සිරීපාදේ:ඝන්ඨාරේ

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සිරීපාදේ:ඝන්ඨාරේ

    සිරීපාදේ ඝන්ඨාරේ...

    ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ නව ඝන්ඨාරයක් සවි කිරීමේදී එහි තිබූ ඉපැරණි අමිල ඝන්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ගලවාගෙන ගිය ගිය බවත්, එය පසුව ඇමරිකාවට විකුණා දැමු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු කළ මේ චෝදනාවට සමාජ මාධ්‍ය මගින් සහ පසුව විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

    මේ සම්බන්ධයෙන් මා මුහුණ දුන් අත්දැකීමක් නිසා සිරීපාදේ ඝන්ඨාරේට සිදු වූ දේ හරියටම දැන ගත හැකි විය.

    පෙර යොදා ගත් කටයුත්තක් සඳහා සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේන මහතා (කැන්ඩි සිටි සෙන්ටර් සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු) හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි.

    අප හමු වූ කටයුත්ත පිලිබඳ කතාබස් කරන අතරේ විජේසේන මහතා ප්‍රකාශ කළේ

    "බලන්න ඩොක්ටර් මුන්ට හෙණ ගහනවනේ, බලන්න දැන් අර සිරීපාදේ ඝන්ඨාරේ ගැන කියන කතාව" යනුවෙනි.

    //ඒ ඇයි ? //

    “ඔය අලුත් ඝන්ඨාරේ මමනේ පූජා කළේ. මම පේ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමක්. මට ඕකට මිලියන 100කට වඩා ගියා”.

    //ඇයි එච්චර වියදමක් ගියේ?//

    “ඝන්ඨාරේ හැදුවේ මොරටුවේ. ඒක ශ්‍රී පාදස්ථානේ උඩ මළුවට අරන් ගියේ ගුවන් හමුදාවෙන්. හෙලිකොප්ටර් යොදා ගෙන කරපු ඒ වැඩේ විශ්වකර්ම වැඩක්. ඒ හෙලිකොප්ටර්වලට ගිය වියදමත් මම ගෙව්වේ. ඒ ඇරුනම උඩ මලුව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළා”.

    //එතකොට මේක ආණ්ඩුව මුල් වෙලා කරපු වැඩක් නොවේද?//

    මොන පිස්සුද ඩොක්ටර්. මේක සම්පුර්ණයෙන් මම කරපු පිංකමක්.

    //එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සම්බන්ධෙ මොකක්ද?//

    "මේ වැඩේට ගුවන් හමුදා සහාය ලබා ගන්න එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුමැතිය දුන්නා. උඩමළුව ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන උත්සවේ ප්‍රධාන අමුත්තා විධියට සහභාගී වුනේ එතුමා. එදාට මහින්ද සර් එන්න හිටියට එන්න බැරි උනා".

    //එතකොට අර පැරණි ඝන්ඨාරේට උනේ මොකක්ද?//

    “හඃ හඃ, උඩ මළුවේ තිබුනු කිසිම වටිනා දෙයක්, පෞරාණික දෙයක් අපි අයින් කළේ නැහැ. පැරණි ඝන්ඨාරේත් ප්‍රමාණයෙන් පොඩි එකක්. ඒක උඩ මලුවේම නැවත සවි කළා. ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් ඒ ඝන්ඨාරේ තාම තියෙනවා”.

    //එක රත්තරන් ද ?//

    “රත්තරන්වලින් ඝන්ඨාර හදනවද? සද්දේ එනවද? “

    //එහෙනම් කියන්නේ ඒක රත්තරන් ඝන්ඨාරයක්, ගලෝගෙන ගිහින් ඇමරිකාවට විකුණුවා කියලා//.

    “ඒකනේ මම කිව්වේ මුන්ට හෙණ ගහන්න ඕන කියලා”.

    සමනල කන්දට අධිගෘහිතව වැඩ වසන සමන් දෙවියෝ සෝවාන් ඵල ලැබූ උතුමෙකි. උන්වහන්සේ හෙණ ලබා නොදුන්නද මේ කතා පවසන පිරිසට සුදුසු දඬුවමක් ලබා දෙනු නිසැකය.

    චන්න ජයසුමන



    72721472_2541432369514825_2662577950527848448_n.jpg


    73106907_2541432382848157_6700709998978138112_o.jpg


    74465844_2541432496181479_5727053106387091456_n.jpg



    DaB_N1MU8AQ9n6J.jpg
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත්ත වෙනුවට ඇත්ත, 2015 කියපු බොරු ආයෙ ආයෙ කියල බලේ ගන්ඩ ගූ ඇන් පී උස්සහය මේ පාර හරි යන්නෙ නැ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තනිකරම බොරුවෙන් ජීවත් වෙන එවුන් ටිකක් තමා. ඔහොම තමා බන් ළමයි නෑති පණ නෑති එවුන්ට කිසිම හෑගීමක් නෑ. වාචාල කමයි බුද්ධි හීන කමයි තමා උන්ගේ හයිය. එතකොට ඕන බොරුවක් කියන්න ලෑජ්ජාවක් බයක් නෑති වෙනවා. ඔක්කොම බොරු ඉවසන්න පුලුවන්, මෙච්චර සාක්ෂි තියෙද්දිත් මුන් හම්බ රෑල බේරලා ගෝඨාගේ ඈගේ ගහන්න හදනවා පාස්කු මිනීමෑරුම. යකෝ මෑරිච්ච මිනිස්සුන්ගේ නෑයන්ට දරුවන්ට මොනවා හිතෙනවා ඈද්ද තමන්ව තමන්ගේ හෑගීම පාහර යු ඈන් පී කාරයෝ විහිලුවට ගනිද්දි? මුන් වගේ ලොන්ත සෙට් එකකට 2015 චන්දේ දුන්නට අපිට මෙහෙම වෙලා මදි....
     
  • Dec 18, 2013
    535
    98
    28
    මට මතකයි ඒ දවස්වල KCC එකෙත් මේ පින්තුර දාල තිබ්බා......

    සමන් දෙවිහමුදුරුවෝ ඔය බොරුව කියපු ඒව්න්ට සහ උන්ගේ පරම්පරාවටම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. (Rangana26 ඇතුළුව)
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌරු වරිගේ වන්නිය;24870513 said:
    සමන් දෙවිහමුදුරුවෝ ඔය බොරුව කියපු ඒව්න්ට සහ උන්ගේ පරම්පරාවටම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. (Rangana26 ඇතුළුව)


    අපිටත් පරිප්පු කන්න වෙයිද :shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xrGYwHp.png


    සමන්දෙයි හාන්දුරුවනේ....!!
    මේ මුසාවාද දෙසන උන්ට.. ඤාණය පහළ කරදෙන සේක්වා....!!
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    xrGYwHp.png


    සමන්දෙයි හාන්දුරුවනේ....!!
    මේ මුසාවාද දෙසන උන්ට.. ඤාණය පහළ කරදෙන සේක්වා....!!



    සමන්දෙයි හාන්දුරුවනේ....!!
    මේ මුසාවාද දෙසන උන්ට.. ඤාණය පහළ කරදෙන සේක්වා....!!