සිහියෙන්ද TV බලන්නේ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
සිහියෙන්ද TV බලන්නේ?

සිහියෙන්ද TV බලන්නේ?​

attachment.php


සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල් අටවනවා, කෙනෙක් ඒවාට අහු වෙනා, කපටිකම් කරනවා, අනුන්ගේ පවුල් ගිනි තියනවා වගේ දේවල් තමයි. දිනක් එක නාට්‍ය ජවනිකාවක ජවනිකාවක තරුණ පිරිස් වෙනුවෙන් සංවිධානය වුන සාදයකදී විනෝද වීමට හා අත්දැකීම් ,ලබා ගැනීමට කියා මත්ද්‍රව්‍ය හා මත් පෙති පානය කරන දර්ශනයක් සමාධි දැක්කා . ඒ අතරේ තමන්ගේ පෙම්වතා රිදවන්න කියල තවත් පිරිමි මිතුරෙකු හා කුළුපග වෙන දර්ශනත් තිබුණා .

සමාධිගේ හොදම යෙහෙළියගේ උපන්දින සාදයත් ලගදීම පැවැත්වෙන නිසා එදාට අලුත් අත්දැකීමක් ලබා ගන්න සමාධී හිතාගත්තා. යෙහෙලියත් එක්ක විස්තරේ කියපු සමාධි උපන්දිනය දවසේ උදේ හදිසියේම එයාගේ පෙම්වතාටත් ආරාධනා කරේ යෙහෙලියගේත් අනුදැනුම පිට. පෙම්වතා එක්ක අමනාපෙන් ඉන්න නිසා ඔහුටත් හොද පාඩමක් උගන්වන්න සමාධි හිතාගත්තේ එදා ටීවී එකේ දැකපු ඒවත් මතක් කරගෙන.

සමධිට මොකද උනේ??

අපි ගොඩක් දේවල් අපේ ජිවිත වලට ගන්නේ සමාජයේ කොහෙන් හරි දැකල තියෙන අහල තියෙන දේවල්. ටීවී එකේ දකින දේවල් කරලා බලන්න හිතෙන්නේ ඒවගෙන් අලුත් දෙයක් ජීවිතේට එකතු වෙයි කියල හිතාගෙන. හරි ඒවගේ හරි වැරැද්ද දකින්න පෙලබෙන්න බොහොම අඩුවෙන්. සමහර වෙලාවට කරපු දේක බරපතලකම තේරෙන්නේ ඒවගේ ප්‍රථිපල එනකොට. ටීවී එකේ තියෙන නාට්‍යක වගේ අපේ ජිවිත වලට පිටපතක් නැති නිසා අපි කරපු දේවල් වල ප්‍රථිපල එනකොට සමහර වෙලාවට හදන්න බැරි තරම් අපිට ජිවිතේ වැරදිලා තියෙන්න පුළුවන්.

ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනි නිවදරී විදිහට මාධ්‍ය භාවිතා කරන්න. ඒ කියන්නේ ට්ව එකේ පෙන්වන දර්ශන වලින් අපේ ජිවිත වලගන්න පුළුවන් දේවල් මොනාද, අපිව අමාරුවේ දල අපෙන් වාසි ගන්න හදන දේවල් මොනාද කියල සිහියෙන් දකින්න පුරුදු වෙන්න ඕනි. මෙතැනදී මත්ද්‍රව්‍ය හා මත් පෙති පානය ගැන බලමු. දැනට ලංකාවේ මත්ද්‍රව්‍ය හා මත් පෙති පානය කරන කාන්තාවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ දේවල් වලින් ඔවුන්ව පෙළබිමට ලක් කලාම ඒවා හදන සමාගම් වල අදායම දෙගුණ තෙගුණ වෙනවා.

මත්ද්‍රව්‍ය, සිගරට් හා මත් පෙති පමණක් නෙමෙයි තවත් නොයෙක් අනවශ්‍ය විෂම දේවල් වලටත් මේ ආකාරයටම ඔබව අල්ලා ගැනීමට සදහා ඔබ වෙත විශේෂයෙන් නොයෙක් දේවල් ඉදිරිපත් කරනවා. මිට පස්සේ රුපවාහිනී නාලිකා බලනකොට නිතර සිහියෙන් ඉන්න. ම්හිතල බලන්න මේ දකින දේවල් කගේ හරි උවමනාවකට අපට උගන්වන්න හදන ඒවාද කියල. මේ වගේ උගුල් වලට හසු නොවී තර්කනුකුලව හිතල බලන්න ඔබත් උත්සහ කරන්න.



source http://thewoman.lk/watch-tv/
 

Attachments

  • download-34.jpg
    download-34.jpg
    16.6 KB · Views: 90