සිහිනය -2

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සිහිනය -2

සිටියේය ඔහු
පණ අදිමින්
එකම ඇඳ බෙදා ගනිමින්
වාට්ටුවේ
ඔව්...
ඔහු ඇමැතිවරයෙක්ය

පෙනඩෝල් පෙත්තක්
ගන්නටම පෝලිමේ
සිටියේය ඔහු
ඩිස්පෙන්සෙරියේ
ඔව්..
ඔහු ඇමැතිවරයෙක්මය

සැත්කමක් කරන්නට
සිදුවුවද ලිස්ට් එකේ
හිටියා වසර ගණනක්
මිය යන තුරුම
ඔව්...
ඔහු ඇමැතිවරයෙක්මය

-මාලන් විදානපතිරණ