සිරුර දරකඩක් වැනිය
ඌරුගමුවේ අස්සජි හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙත විඤ්ඤාණො
නිරත්ථං’ ව කලිංගරං
සැදැහැවත්නි,
මාතෘකා කරගත් ඉහත ගාථා ධර්මය සඳහන්ව ඇත්තේ ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි ය. එහි සාමාන්‍ය අර්ථය නම් “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය” යනුයි.
බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කොට වදාළේ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අරභයාය. ධම්මපදට්ඨ කථාවෙහි එන එහි නිධාන කතාව සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියෝ ඉතා සිත්ගන්නාසුළු බස් වහරකින් ඉදිරිපත් කරති. ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එම කතා පුවත දැක්වීමෙහි පරමාර්ථය ලෙස සඳහන් කොටස සරල සිංහලෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය.
“ජීවිතය විදුලි රේඛාවක් මෙන් බොහෝ කල් නො පවත්නා ආකාරය ද ගිණිය නොහැකි තරම් විශාල අවුරුදු සංඛ්‍යාවක් ජීවත්වුවත් ජල බිංදුවක් සේ ඉක්මනින්ම නැති වී යන ආකාරය ද තණ කොළයේ කෙළවර ඇති පිනි බින්දුවක් සේ ආයුෂ අවසානවීමේ දී නැති වී යන ආකාරය ද ජලයෙහි ඇඳි ඉරක් සේ මැකී යන ආකාරය ද දක්වන්නා වු අපි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරමු”.