සිරුරෙන් පිට අත්දැකීම්...!

Mr.Stranger

Member
Nov 13, 2023
8
10
3
මම තුන හතර වසරෙ වගේ හිටපු කාලෙදි මේ සීන් එක උනේ. එක දවසක් රෑ නින්දෙන් ඉද්දි හීනයක් දැක්ක. පොඩ්ඩක් අමුතු විදියෙ එකක්. මන් නිදාගෙන හිටපු කාමරේම ඉන්න ගමන් ටිකෙන් ටික පාවෙලා උඩට යනව වගේ දෙයක් එවෙලෙ ෆීල් උනේ. මන් හිටපු කාමරේ බිත්තියෙ හැමවෙලාවෙම පත්තු කරල තියෙන පොඩි කහ පාට බල්බ් එකක් තියෙනව. ඒක නිසා කරුවල උනත් මට වටාපිටාව හොදට පෙනුන. ම්න් පාවෙන ගමන් කකුල් දෙක නමාගෙන අත් දෙකෙන් කකුල් අල්ලගෙන ගුලි වෙලා වගේ හිටියෙ. ඒ වෙලාවෙ සිවිලිං ෆෑන් එකත් කැරගෙන ගමන් තිබ්බෙ. ම්න් ඊට එහා පැත්තෙන් සිවිලිමේ වැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි පහල ඇදේ මම නිදන් ඉන්නව දැක්ක.😮 ඒක දැක්ක ගමන් ටික්ක් විතර වේගෙන් ම්න් පහලට ඇදිල ගිහින් ඇහැරුනා. ඇහැරිලා බලන කොට මගේ වටේ පිටේ පරිසරය ඒ විදියමයි. (අර පොඩි බල්බ් එකෙන් කාමරේ බඩු මුට්ටු එලිය වෙලා තිබ්බ විදිය) ඇත්තටම ඒ හීනෙ ගොඩක් රියල් කියල ෆීල් උනේ. හීනයක් කොහොමත් රියල් විදියට තමා ෆීල් වෙන්නෙ 😅ඒත් ම්න් ඇහැරුනාටත් පස්සෙ ඒ ෆීලින් එක ආව. ඒක නිසා අදටත් ඒ සීන් එක මතකයි.

මේ පාර විතරක් නෙවේ මට තව දවසක් මේ සිද්දියම වෙලා තියෙනව. හැබැයි හය වසරෙන් වගේ පස්සෙ කවදාවත් ඔය වගේ සීන් උනේ නෑ. ඔය සිද්දි වෙලා ටික කාලෙකට පස්සෙ ම්න් පත්තරයක් කියවද්දි ඒකෙ ආටිකල් එකක දැක්ක මේ වගේ දේවල් වෙනව එහෙම උනාම තමන්ගෙ සිරුර එක තැන තියෙද්දි ලෝකෙ ඕන තැනක සැරිසරන්න පුලුවන් හැබෙයි සිරුරයි ආත්මෙයි රිදී නූලක් වගේ දේකින් සම්බන්ද වෙලා තියෙන කතාවක්. ඒක දැක්කට පස්සෙ තමා මේක සිරුරෙන් ආත්මෙ මිදුනු අවස්තාවක් වගේ අදහස් මගේ ඔලුවට ආවෙ ඊට කලින් කිසිම අයිඩියා එකක් මේ ගැන තිබ්බෙ නෑ .ඊට පස්සෙ යාලුවොන්ට එහෙමත් ම්න් මේක ගැන කිව්වම ඒගොල්ලො ගනන් ගත්තෙ නෑ ම්න් ඉතින් ඊට පස්සෙ සද්ද නැතුව හිටිය.කාලෙකට පස්සෙ මේක ගැන හොයන්න ඕනි කියල හිතුන.මට දැනගන්න ඕනි ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද,🙄 මේව ගැන තියෙන අදහස මොකක්ද?
 

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් ඔහොම දැනිල තියනව ජොයින්ට් එකක් ගහල නිදාගන්න ගියාම
    මම විතරක් නෙවෙ, ඇදත් මාත් එක්කම උඩ යනව වගෙ


    උබට ශුවර් ද හීනයක් කියල
    මගෙ යාලුවෙක්ට ඔහොම උනා,
    පෙරෙත බලපැමක්
     

    Mr.Stranger

    Member
    Nov 13, 2023
    8
    10
    3
    මටත් ඔහොම දැනිල තියනව ජොයින්ට් එකක් ගහල නිදාගන්න ගියාම
    මම විතරක් නෙවෙ, ඇදත් මාත් එක්කම උඩ යනව වගෙ


    උබට ශුවර් ද හීනයක් කියල
    මගෙ යාලුවෙක්ට ඔහොම උනා,
    පෙරෙත බලපැමක්
    හීනයක් කියල හිතුවට ෆීලින් එක පට්ටම රියල් තව පාරක් ඕක උනු වෙලේ ම්න් වෙන කාමරේ ක හිටියෙ මදුරු දැලකුත් දාගෙන.හැබෙයි පට්ට කරුවලයි.ම්න් කරුවලේ මාන් ඉන්නවද හෙව්ව මතකයි.

    පෙරේත සීන් කියන්නෙ ඇයි මමමයි ම්න් දිහා බලන් හිටියෙ
     
    • Haha
    • Like
    Reactions: Lovtus and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඕවගේ දේවල්මටත් දැනිලා තියනවා බන්.

    මේ සිද්දිය වෙන කේස් එකක්. මේකට ටිකක් අදාලත් නෑ. මම ඉස්කෝලේ 3 විතර ඉද්දි පරිසරය පාඩමට පැලයක් හිටවන්න තිබුනා. ඒ කාලේ ප්ලාස්ටික් පොච්චිත් නැති නිසා ඉස්සර තිබ්බ හතරැස් බෙලෙක් ටින් එහෙක ඒ පැලය හිටවලා නිදා ගත්තා. රෑ නිදාගෙන ඉද්දි මම හීනෙන් දැක්කා ඒ පැලේ උඩට පොල් ගෙඩීයක් වැටිලා කැඩෙනවා. උදේ ඇහැරිලා බලද්දි ඇත්තටම පොල් ගෙඩියකුයි, අත්තකුයි පැලේ උඩට වැඩීලා පැළයයි, ටින් එකයි චකබ්ලාස්ට් වෙලා. :sorry: සමහර දේවල් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අමාරුයි
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Tired Good Night GIF by Hello All
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය වගේම සීන් මටත් වෙලා තියෙනවා පොඩි කාලේ ලොකු වෙද්දි හැබැයි ඔය එකක්වත් වුනේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උබ
    මටත් ඔහොම දැනිල තියනව ජොයින්ට් එකක් ගහල නිදාගන්න ගියාම
    මම විතරක් නෙවෙ, ඇදත් මාත් එක්කම උඩ යනව වගෙ


    උබට ශුවර් ද හීනයක් කියල
    මගෙ යාලුවෙක්ට ඔහොම උනා,
    පෙරෙත බලපැමක්
    උබට නම් කලුවා ගහලා තියෙන්නේ බන්, DMT පාරක් දාපන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මටත් ඔහොම දැනිල තියනව ජොයින්ට් එකක් ගහල නිදාගන්න ගියාම
    මම විතරක් නෙවෙ, ඇදත් මාත් එක්කම උඩ යනව වගෙ


    උබට ශුවර් ද හීනයක් කියල
    මගෙ යාලුවෙක්ට ඔහොම උනා,
    පෙරෙත බලපැමක්
    Drunk Tim Heidecker GIF by Tim and Eric
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    ඇගෙන් එලියට ගිහිං ආතල් එකේ සැරි සර සර ඉද්දි රිදී නූල කැඩුනොත් අප්පට හිකෙනවනෙ?
    ganu nana diha balannath puluwan. atha gaannath puluwn man nam bale kapa gnnw
     
    • Like
    Reactions: NRTG

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    podi kale kataragama gihin innakota un deyak.
    api okkoma eka hall ekaka nidagena hitiye, hall eke lights dala tibbe.

    mata eka paratama aharuna, aharuna gaman dakke mama mavama uda indan balan innawa,
    Sirawatama eyes walin balan innawa wage mavama dakka uda indan, Red tshirt and short adan hitiye.

    ita passe eka paratama mama X design ekata karekanawa danuna, next ekata paratama mama dakke "wahala"
    Me okkotama 5 seconds wage yanna athi.

    thama hodata mathakai seen eka.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    පෙරේදා ඇබ්සලූට් මැන්ගෝ අඩයයි සිට්‍රොක් අඩයයි සේරම මික්ස් කරලා ගහලා ජොයින්ට් වේප් එකත් ගහලා බියර් කෑන් එකෙනුත් බාගයක් වගේ ගහලා, සිගරටුත් ගහද්දී වාඩිවෙලා ඉන්න පුටුවත් එක්ක උඩයනව තේරුනා. නිකන් ලිෆ්ට් එකක යද්දි දැනෙනවා වගේ. උඩ යනවා, පස්සට ඇදෙනවා අම්මෝ... 🥴