සිහින ඉදිරියේ විනාශවූ තරුණියන් පස්දෙනා
ජනප්‍රියත්වය, කීර්තිනාමය, පිළිගැනීම සහ මුදල් යන කරුණු මූලික කරගැනීමෙන් ලොව ජීවත් වීමට සිතනා පිරිස බොහෝය. තම වෘත්තිය කුමක් වුවද කුමන අරමුණකින් නියැළෙන්නේද යන්න ඔබ තීරණය කළ යුතුය අතර, මෙවන් වූ පුහු කාරණා මත ජීවත්වීමේදී ඇතිවන විනාශය ළඟා වන්නේ නොදැනුවත්මය.
මෙවන් වූ වාතාවරණයක් තුළ ඉන්දියාවේ පසුගිය මාසයේ එළිදැක්වූ චිත්‍රපටයක් වන Calendar Girl මුළු මහත් සමාජයටම ආදර්ශයක වූ බව ඇතැම්හු අදහස් දක්වති.
නිරූපණ ක්ෂේත්රයේ ජනප්රිත්වය වෙනුවෙන් තම තමන්ගේ ගරුත්වය නොදැනුවත්වම පාවා දෙනු ලැබූ යුවතියන් පස්දෙනෙකු වටා ගෙතුණු මෙම සිනමාපටය මුළු ලෝකයටම ආදර්ශයක් විය.
මෙම යුවතියන් පස්දෙනා නිරූපණ ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ එක්තරා සමාගමක් විසින් එළිදැක්වීමට නියමිත දින දර්ශනයේ ඡායාරූප සඳහාය. මෙහිදී මෙම නිරූපණ ශිල්පීන්ට එකිනෙකාට ආවේණික වූ බලාපොරොත්තු කිහිපයක් ඇත.
පරෝමා ගෝෂ් යනු මෙම චිත්‍රපටයේ එන එක් කාන්තා චරිතයකි. ඇයට උවමනා වන්නේ තමාගේ අභිමතය පරිදි ලොව ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීම සහ ඔවුන් සමග තාවකාලිකව ජීවත් වීමයි.
නස්නීන් මලික් නම් වූ අනෙක් කාන්තාව පාකිස්තානයේ සිට මේ සඳහා සහභාගී වන්නියකි. ඇයට උවමනා වන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් ජනප්‍රිය වීමටයි. නමුත් ඇගේ වැරදි ක්‍රියාකාරකම් නිසා රටින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
නන්දිතා මෙනන් නම් වූ තෙවැනි කාන්තාවට අවශ්‍ය වන්නේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් ඇසුරු කිරීමටයි. ඇය ඒ වෙනුවෙන් තම ආත්ම ගෞරවය පවා විකිණීමට සූදානම්ය.
ශැරොන් පින්ටු නම් වූ සිව්වැනි කාන්තාවට අවශ්‍ය වන්නේ ලෝකයේ සරාගීම යුවතිය වීමටයි. මයුරි චොහාන් නම් වූ පස්වන කාන්තාවට අවශ්‍ය මූලික කරුණු තුනකි. වැඩියෙන් සල්ලි, ජනප්‍රියත්වයෙන් ඉහළ තරු ඇසුරු කිරීම සහ විත්රපටවල රංගනයෙන් දායක වීමයි.
මෙම චිත්‍රපටය අධ්යක්ෂණ කරනු ලබන්නේ මාධූර් බන්ධාකර් විසිනි. තරුණ ජීවිත විනාශයෙන් ගලවා ගැනීමට මගපෙන්වීමක් වශයෙන් මෙවැනි සිනමාපට යොදාගත යුතු බවට චිත්‍රපට විචාරකයෝ පවසති. ඔවුන් විසින් මෙම චිත්‍රපටය සඳහා ධනාත්මක පිළිතුරු ලබා දී තිබේ. තම තමන්ගේ සිහින වෙනුවෙන් තරුණියන්ගේ ජීවිත ගැන කතාකරනා මෙවැනි චිත්‍රපට ලොවට ආදර්ශයක් වූ බවද විදෙස් මාධ්‍යයේ සඳහන් වෙයි.