සිවුරට කළ ලෝභකම විපාක දීම.
තිස්ස නම් භික්ෂු කෙනෙකූගේ කථා වස්තුව.
සැවැත් නුවර විසූ තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වස් කාලයේ ඈතින් පිහිටි වෙහෙරක වස් විසීම සඳහා වැඩම කළා. බොහෝ දෙනා උන් වහන්සේට උපස්ථාන කළා. උන් වහන්සේ කෙරෙහි පැහැදුණු ඔවුන් ශ්‍රද්ධාවෙන් හා නුවණින් වැඩී ගියා. වස් අවසානයේ සිවුරු සඳහා අට රියන් රෙද්දක් උන් වහන්සේට පිදුවා. වස් කාලය අවසානයේ උන් වහන්සේ නැවත සැවැත් නුවරට වැඩම කර, ඒ වස්ත්‍රය පරිස්සම් කර තැබීම සඳහා තම නැගණියට දුන්නා. ඒ වස්ත්‍රය ඉතා රළු වූ හෙයින් නැගණිය එය තම සොහොයුරාණන් වහන්සේට නුසුදුසු යැයි සිතා, තෙරුන් වහන්සේගේ අවසරයක් නොලැබ ඒ
රෙදිකඩ ලිහා එය අමුතුවෙන් වියා සියුම් වූ නව රියන් දිග වස්ත්‍රයක් තැනුවා.
තිස්ස තෙරුන් සිවුරක් මැසීමට සූදානම් කර නිවසට වැඩමවා එම වස්ත්‍රය ගෙන යන්නට ආ බව නැගණියට කීවා. නැගණිය නව රියන් වස්ත්‍රය වහා ගෙනැවිත් දුන්නා. තෙරුන් වහන්සේ එය බලා මෙය සියුම්ය. නව රියනකි. මා හට ඔබගේ වස්ත්‍රයක් අවශ්‍ය නැත. මා දුන් වස්ත්‍රය ගෙනෙන්න" යැයි පැවසුවා. එවිට නැඟණිය ඒ රෙදිකඩ ලිහා සියුම්ව නව රියනකින් යුතු වස්ත්‍රයක් තැනූ බව පැවසුවා. ඉන් මහත් සතුටට පත් තෙරුන් එම වස්ත්‍රය වෙහෙරට ගෙන ගොස් තවත් තෙරුන් වහන්සේ නමකගේ සහාය ඇතිව සිවුරක් මසා නිම කළා. ඒ සිවුර බලා ලෝභ සිතක් ඇති කර ගත්තා. මේ සිවුර මනාය. පසුව හඳින්නෙමි' යි සිතා එය නවා තැන්පත් කර තැබුවා.
පසුව තිස්ස තෙරුන් වහස්සේ මිය ගොස් ඒ සිවුරේ හිණිකුණ කුව (පරණ වූ රෙදි වල සිටින සතෙකි.) උපන්නා. සිවුරට තිබූ ලෝභකම නිසා එසේ උප්පත්තිය ලැබුවා. ඒ හිණි කුණා හත් දවසකින් මිය ගොස් තුසිත දෙව් ලොව උපන්නා. " යකඩින් නැගෙන මලකඩ ඒ යකඩයම කා දමන්නා සේ සිව්පසය කෙරෙහි සිහියෙන් තොරව වෙසෙන මහණුන් තමා කළ අකුසලයන් දුගතියට පමුණුවයි" යැයි බුදුන් වහන්සේ වදාළා.
ධම්මපදය ..
තෙරුවන් සරණයි ..!