සිරි ලංකාවේ වැක්සින් කුල

Tell us about your cast ?

  • Pfizer

    Votes: 11 16.4%
  • Moderna

    Votes: 8 11.9%
  • AZ

    Votes: 5 7.5%
  • Sputnik

    Votes: 1 1.5%
  • Sinopharm

    Votes: 34 50.7%
  • No Cast

    Votes: 8 11.9%

  • Total voters
    67

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පයිසර්

    ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්‍රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්‍රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්‍රකාශ කරයි


    මොඩෙනා

    පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි


    ඇස්ට්‍රා සිනිකා

    කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ

    ස්පුට්නික්

    දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්‍රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත


    සිනෝ පාන්

    අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි


    සිංහල කුලය

    සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී


    ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අන්න මොඩර්නා එකයො ෆයිසර් එකයි හහපු ගැබිනි මවුවරුන්ට හම්බෙන බබාලගෙ ප්‍රතිශක්තිකරන පද්ධතිය ඉහලයිලු. ආයෙ අමුතුවෙන් ඒ හම්බෙන පොඩි උන්ට වැක්සීන් ගහන්න ඕන නැහැල්ලු.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අනේ නිකන් ඉඳින් බන්. මොන වැක්සින් එකක් වත් perfect කියල එකක් නෑ. නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අනේ නිකන් ඉඳින් බන්. මොන වැක්සින් එකක් වත් perfect කියල එකක් නෑ. නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා.
    ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය

    උඹට context එක තේරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    වැදි කුලය - ඉහත කිසිවකට අයත් නොඅවන අතර සමාජයෙන් පරිබාහිරව වාසය කරයි. කිසිම බෙහෙතක් ගැන තැකීමක් නොකරයි.තම ඇගේ හයිය විශ්වාස කරයි

    ශ්‍රීලාxකිකක කුලය- එන්නත්, ඇමරිකන් සහ චීන්නු විසින් තම වර්ගයා බෝ කිරීම පාලනයට යොදාගත් මෙවලමක් ලෙස ආගමික ආයතන විසින් උගන්වා ඇති අතර එන්නත නොගෙන කාඩ් එක හොරෙන් පැන්නීමට කටයුතු කරයි !