සිරීපාදේ සහ අපි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරීපාදේ සහ අපි

    sripada-1-copy-750x400.jpg


    ඉස්සෙල්ලම කියන්න ඕන මේක ට්‍රැවල් ගැන විස්තරයක් නම් නෙමෙයි,
    මම පහුගිය දවසක සිරීපාදේ කරුණා කරා, මේ මගේ දහවෙනි වතාව,
    කරුණා කරන අතරතුරේම හිතුන දේවල් ටිකක් ලියන්න බැලුවේ,
    ගොඩක් අය සිරීපාදේ යන්නේ විනෝද ගමනක් විදියට,
    ඒත් අදටත් තුන්සරණ කවි කියාගෙන යන නඩ නැතුව නෙමෙයි,
    අපේ සාක්ෂරතාවය ඉහල මට්ටමක තිබුනට මිනිස්සු කොයිතරම් නැහැදිච්ච නූගත් පිරිසක්ද
    කියලා මට හිතුන වාර අනන්තයි,
    පහල ඉදලම උඩට යනකම් ටොපිකොල, බිස්කට් පැකට් කවර, මුරුක්කු කවර, විවිධ පොලිතින් කවර,
    ප්ලාස්ටික් බෝතල් හැමතැනම විසි කරලා,
    මම කීප තැනක තිබ්බ ඒවා කුණු බාස්කට් වලට දැම්මා,
    මේ තරම් දැනුවත් කරලත් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැති වගේ හැසිරෙන්නනැයි කියලා
    මට තේරෙන්නේ නැහැ,
    හරිම කණගාටුවක් දැනෙනෙවා මේවා දකිද්දි,
    මට රට හදන්න බැහැ, අපේ කට්ටිය ගෙනියපු හැම දෙයක්ම අපි ආපහු ගෙනාවා,
    මට පුළුවන් විදියට අපේ අයව දනුවත් කරා..
    මම මේ ත්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්න ආයේ කිසිම දවසක
    පරිසරයට හානියක් වෙන මේ වගේ දේවල් කරන්න එපා..
    තමන් දන්න කියන හරි දැනුවත් කරලා එක්කෙනෙක් හරි මේ හොද මගට ගන්න..
    එහෙනම් ජයවේවා..

    හැටන් පාරෙන් යන අයට කියන්නේ..
    හැන්දෑවෙ 6-7ටවත් කලින් කරුණා කරන්න පටන් ගන්න..
    සීතගඟුලේ ඉදලා ගෙත්තම්පාන අතර පඩිපෙල් සීග්‍ර නැග්මක් තියෙන්නේ..
    මේ ටික ඇගේ ශක්තිය ඉතුරුකරගෙන හෙමින් නගින්න..
    ඉරසේවේ බලන්නේ නැත්නම් මලුව වැදගෙන පහලට කරුණා කරලා අනිත් අයට අවස්ථාව දෙන්න...
    උඩට යන්න යන්න හැමදේම ගනන්, දෙගුනෙටත් වඩා වැඩී,
    ඕන කරන දේවල් ගෙදරින්ම අරන් යන්න පුළුවන් දේවල්..

    අනිත් කියන්න අමතක වෙච්ච දේ තමයි
    නගිනකොට දකුණු පැත්තෙන් විතරක් උඩට නගින්න
    වම් පැත්තෙන් නගින්න එපා,
    මහන්සියට පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට අනිත් අයට කරදරයක් නොවෙන්න වාඩිවෙන්න,
    සමහර අය එක පෙලට වාඩිවෙලා ඉන්නවා,
    ඒකෙන් නගින බහින දෙගොල්ලොන්ටම අවහිරවෙනවා,
    කඩවල් වල තියෙන බංකුවල නිදාගන්න, නිකම් ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එපා,
    මොකද උනුත් කරන්නේ බිස්නස් එකක්නේ..
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    puluwan tharam mahansi nowee waadi wewee yanna ona.
    anika dan aluth concrete padi pela hari amaruyi godak ayata.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    puluwan tharam mahansi nowee waadi wewee yanna ona.
    anika dan aluth concrete padi pela hari amaruyi godak ayata.


    ඔව් ඒක ඇත්ත..
    පඩි ඒකාකාරී නැහැ, උස පලල වෙනස්, නැග්ම ටිකක් වැඩියි,
    වයසක අයට එහෙම අමාරුයි
    (ඒත් මෙහෙම හරි හදලා තියෙන එකට පිං දෙන්න ඕන,
    හැම සිමෙන්ති කොට්ටයක්ම උස්සගෙන ගියපු ඒවනේ)
    මැදින් දාන යකඩ අත්වැට දිගටම දාන්න පුළුවන් උනා නම් තව ලේසියි..

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    puluwan tharam mahansi nowee waadi wewee yanna ona.
    anika dan aluth concrete padi pela hari amaruyi godak ayata.


    ඔව් මම කලිං පාර කිසිම අවුලක් නැතිව නැග්ගා බැස්සා , පස්සෙ කිසි අවුලක් නෑ ඇගට කිසිම, :yes:
    මේ පාර ගිහිල්ල ඇවිල්ල එපා වුන :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් ඒක ඇත්ත..
    පඩි ඒකාකාරී නැහැ, උස පලල වෙනස්, නැග්ම ටිකක් වැඩියි,
    වයසක අයට එහෙම අමාරුයි
    (ඒත් මෙහෙම හරි හදලා තියෙන එකට පිං දෙන්න ඕන,
    හැම සිමෙන්ති කොට්ටයක්ම උස්සගෙන ගියපු ඒවනේ)
    මැදින් දාන යකඩ අත්වැට දිගටම දාන්න පුළුවන් උනා නම් තව ලේසියි..



    වො, ඒ අත්වැට දැම්මනම් හොදයි, කවුරු හරි කාගෙ හරි ලාවට වැදිලා වැටුනොත් පෙරලීගෙන් යනව ගොඩක් දුරක් :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මිනිස්සුන්ගේ ආකල්ප තමා, ට්‍රේන් වල යද්දි කොච්චර විසි කරනවාද පොලිතීන් , කෑම දාන් ආපුවා,
    උඩරට පාරෙත් එහෙමයි, :eek:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මිනිස්සුන්ගේ ආකල්ප තමා, ට්‍රේන් වල යද්දි කොච්චර විසි කරනවාද පොලිතීන් , කෑම දාන් ආපුවා,
    උඩරට පාරෙත් එහෙමයි, :eek:

    Sirama kathawa :yes:
    rep+



    ඔව් බං..
    අනිත් කියන්න අමතක වෙච්ච දේ තමයි
    නගිනකොට දකුණු පැත්තෙන් විතරක් උඩට නගින්න
    වම් පැත්තෙන් නගින්න එපා,
    මහන්සියට පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට අමිත් අයට කරදරයක් නොවෙන්න වාඩිවෙන්න,
    සමහර අය එක පෙලට වාඩිවෙලා ඉන්නවා,
    ඒකෙන් නගින බහින දෙගොල්ලොන්ටම අවහිරවෙනවා,