සිරි ලංකන් වැක්සින් කුල 😆

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සිරි ලංකන් වැක්සින් කුල 😆 (ලියපු කෙනාට සම්මානයක් දෙන්න ඕන මං කියන්නේ)

    - පයිසර්
    ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්‍රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්‍රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්‍රකාශ කරයි

    -මොඩෙනා
    පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි

    -ඇස්ට්‍රා සිනිකා
    කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ

    -ස්පුට්නික්
    දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්‍රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත

    -සිනෝ පාන්
    අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි

    -සිංහල කුලය
    සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී

    ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය.

    -- Copied
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    යකෝ මේක මම ලිව්වේ

    කෝ සම්මානේ
    ------ Post added on Oct 12, 2021 at 7:33 PM