සිසුවිය දුන්න ඇට කෑ සිසුන් 07ක් රෝහලේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    3e1BCjq.png


    දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

    අත්තන ඇට කෑමෙන් පසු ශරීරයට විෂ වූ පිරිමි ළමයින් සිව් දෙනකු සහ ගැහැනු ළමයින් තිදෙනකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.

    ඊයේ (5) උදෑසන 9 ශ්‍රේණියේ සිසුවියක අත්තන ඇට පාසලට ගෙනවිත් ඇය යහළුවන්ට කෑම සඳහා එම ඇට දී ඇති අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

    මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුහු හත්දෙනකි.

     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Colombia වෙ මේ අත්තන වගෙම identical ශාකයක් තියනවා scopolamine කියල. මෙකෙ ගෙඩි යමෙකුට කන්න දුන්නොත් පැය ගානක් යනකන් අදාල පුද්ගලය වෙන කෙනෙක් කියන ඕනැම දෙයකට අවනත වෙනවා කියල පිළිගැනීමක් තියනවා. මෙව කැමට දාල දීල මිනිස්සුන්ගෙ Bank card, , PIN ඉල්ලගෙන සල්ලි ගත්ත කතා හරියට තියනවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    Colombia වෙ මේ අත්තන වගෙම identical ශාකයක් තියනවා scopolamine කියල. මෙකෙ ගෙඩි යමෙකුට කන්න දුන්නොත් පැය ගානක් යනකන් අදාල පුද්ගලය වෙන කෙනෙක් කියන ඕනැම දෙයකට අවනත වෙනවා කියල පිළිගැනීමක් තියනවා. මෙව කැමට දාල දීල මිනිස්සුන්ගෙ Bank card, , PIN ඉල්ලගෙන සල්ලි ගත්ත කතා හරියට තියනවා.
    අපේ රටේ උන් ඔක්කොටම චන්ද කාලේදී ඔව්වා ඉබේම කැවෙනවද කොහෙද. එකනේ කොච්චර පොකට් එකට ඇරියත් දුවලා ගිහින් කතිරේ ගහලා එන්නේ :p
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    පතොක් පාලම කියල ටෙලිනාට්‍යක් තියෙනව ඒකේ ඵකෙක් ඔය අත්තන අැට උයන කෑම ඵකකට දාන්න හදනවා උගේ මාමගේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික උස්සන්න..ඒක ඒ ගෙදර මාමගේ දුව දැකල කෑගහන්න හදන නිසා උෟ ඒ කෙල්ලවයි ගෙදර ඉන්න කෙල්ලගේ අම්මවයි මරණවා.ඒ කෙල්ලගේ තාත්තා වැඩ කරන්නේ පිට පලාතක නිසා ගෙදර හිටියේ ඒ දෙන්න විතරයි.ඊට පස්සේ අරූ ඒ මිනී දෙකම වත්තෙම වලක් කපල වළලනවා.අහල පහල උන් දවස් 2-3ක් ගෙවල් පැත්තේ සද්දයක් නැති නිසා බලල පොලිසියට කියනව.මනුස්සයටත් කෝල් කරල කියනව ගෙදර හිටපු අය අතුරුදහන් කියලා...ඒ ගෙදර මනුස්සසයට ජොබ් ඵකත් ඵපා වෙල අැවිත් ගෙදරට වෙලා ඉන්නවා ගෑණියි දුවයි ගැන හිත හිත දුක් වෙවී..ඵහෙම කාලයක් නිකන් ඉන්න කොට කල්පනා කර කරම ඉන්න නිසා වත්තේ වැඩ කරන්න පටන් ගන්නවා..දවසක් කෙහෙල් පැලයක් හිටවන්න වළක් කපනකොට අරූ වල දාපු තැනම වල හාරන්න ගිහින් අර මළ මිණී දෙකෙන් ඵකක අතක් දැකලා මර හඬ දෙනවා බුදු අම්බෝ කියලා..ඕක අැත්තටම වුන සිද්ධියක් ලු කොහෙද පලාතක..

    ❌දැන් ඉතිං මේක බලලා ඕවා ට්‍රයි කරන්න යන්න ඵපා මෝඩයෝ වගේ..❌
     
    Last edited: