සිලිකන් පරිපථයෙන් ඔබ්බට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිලිකන් පරිපථයෙන් ඔබ්බට

    සිලිකන් පරිපථයෙන් ඔබ්බට පරිගණක ලොව ගෙනයන නැනෝෆොටොනික්ස් තාක්ශණය

    chips-inline-660x439.jpg


    නැනෝෆොටොනික්ස් යනු නැනෝ පරාසයේ, එනම් මීටරයකින් 1 / 1,000,000,000ක ප්‍රමාණයේ ක්ශුද්‍ර පරිපථ තුල ආලෝකය හැසිරෙන ආකාරය විස්තර කරන විද්‍යාවයි. දැන් අයි.බී.ම්, ඉන්ටෙල් වැනි අධිතාක්ශණික සමාගම් මෙම තාක්ශණය වැඩි දියුණු කරමින් සිටින්නේ නුදුරු අනාගතයේදී මෙම සමාගම්වල ප්‍රධාන නිශ්පාදනය වන සිලිකන් පරිපථ හා ඒ මත බිහිවන පරිගණක ක්ශුද්‍රකරණයේ (miniaturization) උපරිම සීමාවට එනම් නැනෝමීටර් 7 සීමාවට වේගයෙන් ලඟාවෙමින් සිටීම නිසයි.

    ක්ශුද්‍රපරිපථ නිර්මාණය කලදා සිට ඉන්ටෙල්, අයිබීඑම් හා වෙනත් පරිගණක සමාගම් සිය සිලිකන් පරිපථ ක්‍රමාණුකූලව ක්ශුද්‍රකරමින් හැකිතාක් ට්‍රාන්සිස්ටර් හා වෙනත් ඉලෙක්ට්‍රොණික පරිපථ මෙම කුඩා සිලිකන් පෙතිවල අසුරමින් සිය ක්ශුද්‍රපරිපථවල ධාරිතාවය වැඩිකරමින් සිටියා. ඔවුන් නිර්මාණය කල සිලිකන් චිපයන්ගේ ඉලෙක්ට්‍රොණික සංඥා ගෙනයන පරිපථ කෙමෙන් කුඩාවෙමින් තිබූ අතර දැන් එය නැනෝමීටර් 22 තරම් කුඩාවෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස Intel Core i7 මයික්‍රෝචිපය නිර්මාණය කොට ඇති SandyBridge Microarchitecture ක්ශුද්‍රපරිපථ තාක්ශණය නැනෝමීටර් 22 ප්‍රමාණයේ සිලිකන් පරිපථ වනවා.

    මෙම පරිපථවල ප්‍රමාණය හා විදුලිය පාරිභෝජනය අවමයේ තබාගන්නා ගමන් ඒවායේ ගණන බලය (processing power) වැඩිකිරීමට නම් තවතවත් ට්‍රාන්සිස්ටර් මෙම පරිපථ තුලට ඇතුලු කලයුතු වනවා. එනම් එම ට්‍රාන්සිස්ටර් හා ඒවාවෙත දත්ත ගෙනයන පරිපථ තවත් කුඩාකල යුතුවනවා. සිලිකන් පරිපථ තාක්ශණයේ විශේෂඥයින් පවසන්නේ මෙම කුඩා කිරීමේ සීමාව නැනෝමීටර් 7 පමණවන විට අවසන්වන බවයි. ඊට වඩා පරිපථ කුඩාකල හොත් ඒවායේ ක්‍රියාකාරිත්වය අහඹුවනබව (unpredictable) ඔවුන් පවසනවා.

    මෙම ගැටලුවට විවිධාකාරයෙන් විසඳුම් යෝජනාවී ඇති අතර අයි.බී.එම්, ඉන්ටෙල් වැනි සමාගම් මේ සඳහා නැනෝෆොටොනික්ස් තාක්ශණය ආධාරයෙන් සිලිකන් නැනෝ ෆොටොනික්ස් හෙවත් සිලිකන් පරිපථ මත ඉතාක්ශුද්‍ර නැනෝ මීටර් පරිමාවේ ආලෝකය ගෙනයා හැකි පරිපථ නිර්මාණය කරමින් සිටිනවා.


    figure3d_final_web.jpg

    Cross-sectional view of an IBM Silicon Nanophotonics chip combining optical and electrical circuits


    මෙම පර්යේෂකයින් පවසන ආකාරයට ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදුලි පරිපථ වෙනුවට ලේසර් වැනි ආලෝක ධාරාවකට නැනෝමීටර් 7ට වඩා කුඩා පරිපථවල ගමන් කරමින් නිරවද්‍යතාවයකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකියි. තනිකරම ආලෝකයෙන් ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටර් හා වෙනත් ඉලෙක්ට්‍රොණික පරිපථ තැනිය හැකි තාක්ශණය දැනට බිහිවී ඇතත් ඉන්ටෙල්, අයිබීඑම් වැනි සමාගම සිලිකන් පරිපථ නිර්මාණය හා නිශ්පාදනය සඳහා ආයෝජනය කොට ඇති ඩොලර් බිලියන් සියගණන මෙවැනි තාක්ශණයකට පරිවර්තනය වීමේදී අපතේ යනවා. එබැවි එම සමාගම් ඔවුන්ගේ සිලිකන් තාක්ශණය හා බද්ධව ක්‍රියාකල හැකි silicon nanophotonics තාක්ශණය කෙරෙහි විශ්වාසය තබමින් සිටිනවා.

    angled_mod_web.jpg

    View of a portion of an IBM chip showing blue optical waveguides transmitting high-speed optical signals and yellow copper wires carrying high-speed electrical signals. IBM Silicon Nanophotonics technology is capable of integrating optical and electrical circuits side-by-side on the same chip.



    ලැබෙන වාර්තා අනුව අයි.බී.එම් සමාගම පමණක් ඉදිරි වසර 5 තුලදී නැනෝ ෆොටොනික්ස් තාක්ශණය දියුණු කිරීමට ඩොලර් බිලියන 3ක මුදලක් වෙන්කොට තිබෙනවා. අයි.බී.එම් පරිගණක විද්‍යාඥයින් දැනටමත් එකම සිලිකන් චිපයක් මත ආලෝකයෙන් ක්‍රියාත්මක වන පරිපථ හා විදුලි පරිපථ එකට බද්ධකොට සුමටව ක්‍රියාත්මක වන තාක්ශණයක් ලෙස වඩි දියුණු කොට තිබෙනවා.




    මම ගත්තේ මෙතනින්
    Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/07/blog-post_10.html



    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:););)
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ක්ශුද්‍රපරිපථ තාක්ශණය නැනෝමීටර් 22 ප්‍රමාණයේ සිලිකන් පරිපථ වනවා'
    මේ ඇත්තටම කියන්නේ මුලු circuit එකේම size eka නෙමෙයි... CMOS gate එකේ size එක... දැනට තියෙන ක්‍රම වලින් (photo lithography techniques) ඊට පොඩි ඒවාට යන්න බෑ...

    "ලේසර් වැනි ආලෝක ධාරාවකට නැනෝමීටර් 7ට වඩා කුඩා පරිපථවල ගමන් කරමින් නිරවද්‍යතාවයකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකියි"

    මෙතන වෙන්නේ ආලෝකය ගමන් කිරීම නෙමෙයි... ආලෝකය එකේ තරංග ආයමයෙන් බාගෙකට අඩු ඉදින් යන්න බෑ විවර්තනය නිසා. ඒ කියන්නේ සාමන්යෙන් 250 නැනෝමීටර් වගේ.... මෙතැනදී වෙන්නේ ආලෝකයෙන් ධාරා වාහක ගමන් කරවීමක්... (ඉලෙක්ට්‍රෝන වගේ)
     
    • Like
    Reactions: IDG