනේ‘ ලිපි මාලාවේ අවසන් කොටස එක්ක. මාස හතරක් පුරාවටම මේ ලිපි මාලාවෙන් කතාකරපු යුවලකගේ සිරි යහනට බාධා කරන සතුට, තෘප්තිමත්භාවය අහිමි කරන විවිධ සාධක ගැන අපි කතා කලා. බොහෝ අදහස් උදහස් ලැබුණු මේ ලිපි මාලාවේ පහුගිය කොටස් මෙන්න මෙතනින් කියවන්න පුළුවන්.
අපි ගිය සතියේ කතා කලේ ලිංගික ජීවිතයට අහිතකර බලපෑම් ඇතිකරන ලිංගිකත්වය පිළිබඳ ආත්මාර්ථය ගැනයි. ඉතින් මේ ලිපි මාලාවේ අවසන් කොටස ලියැවෙන අද දවසේ ඔබ වෙනුවෙන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ තවත් එක් වැදගත් දෙයක්, ඒක සිරි යහනට වගේම විවාහ හෝ පෙම් සබඳතාවක පැවැත්මටත් බලපාන දෙයක්. ඒ තමයි ‘ලිංගික ඉතිහාසය‘. ඒ කියන්නේ සරලවම කිව්වොත් බැඳීමක් ඇතුලේ ඉන්න කාන්තාව සහ පිරිමියාගේ අතීත ලිංගික ජීවිතය.
මේ ගැන ඔබට ලියන්න හිතුවෙත් පහුගිය දවසක ලැබුණු ඊමෙල් පණිවිඩයක තිබුණු ගැටළුවක් එක්කයි. මුලින්ම ඒ පණිවිඩය එවපු යුවතිය අපෙන් අහලා තිබුණේ කාලයක් තිස්සේ තමන්ගේ සහකරුවා එක්ක ලිංගික සබඳතා පැවැත්වූවත් ඒකෙන් සතුටක් නොලැබෙන බවත් තමන් කිසිවිටක සුරතාන්තය (Orgasm) ට ලඟාවෙන්න නොහැකිවුණා කියලා. ඇය අහලා තිබුණේ ඒකට හේතුව තමන්ගේ දුර්වලතාවයක්ද කියලා.
තව දුරටත් කරුණු විමසලා බලද්දි ඇයගෙන් විමසුවේ සතුටක් ලැබෙන්නේ නෑ කියන්නේ ලිංගිකව එක්වීමේදී සතුටක් ලැබුනෙම නැද්ද සහ කිසිම විදිහක ලිංගික ක්‍රියාකාරකමකින් සතුටක් ලැබෙන්නේ නැද්ද කියන එකයි. එතනදි තමයි මේ තරුණිය මේ කතාවේ අපි නොදැකපු, ඒත් බලාපොරොත්තුවෙන් හිටපු ඇත්තම කතාව කියන්න ගත්තේ. ඇය තමන්ගේ සහකරුවා සමග ඉතාමත් හොඳින් ලිංගික සබඳතාවය පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඒත් පසුකාලෙක මේ තරුණියට ඇයගේ සහකාරයා තමන්ගේ කලින් ලිංගික සබඳතාවක් ගැන කියලා තියනවා, ඒ ලිංගික සබඳතාව ඔහු පවත්වාගෙන ගිහින් තියෙන්නේ මේ තරුණිය එක්ක ආදර සබඳතාවය පවතින කාලෙදිම තමයි.
ඒත් මේ තරුණයා ඒ සම්බන්ධය දැන් නතර කරලා මේ අදාල තරුණිය එක්ක යහපත් සබඳතාවක් පවත්වාගෙන යනවා. දෙදෙනා අතර විශ්වාසය ගැන හිතලා තමයි සහකරුවා මේ තරුණියට තමන්ගේ කලින් ලිංගික සම්බන්ධය ගැන කියලා තියෙන්නේ. මේ කියපු දවසෙන් පස්සේ මේ තරුණිය ටිකක් ලිංගිකව අක්‍රීය වෙලා තියනවා කියලා ඇය කියපු කරුණු වලින් දැනුනා, ඒ විතරක් නෙවෙයි ඇය යම්කිසි කාලයක් ලිංගිකව එක්වෙන්නේ නැතිව ඉන්නත් ඇති. එහෙම ඇය අකර්මන්‍ය වෙද්දි සහකරුවා ඇයව යථා තත්වයට පත්කරන්න විවිධ දේ කරලා තිබුණා, ඒත් ඒක සාර්ථක නොවුනු තැනකදි ඔහු තමන්ගේ පරණ ලිංගික සම්බන්ධය වඩා හොඳ බව මේ තරුණියට ඒත්තු ගන්වලා තිබුණා. මෙයින් සිද්ධවුනේ මේ තරුණිය තවත් අකර්මණ්‍ය වෙලා තෘප්තියක් නොලැබෙන කලකිරුනු තත්වයකට පත්වීමයි.
අදාල කතාව කියෙව්වම ඔබට තේරෙනවා ඇති කෙනෙක්ගේ ලිංගිකත්වය සම්බන්ධ ඉතිහාසය වර්තමාන සබඳතාවයකට කොතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. සමහර විට ඔබ දැන් පවත්වාගෙන යන ආදර සම්බන්ධතාවය, නැත්නම් විවාහය ඔබේ පළවෙනි සබඳතාවය නොවෙන්න පුළුවන්. ඔබට ඊට කලින් වෙනත් ලිංගික සබඳතා තිබෙන්න පුළුවන්. ඒක භයානක අපරාධයක්වත්, සම්බන්ධයක් කඩලා දාන්න හේතුවක් වත් නෙවෙයි. ඒත් ප්‍රධානම දේ තමන්ගේ ඒ අමිහිරි හෝ මිහිරි අතීතය ගැන දැන් සම්බන්ධයේ සහකරුවාට හෝ සහකාරයාට කියලා තියන එක වඩාත් හොඳයි. එක පැත්තකින් හිත පිරිසිදුයි, අනිත් පැත්තෙන් අනාගතයට එන ප්‍රශ්න අඩුයි.
හැබැයි මෙහෙම ලිංගික ඉතිහාසය ගැන කියන්න ඕන සම්බන්ධයකදි දෙන්නා අතර අවබෝධය ඉතා හොඳින් ඇතිවුනාමයි, ඒ වගේම මේ ගැන කියන්න ඕන විදිහක් තිබෙනවා. ඒක තමන්ගේ සහකරුවා හෝ සහකාරියගේ විදිහ අනුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ තවත් ප්‍රශ්න ගණනාවක ආරම්භයක්. ඒත් මොන ප්රශ්නය වුනත් කියලා අදහස් හුවමාරු කරගෙන එකඟතාවයකට එනවනම් වඩාත් හොඳයි.
ඒ විතරක්ම නෙවෙයි බොහෝ වෙලාවට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය පෙළන්න මේ ලිංගික ඉතිහාසය භාවිතා කරන එකනම් බරපතලම කාරණයක්. අතීත ලිංගික බැඳීම හොඳයි, දැන් එක අප්සට් වගේ අදහසක් සම්බන්ධයක් ඇතුලට ආවොත් ඒක බොහොම භයානකයි. ඒ නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල වලින් සම්බන්ධයක් ගොඩගන්න ලේසි පහසු නෑ. ඒ නිසා තමන්ගේ ලිංගික ඉතිහාසයන් ගැන හොඳින් කතා කරලා පැහැදිලි කරගෙන ඒවායේ දිග පළල තේරුම් අරගෙන එකඟතාවයකට එන්න ආයෙත් ඒක මේ බැඳීම ඇතුලට ගේන්නේ නෑ කියලා.
ඒත් බොහෝ දෙනෙක් කරන්නේ ප්‍රශ්නයක් ඇතිවුනු ගමන් ආයුදයක් විදිහට තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ තමන් දන්න ලිංගික ඉතිහාසය ඇදලා අරගෙන පහර පිට පහර ගහන එක. එතනදි ඔහුගේ හෝ ඇයගේ අවංකකම සහ විශ්වාසය මත තමන් එක්ක බෙදාගත්තු කාරණයක් ආයුධයක් විදිහට භාවිතා කරන එක එච්චර ආචාරශීලී දෙයක් නොවෙන නිසා හොඳම දේ ඒක අලුත් සම්බන්ධය ඇතුලෙදි පැත්තකින් තියලා ජීවත්වෙන එක. එහෙම කියලා අතීතය ගැන හිතේ හිස්තැනක් තියාගෙන අනවබෝධයෙන් යන ගමනත් එච්චර හොඳනම් නෑ.
බොහෝ දෙනෙක්ටම බලපාන මේ ගැටළුව නිසා කැඩිලා බිඳිල ගියපු සම්බන්ධ ගණන, විවාහ ගණන නිමක් නෑ. ඕනම පුද්ගලයෙක් තමන් බැඳීම පවත්වාගෙන යන ජීවියාගේ ලිංගිකත්වය කියන කාරණයේදී ටිකක් නෙවෙයි බොහොම සංවේදීයි. මොකද ලිංගිකත්වය කියන එක පුද්ගලික කාරණාවක් නිසා, ඒක කව්රුන් හෝ බෙදාගත් දෙයක් බදාගෙන තියාගන්න ඇතැම් අය කැමති නැති නිසා. නමුත් කාන්තාවන්ගේ ලිංගික අතීතය පිරිමින් අතින් සෝදා සෝදා මඩේ දාන එකටත්, නාවලා ගෙට ආපු පමණින් පිරිමින්ගේ ලිංගික ඉතිහාසය මැකිලා යනවා කියල හිතන එකත් නවත්තන්නම වෙනවා. ඒක සිරි යහන සුන්දරව පවත්වාගෙන යන්න විශාල රුකුලක් වේවි.
ඉතින් මාස ගණනාවක් තිස්සේ කොටස් 10 කින් ඔබ වෙත ගෙන ආපු ‘සිරි යහනේ - නෑ සහනේ‘ ලිපි මාලාව අදින් අවසන් වෙනවා. මේ ලිපි මාලාවේ සියලුම කොටස් කියවලා අපිට අදහස් දක්වපු හැමදෙනෙක්ටම බොහොම ස්තූතියි කියලා කියන්නම ඕන. කියවපු නැති අයට මේ ලිපියේ මුලින්ම තියන ලින්ක් එකෙන් ඒ සියලු ලිපි කියවන්න පුළුවන්. ඒ වගේම ඔබේ අදහස් [email protected] ලිපිනයට එවන්න. ඔබ මේ ලිපි මාලාවෙන් යම් දෙයක් ඉගනගෙන, යම් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ සිරි යහන වගේම බැඳීම සුන්දර කරගන්න අඩියක් හරි ඉස්සරහට තිබ්බනම් අපේ බලාපොරොත්තුව වගේම අපි උපයපු දේ අන්න ඒක තමයි.
ඉදිරියේදී ‘සිරි යහනේ - නෑ සහනේ ‘ ලිපි මාලාව පොතක් විදිහට ඔබ වෙත ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන සතියේ සිට මෙවැනිම තවත් නව ආරක ලිපි මාලාවකින් ඔය හමුවෙන්නට බලාපොරොත්තු වෙනවා.
උපුටා ගැනීම - www.her.lk